ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
18/08/2015 උපාදාන නිරොධො භව නිරොධො භාවනාවේ අවසානයට ලියා ඇති වාක්‍යය ගැන යමෙක් විමසුවා. පටිච්චසමුප්පාදය දෙකට බෙදා දැක්විය හැකියයි සහම්පති බුදුපියා පැවසුවා. සමුදය, අස්තංගමය. අවිද්‍යා සිට තණ්හා දක්වා පුරුක් තණ්හා සමුදය වශයෙන් ද, තණ්හාවේ සිට ජාති, ජරා, මරණ, දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව, ආදි වශයෙන් ඒ දුක්ඛයේ කොටස පුරුක් නිරෝධය, තණ්හා නිරෝධය වශයෙන් ද බැලිය හැකි ය.
එතකොට අපි දන්නවා අර මෝහ ගලේ වැදිලා, කුඩු වෙලා අර මාළුවා වරල ගහලා උල්පත අරිනවා කියන එක, අපි ඕක ලකුණු කරනවා සඤ්ඤාවේ ඉඳන් අර නාමරූප කියන හරියේ තණ්හාව කියලා, අවිද්‍යා පච්චයා සඞ්ඛාරා කියලා. එතකොට අන්න ඒක සමුදය. තණ්හා නිරොධො දුක්ඛ නිරොධො. තණ්හාවේ කරුණු තුන. 1 අවිද්‍යාව, 2 සඤ්ඤාව, 3 ජාතිය.
එතකොට අපි දන්නවා. ඔතන, diagram එකක් අපි කලින් දුන්නා. ඔය කාරණා තුනට අමතරව, අර roman වලින් ලියාගත්තා i අප්පියෙහි සම්පයොග. Ii රූප ඉඳන් සඤ්ඤාවට සුභයි කියන එක. Iii උපායාසය කියන එක. අර odd path එකේ පවතිනවා කියලා ජාතියට එන එක.
භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙනවා. මේ සඳහා තණ්හාවේ සිට ජාති දක්වා දැක්වෙන සියලු පුරුක් නිරෝධ විය යුතුයි. මෙය සිදු වන්නේ, අභිජ්ඣාව නිරෝධ වන්නේ නම් ය. එයට නන්දිය නිරෝධ විය යුතුයි. අභිජ්ඣාව සනාථ කිරීම π අකුර මගින් සිදු වන බව අපි දනිමු. මෙය 13/10/2015 ප්රතිසන්ධි නිරෝධ භාවනාවේ දී සාකච්ඡා කරලා තියෙනවා.
ඉතින් එතන ඔය diagram එකක් අපි දාලා තියෙනවා.
ඒකේ පෙන්වන්නේ මේ π අකුර, පරාමාසකායගන්ථයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට i යි කියලා එනවා. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට ii යි කියලා එනවා. ඊළඟට මනොසඤ්චෙතනාවේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට, අත්තා එතන iii යි කියලා එනවා.
ඊළඟට පල්ලෙහා, ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට line 5 කියලා එනවා. ඊළඟට පරිදේවයේ ඉඳන් පරාමාසයට line 7 කියලා අපි ලකුණු කරගන්නවා. ඒ arrow ඒකේ direction එක අනිත් පැත්තට තියෙන්නේ, line 7 එකේ.
එතකොට පරිදේවය දක්වා පැමිණියා නම්, අභිජ්ඣා අගය ම තහවුරු කරනවා. ඒ line 5, line 7. π අකුර මගින් අභිජ්ඣාව සනාථ කරයි නම්, එහෙම නම් චේතනා විඤ්ඤාණ, එතනින් නිත්‍යයි කියලා එනවා. ඒකේ පසු සඤ්ඤාව හැටියට දිට්ඨි ආශ්‍රව, එතනින් අවිද්‍යා ආශ්‍රව එතනින් එනවා මෝහ සල්ලයට. අන්න ඒ පථය ඔස්සේ මෝහය ම සනාථ කරනවා. ඉතින් ඒක 15/10/2015 දුක්ඛ නිරෝධ භාවනාවේ බලලා තියෙනවා.
මෝහය නිරෝධ වන්නේ නම්, එනම් ප්‍රඥා ස්කන්ධය ඇත්තේ, දුක්ඛ table එකේ ධර්මය හොඳින් පිළිපදින්නේ, වටහා ගන්නේ, නන්දි වීම නොවටින්නේ ය. නන්දි වීම නොවටින්නේ දුක වන්නේ ද සුඛ වන්නේ ද යන්න මනා කොට දන්නේ දක්නේ නන්දිය ගිලිහී යයි, නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේ භාවනාව බොහොම බලගතුයි. මුල දී ම සිත නතර වෙනවා අර පටිච්චසමුප්පාදයේ තණ්හා සමුදය, තණ්හා නිරෝධය කියන එක බැලීමෙන්.
ඒ වගේ ම රහතන් වහන්සේ පැවසුවා, “මේ භාවනාව නිසා 17,000 ක් මේ භාවනාවෙන් නිවන් දකිනවා” කියලා. ඉතින් මෙසේ දැකිය හැකි ප්‍රඥාවන්ත වූ බුදුපියවරු කෙරෙහි ශ්‍රද්ධාව අධික විය. ඒ වගේ ම ඔය 17/07/2017 නිබ්බාන භාවනාවෙදි line 5, line 7 සාකච්ඡා කරලා තියෙනවා.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්