ඒ උතුම් බුදුපියවරු, ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා.
15/04/2017 නිබ්බාන භාවනාවට සිත යොමු වුණා. එහි දී සාකච්ඡා කළා, සඤ්ඤා අභිනන්දනා කරන්නේ, අත්තා නිසා. මෙම සඤ්ඤාව මගින් යම් අත්තා යන ස්වභාවයක් සිතේ හටගත්තා ද, එමගින් යම් ලාභයක් වී ද, එය අත්තභාව පටි ලාභයට ඇතුළත් වන්නේ ය. යම් අත්තභාව පටි ලාභයක් වී ද, එමගින් ජාති දුක්ඛය ඇති වේ. එමගින් ජරා, මරණ, සෝක, පරිදේව ඇති වේ.
විඤ්ඤාණයේ සමුදය, අත්ථඞ්ගමය සිහි කළා. අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති.
අභිනන්දති. සඤ්ඤා, චේතනා මගින් විඤ්ඤාණය සෑදේ. අපි දන්නවා, “නාමරූප පච්චයා විඤ්ඤාණං.” යම් සඤ්ඤාවක් පෙර අභිනන්දනා කළා ද, එමගින් ඇති වුණා වූ යම් චිත්තයක් වී ද, එය අභිනන්දනා කරයි. යම් චේතනාවක් පෙර අභිනන්දනා කළා ද, එමගින් ඇති වුණා වූ යම් චිත්තයක් වී ද, එය අභිනන්දනා කරයි. මෙසේ අනෙකුත් චෛතසිකයන් දැක්විය යුතුයි.
මෙහි දී 25/09/2020 නිබ්බාන භාවනාවෙදි ඉගෙන ගත්, වේදනාවේ අභිනිවේසය සිහි විය. චේතනාව සමඟ යම් දහමක් පැවැත් වීම සහ එය පරාමාසගත කිරීම යන්නයි. මේ නිසා පරාමාසයේ යම් වැඩිදියුණු වීමක්, ඇති ද එය යි. චේතනා අභිනන්දනා කරන්නේ නම් පරාමාසය වැඩිදියුණු වන්නේ ය. එවිට වේදනාවේ අභිනිවේසය ඉෂ්ට සිද්ධ වෙයි ඉටු වෙනවා. සිද්ධ වෙනවා.
යම් පරියුට්ඨානයෙක් වී ද, එමගින් වන චේතනාවෝ ද, පරියුට්ඨානයෝ ද අභිනන්දනා කරයි. පරියුට්ඨානය දුස්සීලභාවයේ ප්රඥප්තියෙන් පනවනවා. එසේ නම් දස අකුසලය ම අභිනන්දනා කරන බව සිහි කළ යුතුයි. එසේ නම් සංස්කාර, අභිනිවේසය ඉෂ්ට සිද්ධ වෙනවා.
අත්තභාව පටිලාභ වූයේ, අත්තවාද උපාදානය ඇති වෙයි. එසේ නම් පපඤ්චයෝ ග්රන්ථනය කරන්නේ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය වන අතර, සංස්කාර අභිනිවේසය නිසා වූ විඤ්ඤාණය ඔඩු දුවයි. මෙසේ විඤ්ඤාණයේ අභිනිවේසය ඉෂ්ට සිද්ධ වෙයි.
අභිජ්ඣාවට ඇලීම සඤ්ඤාවේ අභිනිවේසය වේ. අපි ඕක 19/10/2017 භාවනාවෙදි බැලුවා. විඤ්ඤාණයේ අභිනිවේසය වූ පසු සඤ්ඤා අභිනිවේසය ඇති වෙනවා. කුමක් නිසා ද? යම් දිට්ඨි අනුසයක් වී ද, එයට ඉදංසච්චය බල පාන නිසා ය.
ඒක තමයි මං කරපු භාවනාව. බොහෝ ම ප්රබල භාවනාවක්.