ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. “රාධ, රූපයේ යම් ඡන්දයක්, යම් රාගයක්, යම් නන්දියෙක්, යම් තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපය, දැඩි කොට ගන්නා අකුසල චිත්තයට, අධිට්ඨාන, අභිනිවේස, අනුසය කෙනෙක් ඇත්ද, එහි ඇලුණේ, සත්වයායි කියනු ලැබේ.” මේ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ.
අද භාවනාවෙදි සිහි කළේ අධිට්ඨානය. සඤ්ඤාවේ අධිට්ඨානය දිට්ඨි ඕඝය කියලා අපි දන්නවා. 13/06/2018 නිබ්බාන භාවනාවෙදි අපි බලලා තියෙනවා. කුමක් නිසා ද? සඤ්ඤා අත්තා කර ගන්නා නිසා ය. මෙය ඔඩු දුවන්නේ එනම් අත්තා දිට්ඨි බවට පත් වන්නේ, ඕඝ වන්නේ ය. ඕඝ වන්නේ ධාරාව ගලයි. මෙය සිතට ස්ථාන වෙයි. මෙසේ සඤ්ඤා අධිට්ඨානය වෙයි. මෙහි වැඩිදියුණු වීමක් ඇත්ද, එය අත්තා පථය ඔස්සේ, විඤ්ඤාණයේ අධිට්ඨානය සැකසෙනවා.
අපි දන්නවා අත්තා පථය. අත්තා diagram එකේ දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි සල්ලය එතැනින් සඤ්ඤාව, ඊට පස්සේ සඤ්ඤාවේ ඉඳන් මනොසඤ්‌චෙතනා. ඊට පස්සේ පහළට අත්තා කියලා එනවා. ඒ අත්තා කියන එකේ පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රවය.
විඤ්ඤාණයේ අධිට්ඨානය අවිද්‍යා ඕඝය කියලා අපි දන්නවා. ඒක 18/09/2020 නිබ්බාන භාවනාවේදි සාකච්ඡා කළා. විඤ්ඤාණයේ අධිට්ඨානය අවිද්‍යා ඕඝය වන්නේ කුමක් නිසා ද යන්න සිහි කළා.
එතැන්දි අපි දන්නවා මේ අත්තා කියන එකේ පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රව. ඉතින් ඔය විඤ්ඤාණ ආහාර පාරේ අත්තවාද උපාදාන ඉදංසච්ච එතකොට අවිද්‍යා ආශ්‍රව ඊට පස්සේ අවිද්‍යා ඕඝ. අත්තා යැයි යමක් ගත්තා ද, එය වැඩිදියුණු වෙනවා යැයි ඉදංසච්චය අනුමත කළා ද, මේකෙ බලපෑම තියෙනවා. විඤ්ඤාණය රජ්ජුරුවෝ නම්, බලය පැතිරීම විඤ්ඤාණ ධාරාව පැතිරීම මගින් සිදු වන්නේ, එය අධිට්ඨානය වෙනවා. සංස්කාරවල අධිට්ඨානයත් අවිද්‍යා ඕඝය ම වන්නේ ය. කුමක් නිසා ද? මම කරන දේ නිසා විඤ්ඤාණය රජ වේ යැයි, සංස්කාර උදම් අනන නිසා ය.
වේදනාව සඳහා චිත්ත සංස්කාර හදනවා. වේදනාවේ අධිට්ඨානය කාම ඕඝ සහ භව ඕඝ යන ධර්මතා දෙක අතර පවතිනවා කියලා අපි 25/09/2020 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කළා. වරෙක කාම වස්තූන් නිසා කාම ඕඝ වන්නේ ය. එය රමණීය වන්නේ භව ඕඝ වන්නේ ය. විඤ්ඤාණඤ්චායතන දක්වා වූ ධ්‍යානයන් භව ඕඝයට රුකුල් දෙන්නේ ය.
ඉතින් ඒක තමයි භාවනාව. ඉතින් මේ භාවනාවේ, ඔය දිට්ඨි ඕඝ අවස්ථාවෙදි පඤ්ඤාධිට්ඨානය, දදතො පුඤ්ඤං පවඩ්ඪති ගාථාව සමඟ සිහි වෙන්නේ, බොහෝ වෙලාවක් නොසිතා ඉන්න පුළුවන්.
ඊළඟට අවිද්‍යා ඕඝ කොටසේදි සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාවෙදි උපසමාධිට්ඨානය ඉගෙන ගත් ආකාරයට මෙනෙහි කරන්නේ, එනම් කිසිදු දහමක් සිතට ඇතුල් නොවන අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ම සිටිමි යන අර්ථය ඇත්තේ, උපසමාධිට්ඨානය සහිතව බොහෝ වෙලාවක්, සිටිය හැකියි. ඒ කියන්නේ කිසිම සතුරෙකුට එන්න ඉඩ නොදෙනවා මෙන් අරි අට මඟේ සිටීම දැන ගත යුතුයි. ඒ වාගේ ම මේ භාවනාව ඉතා බොහෝ කාලයක් සමාධි ගතව සිටිය හැකි ය.
බුදුපියා විමසීමෙන්, තථාගතයන් වහන්සේලා සහ බුදුපියවරු නිතර මේ භාවනා දෙක ම අභිනිවේස, අධිට්ඨාන භාවිතා කරන බව පැවසුවා.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්