ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං ගාථාවෙන්” පටන් ගත්තා. “රාධ, රූපයේ යම් ඡන්දයක්, යම් රාගයක්, යම් නන්දියෙක්, යම් තෘෂ්ණාවෙක්, තෘෂ්ණා දිට්ඨි උපයයන්, දැඩි කොට ගන්නා අකුසල චිත්තයට, අධිට්ඨාන වූ, අභිනිවේස වූ, අනුසය වූ යම් ධර්ම කෙනෙක් වෙත් ද, එහි ඇලුණේ, එහෙයින් සත්වයායි කියනු ලැබේ.” මේ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ.
වේදනාවේ අභිනිවේසය සහ විඤ්ඤාණයේ අභිනිවේසය සිහි කළා. 25/09/2020 භාවනාවෙදි සාකච්ඡා කළා, වේදනාවේ අභිනිවේසය වන්නේ චේතනාව සමඟ යම් දහමක් පැවැත්වීම සහ එය පරාමාසගත කිරීම යන්නයි. මේ නිසා පරාමාසයේ යම් වැඩිදියුණු වීමක් ඇති ද, එයයි. මෙසේ පරාමාස කන්ද ගොඩ නැගේ. සුඛ යැයි වරදවා වටහා ගනී.
විඤ්ඤාණයේ අභිනිවේසය ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි 18/09/2020 භාවනාවෙදි සාකච්ඡා කළා. ආනෙඤ්ජ සප්පාය සූත්‍ර diagram slide 5, ඒකේ පෙන්නනවා අභිනිවේසය ද, අවිද්‍යාව ද, මෝහය ද, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය ඇතුළට ඇදී එනවා කියලා. ඉදංසච්චයට ඇදුණු ධර්මයෝ පපඤ්චයන් විසින් වැඩිදියුණු කරනු ලබයි. මෙසේ සංස්කාර නිත්‍යයි බැසගෙන, ඉදංසච්ච කන්ද ගොඩ නැගේ.
පරාමාස කන්ද නැති කිරීමට, 15/05/2015 ආශ්චර්ය අද්භූත ධර්මයේ line 2, 3, 4 කැපිය යුතුයි යනුවෙන් සාකච්ඡා කළා.
එතකොට මේ කරුණ තවදුරටත් විමසා බැලුවා. අපි දන්නවා ඔය line 2 එක තියෙන්නේ පරාමාස භය අගති අර curve එකට දාලා තියෙනවා. එතන 2 කියලා චිත්තය. පරාමාස වේදනා ළඟ 2 කියලා ආපහු චිත්තය. ස්පර්ශ ආහාරයයි වේදනාවයි අතර 2 කියලා දාලා තියෙනවා චිත්තයට. 3 මනොසඤ්‌චෙතනාවේ ඉඳන් අර ජීවිත ඉන්ද්‍රිය තියෙන තැනට විරිය. 4 ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසකායගන්ථයට විමංසාව.
පරාමාසයට යම් දහමක් ඇතුළු වන්නේ ද, එහි නතර වීම ඉද්ධිපාදයන් මගින් සිදු කරන අතර, පෙර යම් දහමක් ඇතුල් වී ඇති ද, එය ඉවත් කිරීම ද සිදු කරනු ලබයි. කුමක් නිසා ද? උතුම් වූ චතුරාර්ය සත්‍ය ම සම්මා සමාධිය විසින් සමාදන් කරන නිසා ය.
මෙසේ ඉද්ධිපාදයන්ගෙන් සමන්නාගත වන්නේ, ඉදංසච්ච කන්ද පළමුවත්, දෙවනුව පරාමාස කන්දත් යන කඳු දෙක ම ගිලිහී යන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා. ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේ භාවනාවේ, මේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ slide 5, මෙනෙහි කරන්නේ, ඒ ඵල චිත්තය නැංවෙනවා. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ තුන් වෙනි විරිය මගින් පරාමාස නැති වීම කියන එක සිහි වුණා. ඉද්ධිපාද නිසා ඇති වන ස්වභාවය, තුන් වන සහ හතර වෙනි විරියට වඩා බලගතුයි කියලත් වැටහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්