Date: 12/11/2020 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

05/11/2020 දුක්ඛ නිරෝධ භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට, ඒකේ අපි diagram එකක් දුන්නා. π අත්තා diagram එක, පරිදේවයත් එක්ක. ඒකෙ අපි line 5, line 7 ලකුණු කළා. Line 5 ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට. Line 7 පරිදේව ඉඳන් පරාමාසකායගන්ථයට. උඩ තියෙනවා අර π අකුරේ ධර්මය.

එතකොට, පරිදේවය දක්වා ආවා නම්, අභිජ්ඣා අගය ම තහවුරු කරනවා යන වාක්‍යයට සිත යොමු වුණා. මෙය නැති කිරීමට 17/07/2017 නිබ්බාන භාවනාව කරන්න ඕනෑ. එතකොට, 17/07/2017 නිබ්බාන භාවනාවෙදි, line 5යි, line 7යි සාකච්ඡා කරලා තියෙනවා.

කාම විතක්කයෝ ඇති වන්නේ කාම සඤ්ඤාව නිසා ය. ව්‍යාපාද විතක්කයෝ ඇති වන්නේ ව්‍යාපාද සඤ්ඤාව නිසා ය. විහිංසා විතක්කයෝ ඇති වන්නේ විහිංසා සඤ්ඤාව නිසා ය. මෙම සඤ්ඤා diagram එකේ ලකුණු කළ හැකි ය.

එතකොට, අපි ඒ diagram එකත් දීලා තියෙනවා.

s_AvitakkaAvicara.jpg

එතන, වේදනාවේ ඉඳන් අසම්පජානකාරීත්වයට ඒ කාම සඤ්ඤාව කියන එක ලකුණු වෙනවා. එතකොට මෙත්තා, රූපය ජරා වන බව දැන, ඉක්මවීමෙන් කාම සඤ්ඤාව ඉවතලයි කියලා, ඒකට අපි a කියලා කියනවා. ඊළඟට b කියලා කියනවා, ඒ පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා ඒ භවයේ යන විතක්කය නැති වීමෙන්, ව්‍යාපාද සඤ්ඤාව නැති වෙයි කියලා. ව්‍යාපාද සඤ්ඤාවෝ පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට ලකුණු වෙනවා.

ඊළඟට, විහිංසා සඤ්ඤාව, ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ලකුණු වෙනවා. එතකොට අර ඉස්සෙල්ලා කිව්ව කාරණා දෙක, a, b සහ අමෝහ පාරේ යන නිසා, සංස්කාර ඉවත ලා, විහිංසා සඤ්ඤාවෝ මඟ හරී. විහිංසා සඤ්ඤාවෝ මඟ හරින්නේ විහිංසා විතක්කය ඉක්මවනවා.

ඊළඟට, ඉදංසච්චයේ ඉඳන් පරිදේවය දක්වා විහිංසා සඤ්ඤාව ලකුණු වෙනවා. එතකොට ඒක විහිංසා විචාරය කියන එකට සම්බන්ධ වෙනවා. එතකොට එතනට d කියලා අපි ලියාගත්තා. ඉහත විහිංසා සඤ්ඤාවෝ මඟ හරින්නේ විහිංසා විතක්කය ඉක්ම වීමට දක්ෂ වන්නේ, ඉදංසච්චය තුළට මෙය ම සත්‍යයි ගන්නා මුසාව බැස නොගන්නේ, මිච්ඡා දිට්ඨිය නිසා, වන අභිජ්ඣා ඉවතලනවා. එනම් පග්ගහ නිමිත්ත තුළ සම්මා දිට්ඨිය නිසා අනභිජ්ඣාව කියන එක එනවා. මෙහි දී අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ නිර්වාණය ම සොයයි යන්නත්, අධිප්‍රඥා ශික්ෂාවත් උදව් උපකාර කරනවා.

ඊළඟට, පරිදේවයේ ඉඳන් පරාමාසකායගන්ථය දක්වා, එතන අපි e කියලා ලකුණු කරනවා. අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවය හරි, අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව හරි නොවේ නම්, පග්ගහ නිමිත්ත සම්පූර්ණ වන්නේ, චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස ගැනීම නිසා පරාමාසය පිරිසිදු වෙනවා.

එතකොට, ඒකෙන් අපිට එනවා, මේ පරාමාසය පිරිසිදු වීම කියන එක එක්ක, දැන් චතුරාර්ය සත්‍ය කියන එක අපිට හොඳට වැටහෙනවා. තණ්හා සමුදය සහ තණ්හා නිරෝධය 05/11/2020 දුක්ඛ නිරෝධ භාවනාව මගින් වටහා ගන්නේ, එය නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මගින් ඒ කියන්නේ පග්ගහ නිමිත්ත. ඒ line 7 කියන එක ඉවතලිය යුතුයි.

ඒ මග්ගය, මාර්ගය, path එක, වන අතර එහි සිටිය යුතු බව විද්‍යා මාන වෙනවා. එනම් මගඵල ලැබීමට පමණක් නොව, නිවන සඳහා continuously එම මගේ සිටින්නේ, නිවන සාක්ෂාත් කරනවා.

ඊළඟට, ඉහත අයුරින් සිතන්නේ, පරිදේව වුවහොත් අභිජ්ඣා වීම පැහැදිලි ය. ගේ කැඩුණොත් නැවත සෑදීමට සිතයි. Game එකකින් පැරදෙන දරුවා දිනන්න සිතයි.

ඊළඟට, පරාමාසය තුළ ඇත්තේ, එනම් වරදවා වටහාගෙන ඇත්තේ, දුක ම බව අවබෝධ වෙනවා. කෙසේ ද? මුළු ස්කන්ධය ම පරිදේව වී ඇත. කය ලෙඩ රෝග නිසා පරිදේව වී ඇත. එනමුදු අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව වන්නේ සුඛ යැයි වරදවා වටහාගෙන. ඊළඟට, අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව වන්නේ, නිත්‍යයි වරදවා වටහාගෙන.

ඉතින් ඔතන ඔය කාරණා දෙක, පරිදේවයේ ඉඳන් පරාමාසයට line 7 එකේ දී අපි බලපු කාරණා දෙක. ඉතින් මේ අවස්ථාවෙදි නත්ථි ඛන්ධා සමා දුක්ඛා කියන එක සිහි වුණා. ගාථාව මතකයි නේ.

“නත්ථි රාගසමො අග්ගි, නත්ථි දොසසමො කලි. නත්ථි ඛන්ධසමා දුක්ඛා, නත්ථි සන්තිපරං සුඛං.” ධම්ම පද 202 වෙනි ගාථාව. “රාගය හා සම වූ ගින්නෙක් නැත. ද්වේෂය හා සම වූ අපරාධයක් නැත. පඤ්චස්කන්ධය හා සම වූ දුක්ඛ කෙනෙක් නැත. නිර්වාණයට වැඩි සුවයක් නැත.”

ඒක තමයි මං කරපු භාවනාව.