ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
11/12/2020 අවිද්‍යා ආශ්‍රව භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී අප්පටිවේධයට සියලු විපල්ලාසයන් ඇතුළත් වන අතර විඤ්ඤාණයේ ස්ථාවරයක්, stability ස්ථිතියක්, steady, ඇත්ද, මෙය අවිද්‍යාවට බීජ වීම යන්න ගත යුතු ය. එනම් ස්පර්ශ කරමින් පවතී යැයි සිතීම හෝ බැස ගැනීම මෙනෙහි කළ යුතුයි. අප්පටිවේධයට අවිද්‍යා අනුසය බලපායි. සුභය ම අවිද්‍යා අනුසය වූයේ යැයි කියලා සාකච්ඡා කළා.
මෙසේ ඇති වෙන අප්පටිවේධය කෙසේ නැති වන්නේ ද? එය 29/10/2015 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කරලා තියෙනවා. එතන තියෙනවා ජාති වේදනා නාමරූප රේඛාව. ඒ වේදනාව ළඟ 1 පවතිනවා පසු අත්ත ධර්මය, ඊළඟට ජාතිය ළඟ 2 පවතිනවා පෙර අත්ත ධර්මය, අර odd path එකේ එන එක. ඊළඟට 3 නාමරූප ළඟ පවතිනවා දැන් අත්ත ධර්මය.
මෙසේ ඇති වන්නා වූ අත්ත ධර්මයන්ගේ පෙළ ගැසීම නිසා සක්කාය දිට්ඨිය ඇති වේ යැයි සාකච්ඡා කළා. මෙම තුන් අත්ත ධර්මයෝ පෙළ ගැසීම වැළකී යන්නේ, සක්කාය දිට්ඨිය නොවේ. මෙයින් අප්පටිවේධය නැති වී යයි.
අසම්පජානය සාකච්ඡා කළ අවස්ථාවේ දි, දිට්ඨි ආශ්‍රව හේතු කොටගෙන ඇති වන්නා වූ අවිද්‍යා ආශ්‍රවයට තණ්හාවේ බල පෑම එකතු වී ඇත යනු වෙන් සාකච්ඡා කළා. අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ දිට්ඨි පපඤ්චයන් ඇති වෙන බවත්, නොසිඳී නොමැරී පවතී යැයි සිතයි. මෙයට විඤ්ඤාණයේ අල්ලා ගැනීම බලපායි යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි අල්ලා ගැනීම නිත්‍යයි අල්ලා ගැනීම වෙයි. මෙය කෙසේ නැති වන්නේ ද? මෙය 30/10/2015 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කරලා තියෙනවා.
එතන අපිට එනවා diagram එකක්. ජීවිත ඉන්ද්‍රිය ඉඳන් විඤ්ඤාණයට නිත්‍යයි, පසු අත්තා ධර්මය. සංස්කාර පවතිනවා කියලා භය අගතියට ඇවිල්ලා, භය අගති සෝක වේදනා. එතන පවතිනවා කියලා වේදනාවට එනවා.
ඒ වගේ ම භය අගතියෙන් සෝකය, එතන line 9. ඊට පස්සේ, line 12 හරහා ජරාවට, දැන් අත්ත ධර්මය එනවා. ඉතින් අපි එතන path B කියලා සාකච්ඡා කරලා තියෙනවා, ඒ කියන්නේ භය අගති සෝක වේදනා යන පථය නැති වීමෙන් කුලමච්ඡරිය හටගත්, නිත්‍යභාවය නැති වී යයි.
සඤ්ඤා ජරා වීමත්, වේදනා සුඛ යන අර්ථය ගිලිහී යන්නේ, තණ්හා නොවේ. මේ නිසා අසම්පජානකාරීත්වය නැති වී යයි, යනුවෙන් සාකච්ඡා කරලා තියෙනවා. මෙසේ අප්පටිවේධයත් අසම්පජානයත් නැති වී යන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්