ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ අතක්ක වග්ගයේ, පිටු 254 සිට 806, ගාථාවක්. ඒක මහා නිද්දේසයෙත් තියෙනවා. පිටුව 155. “තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා, පකප්පිතා නත්ථි අණූපි සඤ්ඤා. තං බ්‍රාහ්මණං දිට්ඨිමනාදියානං, කෙනීධ ලොකස්මිං විකප්පෙය්ය්‍ය.”
ඒ රහත් මහණ හට දිට්ඨෙ ඒ කියන්නේ දකින, හෝ සුතෙ ඇහෙන, හෝ මුතෙ කියන්නේ සුවඳ රස සහ ස්පර්ශ විසින් ප්‍රකල්පිත වූ, පකප්පිතා, අණු මාත්‍ර වූ සඤ්ඤාවෙන් උපදවන ලද දෘෂ්ටියෙක් නැත. මේ සත්ව ලෝකයෙහි දිට්ඨින් නොගන්නා වූ ඒ බ්‍රාහ්මණයා රාගාදී කවර ධර්මයකින් විකල්පනය කරන්නේ ද?
මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම්, not even a subtle notion is formulated by him, about what is seen, heard or sensed here. How could anyone here in the world categorize him, that Brahmin who does not cling to any view?
ඔය දිට්ඨිමනාදියානං කියලා කියන්නේ දිට්ඨි ආදානය නොකරයි කියන එක. එතකොට ඒ විකප්පෙය්ය්‍ය කියන එකේ කප්ප අපි දන්නවා තණ්හා කප්ප, දිට්ඨි කප්ප කියලා.
දිට්ඨි අනුසය නිසා රූපය සුඛ යැයි පැවසීමක් නැති එම බ්‍රාහ්මණයාට පෙර පුරුදු පාරේ ගොස් එනම් පකප්පිත පාරේ, 50% පාරේ ගොස් උපදවන දිට්ඨියක් නැත. පකප්පිතා කියන එක ඔය log diagram slide 5 වල අපි සඳහන් කරලා තියෙනවා. දිට්ඨි උපාදානයක් නැත්තේ, වරදවා වටහා ගැනීම් නූපදවන්නේ ය. යම් දහමක් නිසා, ඒ කියන්නේ සුඛ සඤ්ඤා නිසා වන අභිනිවේසය නැති වන්නේ ය.
මෙසේ අභිනිවේසයත් පරාමාසයත් නැති වන්නේ, එනම් දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණය ගිලිහී යන්නේ, දිට්ඨි කල්පය දිට්ඨි කප්ප කියන එක, පළමුව ගිලිහී යයි. තණ්හා කල්පයට තණ්හා කප්ප තුඩු දෙන්නා වූ යම් දහමක් වේ ද, එහි ගැම්ම නැති වී ගොස් ඇත්තේ ය. මෙහි දී 01/01/2021 ගන්ථ භාවනාව සමඟ සම්බන්ධ වෙනවා.
ඉතින් ඕගොල්ලන්ට ඔය diagram එකක්, මේකත් එක්ක දෙනවා.
ඒකේ පෙන්නන්නේ පරිදේවය, ඒ පරිදේවය ඉඳන් පරාමාසයට අපි රේඛාවක් ලකුණු කරලා තියෙනවා. එතැනින් විඤ්ඤාණය, පහළට එනවා මෝහ අගතියට. එතකොට අපි අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට එනවා රේඛාවක් තියෙනවා. එතකොට රාග සල්ලය, ජාතිය, එතකොට පකප්පිතා කියන එකේ සංකල්පය, ජාති ඉඳන් වේදනාව දක්වා ලකුණු කරලා තියෙනවා. ඉතින් එතැනින් පස්සේ නාමරූප, ඒ තණ්හා කල්පනය තියෙන කොටසට එනවා.
එතකොට භය අගතිය ඉඳන් වේදනාවට දිට්ඨි අනුසය කියන එක තියෙනවා. යම් පරිදේව වීමක් සිදු වූවා ද, එමගින් අභිජ්ඣා අගය සනාථ කිරීම වන අතර, එමගින් මෝහය සනාථ කිරීමත්, ජාති දක්වා ගමන් කිරීමත් වන්නේ, තරාදියේ දකුණු පැත්ත උඩ යෑම සිදු වෙනවා. රාග සල්ලයන් ඇති වන්නේ, තණ්හා කල්පනය, තණ්හා කප්ප ඇති වෙනවා. මෙමගින් අභිජ්ඣා කාය ග්‍රන්ථය ඇති වේ, යනුවෙන් සාකච්ඡා කළා.
මෙම ගැම්ම නැති වී ගොස් ඇත්තේ, දිට්ඨෙ දකින, හෝ සුතෙ ඇහෙන, හෝ මුතෙ සුවඳ, රස සහ ස්පර්ශ මගින් ඇති වන්නා වූ දහම්හු, රාග සල්ලය මගින් ඉදිරි පත් කිරීමක් නැත. රාගය ප්‍රහීණ බැවිනි. දෝෂ සල්ලය මගින් ඉදිරි පත් කිරීමක් නැත. ද්වේෂය ප්‍රහීණ බැවිනි. දිට්ඨි සල්ලය මගින් ඉදිරි පත් කිරීමක් නැත. දිට්ඨිය ප්‍රහීණ බැවිනි. මෝහ සල්ලය මගින් ඉදිරි පත් කිරීමක් නැත. මෝහය ප්‍රහීණ බැවිනි.
සල්ලයන් ඉවත් වන්නේ, ඡන්ද, චිත්ත, විරිය, විමංසා මගින් බව අපි දනිමු. එය සිදු වන්නේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා මගිනි. එනම් අරි අට මඟේ ම සිටිය යුතුයි. මෙසේ නිවන් දොර විවෘත වෙයි. Door to නිබ්බාන.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්