Date: 23/10/2020 Name: Continuously Ageing

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

15/08/2015 ජාති නිරොධො, ජරා මරණ නිරොධො, භාවනාව නැවතත් කරගෙන ගියා. ඡන්ද චිත්ත පරිචිතා 25/06/2015 භාවනාවේ diagram එකට සිත යොමු වුණා.

එතකොට, ඒකේ අපි දන්නවා, ජාතියේ ඉඳන් වේදනාව දක්වා, අපි විරිය කියන එක ලකුණු කරනවා. ඊළඟට වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනා ආහාරය. එතන ඉඳන් අපි එනවා ථීනය කියන තැනට. ඒක විරිය මගින් නවත්වනවා. ථීනය ඉඳන් පරාමාසයට එන එක විමංසාවෙන් නවත්වනවා. ඊළඟට සෝකයේ ඉඳන් වේදනාවට යන එක විමංසාවෙන් නවත්වනවා කියලා ලකුණු කරලා තියෙනවා.

එතකොට දකුණු පැත්තේ, 1-3, මෝහය එතන ඉඳන් කාම ආශ්‍රවයට යෑම කියන එක තියෙනවා, ඒ diagram එක දීල තියෙනවා.

දිට්ඨිය බිඳීම නිසා වන ක්‍රියාවලිය නැවතීම, එනම් සෝකය සිට වේදනාව දක්වා line එක කැපීම, විමංසාව මගින් සිදු කරනු ලබනවා. දිට්ඨිය බිඳීම නිසායි අපි චේතනා කරන්නේ. මීට පෙර භය අගතිය විය යුතුයි. භය අගති සෝක වේදනා.

එතකොට එහෙම නම් අපිට පේනවා, ඔය 05/08/2014 නන්දි භාවනාවෙදි අපි ඉගෙන ගත්තා, මේක සිද්ධ වෙන්නේ මෝහ පරිදේව භය අගති හරහා සිදු වීමෙන්. ඒ වගේ ම මරණය ඉඳන් ව්‍යාධියට යෑම සිදුවීම, b කියලා අපි ලකුණු කරලා තියෙනවා මරණය ඉඳන් ව්‍යාධියට යනවා කියන එක. එතකොට එතන, නිකම්ම නොවෙයි, නිත්‍යයි කියලා මෝහයට එන්න ඕනෑ. එහෙම නම් මෙය වීමට පෙර, නිත්‍යයි ගැනීම සිදු විය යුතුයි. නිත්‍යයි ගන්නා නිසා, සඤ්ඤා ඉඳන් චේතනාව දක්වා අපි a කියලා එහෙම ලකුණු කරගන්නවා. ඒක සිදු වෙන්න ඕනෑ. එහෙම නම් අපිට පේනවා සඤ්ඤා ඉඳන් චේතනාව දක්වා a, එතනින් අත්තා, ඒකෙන් අපිට එනවා පසු සඤ්ඤාව හැටියට 1-3 මෝහය.

ඒකට parallel ධර්මය. ව්‍යාධිය ඉඳන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. එතකොට එහෙම නම්, දැන් අපිට මරණය ඉඳන් ව්‍යාධිය අර Z අකුර reverse එක පේනවා. එතකොට පල්ලෙහා තියෙන්නේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය එතන ඉඳන් අප්පියෙහි සම්පයොගය, ඒකට අපි c, කියලා ලකුණු කරගන්නවා.

අප්පියෙහි සම්පයොගයට ජරා වූ රූපය නිසා ඇති වූ සඤ්ඤා අගය 4.6 වන විට පැමිණ ඇත. පැවතිය හැකියි කියලා එහෙම එනවා කියලා අපි දන්නවා. දැන් මෙතෙන්දි cable car එක විද්‍යාමාන වෙනවා.

