ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
27/11/2020 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි තුන් වෙනියට සාකච්ඡා කළ දිට්ඨි ආශ්‍රව කොටස දක්වා පැමිණියා. එනම් වේදනා දුක බව දන්නේ, විරිය සමාධිය මගින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කරනවා. තුන් වෙනුව ලකුණු කළ විරිය මගින් අලුත් සංස්කාරයන් ඉවත් කරයි. මෙම විරිය ඉද්ධිපාදය අනුෂ්ඨිත වන්නේ ය. මෙහි දී බිඳුණා වූ දිට්ඨි නැවත සෑදීමට නොයයි.
මෙම ධර්මතාවයේ දෙවන කරුණ, එනම් අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව නොවීම සමඟ බැලුවා. දැන් එතන ඕගොල්ලෝ දන්නවා diagram එකක් තියෙනවා, අත්තා diagram එක කියලා. ඒකේ අපි අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල, ඉන් අනතුරුව සඤ්ඤා, චේතනා. එතකොට ඔය විරිය කියන එක චේතනා සහ ජීවිත ඉන්ද්‍රිය අතර ලකුණු කරගන්න පුළුවන්. එතකොට චේතනා විඤ්ඤාණ නිත්‍ය. පසු සඤ්ඤාව හැටියට දිට්ඨි ආශ්‍රවය එනවා.
එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රව නොවේ නම්, දිට්ඨි සල්ලය මගින් සඤ්ඤාව සනාථ කිරීමට ඉඩ නොලැබේ. එසේ වන්නේ නම්, සඤ්ඤාව මගින් චේතනා වී, අලුත් සංස්කාර මගින් බිඳුණු දිට්ඨි නැවත සෑදීම කළ නොහැක්කේ විඤ්ඤාණයේ නිත්‍යභාවය ගිලිහී යනවා. මෙය සඤ්ඤා චේතනා pump එක වැඩ නොකිරීම ලෙස සිතන්න යැයි සාකච්ඡා කළා.
මෙහි දී දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණය සිහි කළා. වරදවා තේරුම් ගැනීම පරාමාසය සහ ඇලීම අභිනිවේසය, දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණයයි. අභිනිවේසය, සඤ්ඤා අභිනිවේසය වශයෙන් බැලුවා. පරිදේව වූවොත් අභිජ්ඣා අගය ම සනාථ කරයි යන්නට සිත යොමු වුණා. එනම් දිට්ඨිය බිඳුණොත්, පරිදේව වූවොත්, අභිජ්ඣා වන්නේ ය. වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන්ට ඇලෙනවා. මේක උදැල්ල 2 වශයෙන් special ආයතන භාවනාවේ අපි ඉගෙනගෙන තියෙනවා.
එතකොට ඕගොල්ලො දන්නවා අර උදලු 1යි, සඤ්ඤා ඉඳන් පරාමාසයට එන උදැල්ල එතන. ඊට පස්සේ, වේදනා චේතනා එතන උදැල්ල 2 හැටියට අපි ලකුණු කරගෙන තියෙනවා. මෙහි දී අභිජ්ඣාව චේතනාව සමඟ එකතු වන්නේ ය. මෙතන්දි සංචේතනාවයි අදහස් කරන්නේ. සහම්පති බුදුපියා පැවසුවා, සංචේතනාව පැහැදිලි කරන නිවැරදි ක්‍රමය සංස්කාර mode එක, ඒකෙන් භය අගතිය, ඒකෙන් වේදනාව, වේදනාවෙන් චේතනා වශයෙන් බලන්න, කියලා. දැන් සඤ්ඤා චේතනා pump එක වැඩ කරයි. මෙසේ දිට්ඨි ආශ්‍රවයේ අභිනිවේසය යන ලක්ෂණය පැහැදිලි වෙනවා.
දිට්ඨි ආශ්‍රවයේ පළමු වන ලක්ෂණය පරාමාසය සිහි කළා. සීලබ්බත උපාදානයෙන් ඇති වන ප්‍රතිඵලයට ඇලීමෙන් පරාමාස වෙනවා. වරදවා ගන්නවා. අනාගතයේ මෙබඳු රූප, මෙබඳු වේදනා, ඇත්තෙක් වෙම්වා කියලා, ඒ විදිහට හිතනවා. සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ඇත්තෙක් වෙම්වා. උදැල්ල 1 වශයෙන් අපි බලලා තියෙනවා. සඤ්ඤාව මගින් හඳුනා ගන්නේ වේදනාවයි. සඤ්ඤා අභිනිවේසය වන්නේ, එනම් අභිජ්ඣා වන්නේ සඤ්ඤා මගින් හඳුනා ගත් වේදනා විෂයයෙහි ම ය. ඒ කියන්නේ, subject of feeling, කියන එක.
වේදනාවේ අභිනිවේසය වන්නේ, චේතනාව සමඟ යම දහමක් පැවැත්වීම සහ එය පරාමාසගත කිරීම යන්නයි. මේ නිසා පරාමාසයේ යම් වැඩිදියුණු වීමක් ඇති ද එයයි. ඒක අපි 25/09/2020 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කරලා තියෙනවා.
දැන් දිට්ඨි ආශ්‍රවයේ පළවෙනි ලක්ෂණය පරාමාසය යන්න වැටහෙනවා. දැන් උදලු තල 1 සහ 2 මගින්, පාලම සවිමත් වන්නේ, සඤ්ඤා චේතනා pump එක හොඳින් වැඩ කරයි. රූප සඤ්ඤා චේතනා විඤ්ඤාණ කියන පාලම සෑදීම සිදු වෙනවා. මෙහි යම් නැවතීමක් ඇති ද, එය ආශ්‍රව ක්ෂය කිරීමට තුඩු දෙනවා. එතෙන්දි, “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.” කියන ගාථාව සිහි වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්