Date: 20/11/2020 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

12/11/2020 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී අවසානයට සාකච්ඡා කළා. පරාමාසය තුළ ඇත්තේ, එනම් වරදවා වටහාගෙන ඇත්තේ, දුක ම බව අවබෝධ වේ. කෙසේ ද? මුළු ස්කන්ධය ම පරිදේව වී ඇත. කය ලෙඩ රෝග නිසා පරිදේව වී ඇත. එනමුදු, 1 අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ, සුඛ යැයි වරදවා වටහාගෙන ය. සීල ස්කන්ධය ඇත්තේ දුක බව දනී. 2 වෙනියට අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව වන්නේ, නිත්‍යයි වරදවා වටහාගෙන ය.

එතකොට, මේක අපි දන්නවා, ඔය පරිදේව ඉඳන් පරාමාසයට line 7 reverse පැත්තට එන එක එතෙන්ට තමයි අපි ඔය කාරණා ලියා ගත්තේ. 07/05/2020 පටිඝානුසය භාවනාවේ diagram එකට සිත යොමු වුණා.

Glossary_S_ID22.jpg

එම diagram එකේ පරිදේවය ළඟ ලකුණු කර ඇති නිත්‍ය යන්න 1 වශයෙන් ද, පදුට්ඨමනසඞ්කප්පය ළඟ, නිත්‍ය 2 වශයෙන් ද ලකුණු කර ගම්මු.

එතකොට ඉස්සෙල්ලා කිව්ව කාරණා දෙකට සම්බන්ධ වුණා, 1, 2. එතකොට, මෙතන ඒ diagram එක ඕගොල්ලන්ට මතකයි, පටිඝානුසය, ජරා වේදනා අසම්පජාන රේඛාවේ කාම සඤ්ඤාව කියලා උඩ තියෙනවා. ජාති වේදනා මනොසඤ්‌චෙතනා ඒ රේඛාවේ නාමරූප කියන තැන සුභ කියලා තියෙනවා. විඤ්ඤාණ පරාමාසකායගන්ථය, එතන පදුට්ඨමනසඞ්කප්පය නිත්‍යයි කියලා තියෙනවා. එතන තමයි අපි 2 කියලා ලියා ගත්තේ. ඊළඟට, පරිදේවයේ ඉඳන් පරාමාසකායගන්ථය, එතන නිත්‍යයි කියලා තියෙනවා. එතන 1 යි කියලා අපි ලියාගත්තා.

එතකොට අපි එතන බැලුවා කාරණා දෙකක්, a. සුභ නිත්‍ය, b. සුඛ නිත්‍ය. A, b align නොවේ යැයි සාකච්ඡා කළා. අහං සහ මමං එකට නොසිටී යන්න වැටහෙනවා. කෙසේ ද? 1 අඤ්ඤින්ද්‍රිය. එතන අපි දන්නවා දුකයි කියන එක. ඒකෙන් අව්‍යාපාදූපවිචාරය, භව සේවනය ප්‍රහාණය, සීලස්කන්ධය. සීලස්කන්ධය ඇත්තේ දුක බව දැන, සංස්කාර අතහරින්නේ, පරිදේවයට පැමිණීම මඟ හැරෙනවා. 2 පග්ගහ නිමිත්ත මගින් ඇති වූ සම්මා සමාධිය ඇත්තේ, ඉහළ ම වූ පටිච්චසමුප්පාදය දන්නේ දක්නේ, එනම් තණ්හාව නිසා දුක ඇති වන බව තණ්හා නිරෝධයෙන් දුක නැති වන බවත් දන්නේ දක්නේ අනිත්‍ය වැටහෙනවා.

මෙසේ වටහා ගන්නේ, 1 දුක්ඛ සත්‍යය, සීල, ඒ කියන්නේ සීලස්කන්ධය ඇත්තේ දුක බව දනී. 2 තණ්හා නිසා දුක ඇති වීම, 3 තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධය. අන්න ඒ කොටස ප්‍රඥාව. 4 දුක නැති කිරීමේ මාර්ගය, සමාධිය වශයෙන් වැටහෙනවා. අපි නිතර ම අහලා තියෙනවා නේ සීල, සමාධි, ප්‍රඥා කියලා. මෙතන සීල, ප්‍රඥා, සමාධි කියලා පේනවා. තව ද සංස්කාර ඉවතලන්නේ අරි අට මඟේ වාසය කරන්නේ වේදනාවේ අභිනිවේසය ඉෂ්ට සිද්ධ නොවන බව වටහා ගන්නේ, කූඤ්ඤය තදින් දැනෙනවා. ඉතින් ඒකට ඔය සීලස්කන්ධයේ අවබෝධය කියන එක තියෙන්න ඕනෑ.

ඒක තමයි මං කරපු භාවනාව.