ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
භාවනාවට පෙර ම, 07/12/2015 පුබ්බේනිවාසානුස්මෘති ඥානය භාවනාව බලන්නයි බුදුපියා පැවසුවා. සිතන මොහොතක විඤ්ඤාණය බැසගෙන සිටී නම්, එහි ස්ථාවරයෙක් ඒ කියන්නේ stability, ස්ථිතියක්, steady, ඇත්ද, මෙය අවිද්‍යාවට බීජයක් විය, යන වාක්‍යයට සිත යොමු වුණා. ඉතින් මෙතන diagram එකක් එනවා. ඒ diagram එක දීලාත් තියෙනවා.
ඒ අවිද්‍යා අනුසය, චිත්තස්ස සම්පලිබොධය, ඒකෙන් පරියුට්ඨානය, එතැනින් අප්පටිවේධ සඤ්ඤා, එතැනින් අභිනිවේසය හරහා අවිද්‍යා ආශ්‍රව වෙනවා කියලා.
මෙසේ අවිද්‍යා අනුසයෙන් පටන්ගෙන අවිද්‍යා ආශ්‍රව වූයේ, අප්පටිවේධ සඤ්ඤා භාවිතා කර වර්තමානයේ විඤ්ඤාණය අල්ලා ගැනීම ද, සැකසීම යන ධර්මයන් දෙක එකතු වන්නේ නම් දිට්ඨිය නිසා ම ඇති වූ සිතක්, සිතීමකින් තොරව පවතී යැයි ඉගෙන ගත්තා. විඤ්ඤාණය අල්ලා ගැනීම සඤ්ඤාව අල්ලා ගැනීමෙන් සිදු වන්නේ ය.
සඤ්ඤාව අල්ලා ගැනීම 06/12/2015 කම්ම සමාදාන 3 භාවනාවෙදි සාකච්ඡා කරලා තියෙනවා. එතෙන්දි අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව උස්සන්නේ, චිත්තස්ස සම්පලිබොධො පරියුට්ඨාන එතනින් අප්පටිවේධ ඒකෙන් අවිද්‍යා ආශ්‍රව එතැනින් දිට්ඨි ආශ්‍රව.
මෙසේ දිට්ඨීන් ඇති වන්නේ, වර්තමාන කාලයේ සඤ්ඤාව අල්ලාගෙන සිටීම සිදු වේ යැයි, ඉගෙනගෙන ඇත. විඤ්ඤාණයේ සකස් කිරීම දිට්ඨි සල්ලය මගින් ක්‍රියාත්මක වන්නේ, සඤ්ඤා චේතනා pump එක වැඩ කිරීම ලෙස සිතිය යුතුයි.
ඉතින් මෙතෙන්දි අර අත්තා පථය විමසන්න ඕනෑ. 04/12/2020 දිට්ඨි ආශ්‍රව භාවනාවෙදි, උදලු 1 සහ 2 මගින්, පාලම සවිමත් වන්නේ රූප, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ පාලම සෑදීම සිදු වේ යැයි, සාකච්ඡා කළා.
ඉහත ධර්මයන් සමඟ, අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණය හොඳින් පැහැදිලි වෙනවා. එනම් අප්පටිවේධයත් අසම්පජානයත්. අප්පටිවේධයට සියලු විපල්ලාසයන් ඇතුළත් වෙන අතර, විඤ්ඤාණයේ ස්ථාවරයක් stability, ස්ථිතියක්, steady, ඇත්ද, මෙය අවිද්‍යාවට බීජ වීම යන්න ගත යුතුයි. එනම් ස්පර්ශ කරමින් පවතී යැයි සිතීම හෝ, බැස ගැනීම මෙනෙහි කළ යුතුයි.
අප්පටිවේධයට අවිද්‍යා අනුසය බලපායි. සුභය ම අවිද්‍යා අනුසය වූයේ යැයි, 31/10/2015 නිබ්බාන භාවනාවේදි අපි ඉගෙන ගත්තා. අසම්පජානය කෙසේ අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණයක් වී ද? අවිද්‍යා අනුසය මගින් උලුප්පා දෙන්නේ කුමක් දැ යි විමසිය යුතුයි. දුක බව දත යුතුයි. තණ්හාව නිසා මෙය වන බව නොදනී. දිට්ඨි ආශ්‍රව හේතු කොටගෙන ඇති වන්නා වූ අවිද්‍යා ආශ්‍රවයට තණ්හාවේ බලපෑම එකතු වී ඇත. ඒ නිසා ය.
අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ දිට්ඨි පපඤ්චයන් ඇති විය. ධාරාව ගලයි. නොසිඳී නොමැරී පවතී යැයි සිතයි. මෙයට විඤ්ඤාණයේ අල්ලා ගැනීම බලපායි. ඒ කියන්නේ අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව උස්සන්නේ, චිත්තස්ස සම්පලිබොධ පරියුට්ඨාන අප්පටිවේධ අවිද්‍යා ආශ්‍රව දිට්ඨි ආශ්‍රව වී වර්තමාන කාලයේ විඤ්ඤාණයේ අල්ලා ගැනීම.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්