ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“න කප්පයන්ති න පුරක්ඛරොන්ති, අච්චන්තසුද්ධීති න තෙ වදන්‌ති. ආදානගන්ථං ගථිතං විසජ්ජ, ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලොකෙ,” කියලා ගාථාවක් මහා නිද්දේසයේ, මහා නිද්දේස පාලි, සුද්‌ධට්‌ඨක සූත්‍ර නිර්දේශය පිටු 134-138, තියෙනවා. එතකොට ඒකේ පෙන්නනවා, පැහැදිලි කරනවා, මහා නිද්දේසයේ, යම් හෙයකින් ඒ ශාන්ත වූ ක්ෂීණාස්‍රවයෝ ද්විවිධ තෘෂ්ණාදි කල්පනයන් හා පුරක්ඛරානයන් අතුරෙන් කිසිවකින් කල්පනය නොකෙරෙත් ද, පෙරටු නොකෙරෙත් ද, ඔවුහු සම්පූර්ණ ශුද්ධිය නොකියත් ද, එහෙයින් ස්වකීය චිත්ත සන්තානයෙන් ගෙතුණා වූ ආදානග්‍රන්ථ යැයි කියන ලද, අභිජ්ඣා දී චතුර්විධ කායග්‍රන්ථය සිඳ පියා, කිසි ලෝකයෙක් හි තෘෂ්ණාව නූපදවත්.
එතකොට මේක පැහැදිලි කරනවා, මහා නිද්දේසයේ. “න කප්පයන්ති න පුරක්ඛරොන්ති” කියන එක. කප්පා කීවා ම, තෘෂ්ණා කල්ප, දිට්ඨි කල්ප කියලා කල්පයෝ දෙදෙනෙක් වෙති. ඔවුන් විසින් තෘෂ්ණා කල්පය ප්‍රහීණ ය, දිට්ඨි කල්පය දුරලන ලද්දේ ය. තෘෂ්ණා කල්පය ප්‍රහීණ වන බැවින්, දිට්ඨි කල්පය දුරලන ලද බැවින්, තෘෂ්ණා කල්පයෝ හෝ දිට්ඨි කල්පයෝ හෝ කල්පනය නොකෙරෙති. නූපදවති, නොනිපදවත්නුයි, “න කප්පයන්ති” යනු වේ.
“න පුරක්ඛරොන්ති,” තෘෂ්ණා පුරක්ඛරානය, දිට්ඨි පුරක්ඛරානය යැයි පුරක්ඛරානයෝ දෙදෙනෙක් වෙනවා. තෘෂ්ණා පුරක්ඛරානය ප්‍රහීණ වන බැවින්, දිට්ඨි පුරක්ඛරානය දුරලන ලද බැවින්, තෘෂ්ණා හෝ දෘෂ්ටිය පෙරටු කොට නොහැසිරෙති.
“අච්චන්තසුද්ධීති න තෙ වදන්‌ති.” සම්පූර්ණ සුද්ධිය නොකියයි.
“ආදානගන්ථං ගථිතං විසජ්ජ.” ගන්ථ යනු අභිජ්ඣා කායග්‍රන්ථය, ව්‍යාපාද කායග්‍රන්ථය, සීලබ්බත පරාමාසකායගන්ථය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය යි ග්‍රන්ථයෝ සතර දෙනෙක් වෙති.
ස්වකීය දෘෂ්ටිය පිළිබඳ ඡන්දරාගය, අභිජ්ඣා කාය ග්‍රන්ථය වේ. පරවාදයන් හි කෝපය හා නොසතුට ව්‍යාපාද කාය ග්‍රන්ථය වේ. තමාගේ සීලය හෝ වෘතය, සීලවෘත හෝ පරාමාසය කෙරුණේ සීලබ්බත පරාමාසකායගන්ථය වේ. තමාගේ, දෘෂ්ටිය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය වේ.
කවර කරුණකින් ආදානග්‍රන්ථ යැයි කියනු ලැබෙයි ද? මේ කියන ලද අභිජ්ඣා දී නාමකාය ග්‍රන්ථයන් හේතු කොටගෙන, රූපාරම්මණය ආදානය කෙරෙති. උපාදානය කෙරෙයි. තෘෂ්ණා ග්‍රහණයෙන් ගනිති. තෘෂ්ණා දිට්ඨි ග්‍රහණයෙන් පරාමාස කෙරෙති. මාන ග්‍රහණයෙන් අභිනිවේස කෙරෙති. මේ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, ගතිය, උත්පත්තිය, ප්‍රතිසන්ධිය, භවය, ආදානය කෙරෙත්, උපාදානය කෙරෙත්, ග්‍රහණය කෙරෙත්, පරාමාස කෙරෙත්, අභිනිවේස කෙරෙත්. ඒ කරුණෙන් ආදානග්‍රන්ථ යැයි කියනු ලැබෙත්.
