Date: 30/10/2020 Name: Abhijja

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

23/10/2020 අඛණ්ඩව ජරාවට පත් වීම, යන භාවනාව, නැවතත් කරගෙන ගියා. ජරාවට පත් වූවා නම්, සක්කාය දිට්ඨිය සෑදෙන බව, 03/10/2015 සක්කාය දිට්ඨි භාවනාවෙදි ඉගෙන ගත්තා. එය නැවතත් මෙනෙහි කරනවා නම්, අපි දන්නවා විඤ්ඤාණය. ඊට පස්සේ පසු අත්තා ධර්මය. එතැනින් පස්සේ සංස්කාර අර mode එක. එතන ඉඳන් පවතිනවා කියලා භය අගතියට එනවා. භය අගතියෙන් ඉඳන් වේදනාව දක්වා පවතිනවා කියලා එනවා. එතකොට ඊට පස්සේ, භය අගතියෙන් සෝක ජරා පැවතිය හැකියි කියලා, ඒ දැන් අත්තා ධර්මය එතෙන්ට එනවා. එතකොට මෙතන ජරා වේදනා අසම්පජාන රේඛාව අපිට පේනවා.

cable car එක මගින් වේදනාව දක්වා පවතිනවා යන අදහස පැමිණේ. වේදනාව දක්වා යම් දහමක් පවතිනවා යැයි පැමිණියා ද, එයට පසුව ජරාව දක්වා පැමිණී, පැවතිය හැකි ය. ඒක අපි දන්නවා භය අගති line 9 සෝක එතනදි line 12 ජරා යන අදහස නිසා අසම්පජානකාරීත්වය ඇති වන්නේ, තණ්හාව මගින් ම ධර්මය දුවවන බව සාකච්ඡා කළා.

ඉතින් ඔතෙන්දි, දෙවෙනි චතුරාර්ය සත්‍ය ධර්මයත් සිහි වුණා. මෙසේ වේදනාව පවතිනවා යන දහමක් වේ ද, එයට අනතුරුව ජාති කරා odd පථය ඔස්සේ පවතිනවා යන අදහස ළඟා වී ඇත.

මෙසේ, 1. වේදනා පවතිනවා, 2. ජාති පවතිනවා යන ධර්මය නිසා ම 3. නාමරූප පවතිනවා යන මතය ඇති විය.

දැන් එතකොට, අපිට පේනවා එතන තියෙන රේඛාවේ, මේ ජාති වේදනා නාමරූප චේතනා කියන රේඛාවේ. 1. වේදනාව ළඟ, පවතිනවා පසු අත්තා ධර්මය. ඊළඟට ජාතිය ළඟ, 2 පවතිනවා පෙර අත්තා ධර්මය. ඊළඟට 3. නාමරූප ළඟ, පවතිනවා කියන දැන් අත්තා ධර්මය. මෙසේ ඇති වන්නා වූ අත්තා ධර්මයන්ගේ පෙළ ගැසීම නිසා, සක්කාය දිට්ඨිය ඇති වේ යැයි සාකච්ඡා කළා.

එසේ ම 04/10/2015 දුක්ඛ නිරෝධ අරිය සච්ච 2 භාවනාවේදි අහං සහ මමං එකට සිටීම සාකච්ඡා කළා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්ව රේඛාව, ජාති වේදනා නාමරූප එතන පසු අත්තා ධර්මය වේදනාව ළඟ, එතන අහං කියලා එනවා. ඊළඟට දැන් අත්තා ධර්මය නාමරූප ළඟ, එතන මමං කියලා එනවා. එතකොට, ජාතිය තියෙන තැන පෙර අත්තා ධර්මය තියෙනවා. මෙම රේඛාවේ යම් ස්ථිතියක්, ස්ථාවරයක්, stable වීමක් ඇති ද, එය අහං සහ මමං එකට සිටීම නම් වී යැයි සාකච්ඡා කළා.

ඉදංසච්චයේ ලොකු ම මුසාව වන්නේ, අහං සහ මමං එකට සිටිනවා යන දිට්ඨිය වේ. ඉහත ඇති වූ සක්කාය දිට්ඨිය මගින් මෙම අදහස පෝෂණය වී ඇති අතර, විඤ්ඤාණ ධාරාව අඛණ්ඩව ගලන්නේ යන අදහස මෙයට උදව් උපකාර කරයි. මෙසේ ඇති වන්නා වූ පපඤ්චයන් මගින් භය අගති වීමත් දිට්ඨි අනුසය හරහා සඤ්ඤාවේ අභිනිවේසය වීම, එනම් අභිජ්ඣාව ඇති වෙයි.

ඉතින් ඒක තමයි භාවනාව. එතකොට අපි ඔය 07/10/2015 මච්ඡරිය භාවනාව එහෙම සාකච්ඡා කරලා තියෙනවා. ඒ අහං සහ මමං එකට නොසිටී. කුමක් නිසා ද? රූපය ස්පර්ශ කරන ලද සංස්කාරයන්ගේ විෂමතාවය ඇත. ඒ නිසා ය. නිත්‍ය වන්නේ නම් පමණක් ජාති වේදනා නාමරූප ධර්මයන් එකට සිටිනවා කියලා, align වෙනවා කියලා ඒකේ සාකච්ඡා කරලා තියෙනවා.

එතකොට ඒක තමයි කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Chanda_Citta_paricita.jpg