අපි දන්නවා, ඒක භය අගති ඉඳන් වේදනාව දක්වා රේඛාවේ, ඒකේ සෝකය තියෙනවා. පල්ලෙහායින් ඒ triangle එක පේනවා සෝකය දෝමනස්සය අප්පියෙහි සම්පයොගය. 4.6 අප්පියෙහි සම්පයොගය, 5.4 දෝමනස්සය. 4.4 සෝකය.

භය අගති සිට වේදනාව දක්වා, cable car එක, සෝකය හා සම්බන්ධ වී ගමන් කරන බව අපි දන්නවා. ඒ විඤ්ඤාණ ධාරාවේ පැතිරීමයි. Spread වීම.

දැන් අපිට පේනවා, ජරා දෝමනස්ස අප්පියෙහි සම්පයොගය. 4.6 අප්පියෙහි සම්පයොගයේ සිට 5.4 දෝමනස්සයට යෑමේදි, 5.3 සඤ්ඤා ජරාව සිදු වෙනවා. එනම් අපි continuously ජරාවට යනවා. අඛණ්ඩව ජරාවට යනවා. මෙය දැකීම සමඟ විඤ්ඤාණ ධාරාව ඉතා ම slow වෙනවා.

ඉතින් ඒක තමයි භාවනාව. ඉතින් මේක පැහැදිලි කරගන්නවා නම්, කෙනෙකුට පේනවා line 5 එකේ රූපයේ ජරාව නිසා ඇති වුණ සඤ්ඤා අගය line 5 හරහා පැමිණ නැවතත්, 5.3 සඤ්ඤා ජරා වීම මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කිරීමෙන්, යම් ප්‍රමාණයකට පැහැදිලි වෙනවා.

මේක ගැඹුරට බලනවා නම්, අපි දන්නවා, ඔය ජාතිය කියන තැන අපි ලකුණු කරගන්නවා 4 වෙනි ධ්‍යානය කියලා. ජරාව කියන තැන අපි පස් වෙනි ධ්‍යානය කියලා ලකුණු කරගන්නවා. මේක බලලා තියෙනවා ඔය සුඛා පටි පදා ඛිප්පාභිඤ්ඤා reverse එකට බලන භාවනාවේදි.

එතකොට ඒ වගේ ම අපි දන්නවා ජාතිය කියන තැන පෙර අත්ත ධර්මය. එතකොට ජරාව කියන තැන අපි දන්නවා දැන් අත්ත ධර්මය. ඕක 03/10/2015 භාවනාවේ එහෙම බලලා තියෙනවා.

දැන් ඉතින් බලන්න, ජාතිය කියන තැන, පෙර අත්ත ධර්මය ඒ කියන්නේ පෙර මෝහය. ද්වේෂ සහිතව ජීවත් වීම පාණාතිපාතය. හතර වෙනි ධ්‍යානය මරාගෙන පස් වෙනි ධ්‍යානයට යෑම.

එතකොට මේ විදිහට බැලුවොත් ජාතියයි ජරාවයි අතර මිච්ඡා දිට්ඨිය. ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන්නේ මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය නිසා පස් වෙනි ධ්‍යානය හෝ බැස ගන්නවා. අල්ලා ගන්නවා. මෙසේ ජරාවට යනවා.

පස් වෙනි ධ්‍යානයට ගිහිල්ලා මැරී වැටෙන්නේ, නැවත උත්පත්තියක් ලබන්නේ නම්, පස් වෙනි ධ්‍යානයේ සිට මැරී වැටීම නිසා වූ ස්වභාවය සඤ්ඤා ජරාවට ඇතුළත් වන්නේ, උත්පත්තිය මෙම අගය කරපින්නා ගනී. ජීවත් වන තරමට corrupt වෙනවා යන්න පැහැදිලියි.

විඤ්ඤාණ අභිනිවේසය ගැන මෙනෙහි කළොත් අපිට පේනවා ඉදංසච්ච වූ පසු සඤ්ඤා අභිනිවේස එනම් අභිජ්ඣා වන්නේ කුමකට ද? ජරාවට ම යි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Chanda_Citta_paricita.jpg


s_Akincanna.jpg


s_sopadisesa.jpg