“විසජ්ජ.” ග්‍රන්ථ බන්ධනයන් මොනවට විසුරුවා හෝ හැර, නොහොත් බන්ධනයෙන් ග්‍රන්ථයන් දුරු කොට, ඒ කියන්නේ යම් සේ වාහනයක් හෝ රථයක් හෝ ගැලක් හෝ යානයක් හෝ ගලවා, අපරිභෝග කෙරෙත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් කාය ග්‍රන්ථයන් විසුරුවා හෝ දුරු කොට, නොහොත් ග්‍රන්ථ හාත්පසින් ඒ බද්ධ වූවන් දුරු කොට “ආදානගන්ථං ගථිතං විසජ්ජ.” යනුවෙන්.
“ආසං.” ආසා කියලා කියන්නේ තණ්හාව. “න කුබ්‌බන්‌ති,” කියන්නේ නොකෙරෙති. “කුහිඤ්චි,” කියන්නේ කිසි තැනක. “ලෝකෙ,” කියන්නේ ලෝක, රූප ලෝක, අරූප ලෝක.
එතකොට තණ්හා කල්පනය ඇති වීම, පුරාභෙද diagram තුන් වෙනි එකේ දී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකෙ රූප සටහන 1 මගින් තණ්හා කල්පනය ඇති වේ. ඒ රූප සටහන 1 තියෙන්නේ, එතන ස්පර්ශ, සඤ්ඤා, නාමරූප. පහළින් එනවා, ස්පර්ශ, වේදනා, නාමරූප ධම්මමච්ඡරිය පාර.
දිට්ඨි කල්පනය ඇති වීම, රූප සටහන 2. එහි දී සුභයට නිත්‍ය එකතු වීම මගින් සුඛ වීමත්, එය පරාමාසගත වීමට පසුව අත්තා යැයි ගෙන දිට්ඨි කල්පනය ඇති වීම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒකේ diagram එක අපි දන්නවා, වේදනා, පරාමාස, පහළට අත්තා කියලා එනවා භය අගතිය. එතනින් දිට්ඨි අනුසය පාර වේදනාව. තව ද, පුරක්ඛරානය දෙයාකාර බවත්, එය තණ්හා පුරක්ඛරාන සහ දිට්ඨි පුරක්ඛරාන වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා අපි. තණ්හා පුරක්ඛරානයට සංස්කාරයන්ගේ පරිදේව වීම බලපාන අතර, දිට්ඨි පුරක්ඛරානයට නිත්‍ය යන චිත්ත විපල්ලාසය බලපාන බව බුදුපියා පැවසුවා.
මෙය 25/12/2020 දුක්ඛ නිරෝධ භාවනාව සමඟ සම්බන්ධ කර බලන්නේ, හොඳින් ධර්මය වැටහෙනවා. යම් පරිදේව වීමක් සිදු වූවා ද, එමගින් අභිජ්ඣා අගය සනාථ කිරීම වන අතර, එමගින් මෝහය සනාථ කිරීමත්, ජාති දක්වා ගමන් කිරීමත් වන්නේ, තරාදියේ දකුණු පැත්ත උඩ යෑම සිදු වේ. රාග සල්ලයන් ඇති වන්නේ, තණ්හා කල්පනය, කියන්නේ තණ්හා කප්ප ඇති වේ. මේ මගින් අභිජ්ඣා කාය ග්‍රන්ථය ඇති වේ.
දිට්ඨි පුරක්ඛරානයට නිත්‍ය යන චිත්ත විපල්ලාසය බලපායි. මෙහි දී ඇති වන්නා වූ දිට්ඨි ආශ්‍රව මගින්, දිට්ඨි අනුසය ඇති වීම සිදු වේ. මෙම තුන් ධර්මයන් මුසු වන්නේ, එනම්, නිත්‍ය, දිට්ඨි ආශ්‍රව, දිට්ඨි අනුසය යන තුන් ධර්මයන් මගින්, දිට්ඨි කල්පයෝ දිට්ඨි කප්ප, ඇති වීම සිදු වෙනවා. පරාමාසකායගන්ථය ඇති වීම සිදු වෙනවා. අභිජ්ඣා කාය ග්‍රන්ථය සහ පරාමාසකායගන්ථයන්ගේ යම් එකමුතුවක් alignment එකක් ඇති ද, එමගින් ඇති වන්නා වූ අහං සහ මමං එකට සිටී යන ධර්මතාවයන් ඇති වන්නේ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය මහත් වෙනවා. මෝරනවා. ව්‍යාපාද කාය ග්‍රන්ථය අන් සියලු ග්‍රන්ථයන්ගේ එකතුව මගින් ම සිදු වේ. කුමක් නිසා ද? සිතූ පැතූ එකක්වත් එම ආකාරයට සිදු නොවේ. අන් ආකාරයට සිදු වන්නේ ය.
ඉහත ඇති වූ දිට්ඨින් මගින් “අච්චන්තසුද්ධී,” ඒ කියන්නේ සම්පූර්ණ සුද්ධිය නොවන බව දන්නේ දක්නේ, ග්‍රන්ථයන් ඇති වීම පිණිස තණ්හා නූපදවයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්