Date: 25/12/2020 Name: Dukka Nirodha

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සබ්බාසව සූත්‍ර diagram 3 වල, slide 7 වල ධර්ම කරුණු 18/12/2020 නිබ්බාන භාවනාව කරද්දි පෙනුණා. එම ධර්මයෝ ගැඹුරු නිසා, පහත අයුරින් පැහැදිලි කරනවා.

“නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො, ඉච්ඡා නිදානානි පරිග්ගහානි. ඉච්ඡා සන්‌ත්‍යා න මමත්තමත්ථි, රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.” රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් මෝහය ඇති වෙන බවත්, එමගින් පහළ දකුණු ත්‍රිකෝණය සෑදෙන බවත්, එමගින් පහළ වම් ත්‍රිකෝණය සෑදෙන බවත් කලහ විවාද සූත්‍ර 2 දී ඉගෙන ගතිමු. විඤ්ඤාණය ධාරාවක් මෙන් පවත්වා, තණ්හාව ඇති විය. තණ්හාව නිසා අල්ලා ගැනීම පරිග්ගහානි. අල්ලා ගැනීම නිසා, මමත්වය මමත්තමත්ථි. මගේ යැයි බැඳෙනවා. ඇස මගේ, කකුල මගේ. තණ්හාව නිසා අල්ලා ගැනීම. වේදනාව නිසා තණ්හාව විය.

මෙම වේදනාව තුළ, රූපයේ ජරා ධර්මයත්, එම ජරාව නිසා ඇති වූ සඤ්ඤාවේ ජරා ධර්මයත්, පවතිනවා යන දිට්ඨිය බිඳීම නිසා ඇති වූ අවිශ්වාසයත් ඇත, යන වාක්‍යයට සිත යොමු වුණා.

ඉතින් ඕගොල්ලො දන්නවා මෙතන මේ diagram එකක් තියෙනවා. ඒ පරාමාසකායගන්ථයෙන් ඉදංසච්චයට සුභයි කියලා එනවා. පහළට නිත්‍ය මෝහ අගති ගමන. මෝහ අගතියේ ඉඳන් පරාමාසයට ඒ රේඛාව දික් කළා ම, සඤ්ඤාව කරා යනවා නාමරූප හරහා. වම් පැත්තෙන් තව triangle එකක් තියෙනවා, ගිද්ධිලෝභ වේදනා ජාති. ජාති වේදනා රේඛාව දික් කළා ම, නාමරූප කියන තැනට යනවා. තණ්හාවයි පරිග්ගහයයි ලකුණු කරලා තියෙනවා. පරාමාසය ඉඳන් භය අගතියට අත්තා කියලා ලකුණු කරලා තියෙනවා.

දිට්ඨිය බිඳේ නම්, එනම් පරිදේව වන්නේ නම්, අභිජ්ඣා වන බව අපි දනිමු. මෙහි දී ජරා වේදනා අසම්පජාන රේඛාවට සිත යොමු වන්නේ, අවිද්‍යා අනුසය මගින් ඔසවනු ලබන සඤ්ඤාවට ඡන්දය ඇති වීම, එයට මාන වීම මගින් සඤ්ඤා රාගය ද, ඉහත දිට්ඨීන් බිඳීම නිසා ඇති වූ අභිජ්ඣා යන තුන් ධර්මයන් මුසු වන්නේ, ජරා වේදනා අසම්පජාන රේඛාව දක්ෂිණාවර්ත ව කැරකැවී, අභිජ්ඣාව, චේතනාව සමඟ එකතු වීම සිදු වන අතර, ජාති වේදනා චේතනා රේඛාව බවට පත් වී, සඤ්ඤා නන්දිය ඇති වෙයි.

මෙහි දී ජනනය වන තණ්හාව මගින්, පරිග්ගහය වන අතර, දිට්ඨි සල්ලය මගින්, එම සඤ්ඤා සනාථ කිරීමට තුඩු දෙයි. මෙහි දී “මමායිතෙ පස්සථ ඵන්දමානෙ” ගාථාව සිහි විය. 03/12/2018 නිබ්බාන භාවනාවෙදි අපි සාකච්ඡා කරලා තියෙනවා.

“මමායිතෙ පස්සථ ඵන්දමානෙ, මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ. එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, භවෙසු ආසත්තිමකුබ්බමානො.” ඛුද්දක නිකාය, මහා නිද්දේස පාලි, ගුහට්ඨක සූත්‍ර නිද්දේසො. පිටුව 70.

තරාදියේ වම් පැත්ත පාත් විය. රාග වශයෙන් රත් විය. දකුණු පැත්ත උඩ ගොස් විඤ්ඤාණය සකස් විය. මෙහි යම් දිට්ඨි ආශ්‍රව මගින් අවිද්‍යා ආශ්‍රව වේ ද එහි දී area 6 වල බල පෑම ඇති වී, කාම ආශ්‍රව වීම සිදු වේ.

තරාදියේ දකුණු පැත්ත පාත් විය. වම් පැත්ත උඩ ගොස් රූපය හා එක් විය. මෙහි යම් නතර වීමක් ඇති ද, එය නිර්වාණ ධර්ම ගුණයෝ අඩංගු වන්නේ ය. කුමක් නිසා ද? නැවතත් ජරාවට යෑමට කැමැත්තක් නැති නිසා ය.

ඉතින් ඒක තමයි භාවනාව. ඉතින් මේ භාවනාවේ රවුම් 5.3 දක්වා ගොස්, එතන තමයි සඤ්ඤාවේ ජරාව, ඉන් අනතුරුව රවුම් 1, 2, 3 වශයෙන්, විමසන්නේ, මාමාගේ ඔරලෝසුව ලැබීම රවුම් 1 මෙසේ විමසන්නේ, backward wave එකත් වැටහෙනවා. රවුම් 1 ඉඳන් 5 දක්වා, 5.3 සඤ්ඤා ජරා, ඊළඟට රවුම 1, 2, 3. එනම් රවුම් 6, 7, 8. එතකොට අපි දන්නවා රවුම් 5, 6, 7, 8 backward wave එක. විඤ්ඤාණ ධාරාව A2 සමඟ සම්බන්ධ ධර්මයෝ සුභ, නිත්‍ය වශයෙන් ඉදංසච්චයට රූපය සොයා යෑම. තව ද අට වෙනි රවුමෙන් පසු තණ්හාව යන්න ද වැටහෙනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-07.jpg


s_KalahaVivivadhaSutta_Diagrams2/s_KalahaVivivadhaSutta_Diagrams2-05.jpg