ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
20/11/2020 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ diagram එකේ, 1 සහ 2 වශයෙන්, සලකුණු කරපු කාරණා දෙකට සිත යොමු වුණා. ඕගොල්ලො දන්නවා, 1 අර පරිදේවය තියෙන තැන නිත්‍ය කියලා අපි ලකුණු කරලා තියෙනවා එතන 1. පදුට්ඨමනසඞ්කප්පය තියන තැන නිත්‍ය කියලා තියෙන තැන එතන 2.
එතකොට, පරිදේව ඉඳන් පරාමාසයට අපි දන්නවා line 7, reverse පැත්තට යන එක, එතකොට අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ සුඛ යැයි වරදවා වටහාගෙන ය. සීලස්කන්ධය ඇත්තේ දුක බව දනී. ඒක තමයි පළවෙනි කාරණය.
ඊළඟට, දෙවෙනි කාරණය අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව වන්නේ, නිත්‍යයි වරදවා වටහාගෙන ය.
මෙහි දී repair භාවනාවේ ඉද්ධි පථයේ ඇති නිවැරදිකම හොඳින් දුටුවා. ඉද්ධි පථය නැවතත් බැලුවොත්, සංස්කාර ඉවතලීම පළමුව ඡන්ද සමාධිය මගින් සිදු කරනවා. මේ පහළ සංස්කාර, පරිදේවය ළඟ 1 වශයෙන් ලකුණු කර අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවීම සමඟ විමසා බැලුවා.
පාණාතිපාත කරන්නේ මරණය දුක වශයෙන් නොවැටහෙයි. සුඛ යැයි වරදවා වටහා ගනී. පාණාතිපාත ඉවත් කරන්නේ මරණය දුක වශයෙන් වැටහෙයි. අඤ්ඤින්ද්‍රිය අව්‍යාපාදූපවිචාරය, ඒකෙන් භව සේවන ප්‍රහාණය සීලස්කන්ධය. මෙසේ දස කුසලය විමසන්නේ, එනම් දුක බව දැන, සංස්කාර අත හරින්නේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවෙයි.
ඊළඟට සංස්කාරයන්ගේ නිත්‍යභාවයක් නොවන්නේ, චිත්ත සමාධිය මගින් සංස්කාරයන්ගෙන් පෙර ඇති වුණා වූ ගැම්මක් ඇති ද, එය පහ කරයි. පරාමාස නොවීමට වග බලා ගනී. පරාමාසය දුක බව අව්‍යාපාද භාවනාවෙදි වටහා ගත්තා. ඒ වගේ ම වේදනාව දුක බව නෙක්ඛම්ම භාවනාවෙදි වටහා ගත්තා.
නිර්වාණ ඡන්දය ඇත්තේ, වේදනාවට ප්‍රතිචාර නොදක්වයි. මෙය කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඉවත් කිරීමට තුඩු දෙයි.
තුන් වෙනුව වේදනාව දුක බව දන්නේ, විරිය සමාධිය මගින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කරයි. තුන් වෙනුවට ලකුණු කළ විරිය මගින්, අලුත් සංස්කාරයන් ඉවත් කරයි. මෙයට විරිය ඉද්ධිපාදය අනුෂ්ඨිත වන්නේ ය. මෙහි දී බිඳුණා වූ දිට්ඨි නැවත සෑදීමට නොයයි.
මෙම ධර්මතාවයේ දෙවන කරුණ, එනම් අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව නොවීම සමඟ බැලුවා. ඉතින් මෙතෙන්ට එනවා diagram එකක්, ඔය අත්තා diagram එක මතකයි, අවිද්‍යා ආශ්‍රව ඉඳන් දිට්ඨි ආශ්‍රවයට, එතනින් පහළ දිට්ඨි සල්ලය, එතැනින් යනවා සඤ්ඤාවට, එතැනින් මනොසඤ්‌චෙතනා ආහාරය, ඒකෙන් අපිට එනවා ජීවිත ඉන්ද්‍රිය ළඟට මනොසඤ්‌චෙතනාව ඉඳන්, ඒක විරිය මගින් නවත්වනවා කියන එක.
එතකොට මනොසඤ්‌චෙතනාවේ ඉඳන් විඤ්ඤාණය සැකසුණා නම්, ඊට පස්සේ එතන නිත්‍යයි. ඒකේ පසු සඤ්ඤාව, දිට්ඨි ආශ්‍රව.
අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව නොවේ නම්, දිට්ඨි සල්ලය මගින් සඤ්ඤාව සනාථ කිරීමට ඉඩ නොලැබේ. එසේ වන්නේ නම්, සඤ්ඤාව මගින් චේතනා වී, අලුත් සංස්කාර මගින් බිඳුණු දිට්ඨි නැවත සෑදීම කළ නොහැක්කේ, විඤ්ඤාණයේ නිත්‍යභාවය ගිලිහී යයි. මෙය සඤ්ඤා චේතනා pump එක වැඩ නොකිරීම ලෙස සිතන්න.
ඊළඟට 4 වෙනි වට, විමංසා ඉද්ධිපාදය මගින්, පදුට්ඨමනසඞ්කප්පය අගයෝ ඉවත් කරයි. විඤ්ඤාණය තුළ පෙර තිබුණා වූ යම් අගයක් වේ ද, එය අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව මගින් ම ඇති විය යැයි, බුදුපියා පැවසුවා. එම අගයෝ සංස්කාර ඉවත් කිරීම සමඟ බැස ගොස් ඇත්තේ, ඉහත සඤ්ඤා චේතනා pump එක වැඩ නොකරන්නේ, සසඳා බැලීමට දෙයක් විඤ්ඤාණයට ඉතුරු නොවන නමුත් නා නා ප්‍රකාර රූප ස්පර්ශය මගින්, මෙය කළ හැකියයි යමෙක් පවසතත්, ඒ කියන්නේ වත්තේ මහත්තයාගේ කතාව වගේ, ඒ නොකළ හැකි බව විමංසා ඉද්ධිපාදය මගින් පෙන්වා දෙන්නේ, රූප ස්පර්ශය නවත්වයි. එනම් සම්මා ඥාන ඇත්තේ, නොසැලී සිටී. නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්