ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
08/01/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් වන, දිට්ඨෙ දකින හෝ සුතෙ ඇහෙන හෝ මුතෙ සුවඳ, රස සහ ස්පර්ශ මගින් ඇති වන්නා වූ දහම් හු, රාග සල්ලය මගින් ඉදිරි පත් කිරීමක් නැත. රාගය ප්‍රහීණ බැවිනි. ද්වේෂ සල්ලය මගින් ඉදිරි පත් කිරීමක් නැත. ද්වේෂය ප්‍රහීණ බැවිනි. දිට්ඨි සල්ලය මගින් ඉදිරි පත් කිරීමක් නැත. දිට්ඨිය ප්‍රහීණ බැවිනි. මෝහ සල්ලය මගින් ඉදිරි පත් කිරීමක් නැත. මෝහය ප්‍රහීණ බැවිනි. සල්ලයන් ඉවත් වන්නේ, ඡන්ද, චිත්ත, විරිය, විමංසා මගින් බව අපි දනිමු, යන ධර්ම කොටසට හිත යොමු වුණා.
භාවනාවට පෙර ම 11/03/2012, අනුමාන භාවනාව මේක තියෙන්නේ Visuddhimagga website එකේ. ඒ භාවනාව බලන්නයි බුදුපියා පැවසුවා.
එහි සඳහන් වන 1 සුවච වීම නිසා නිපකො ච වන්නේ නම් පලාසය නොපවතී. 2 අනතිමානී නිසා ඉඳුරන් සංවර කරගන්නේ නම්, ක්‍රෝධය නොපවතී. 3 සුඛිත වන්නේ යැයි කියන්නේ නම්, පටිඝය ඊර්ෂ්‍යාව නොපවතී. යන ධර්ම කරුණුවලට සිත යොමු වුණා.
මෙහි දී 10. සුඛිත චිත්ත සිට, 12 ව්‍යාපාදය නිසා හානි නොකිරීම, දක්වා වූ රේඛාව දිගු කළ විට, මුදු දක්වා ගමන් කිරීමත්, ඒ කියන්නේ අනුමාන inference කියන එක එතන. එහි දී සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ සඳහන් වන 3 වෙනි විරිය, එනම් “අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය.” ඒ කියන්නේ සොතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කිරීමට ගන්නා වූ උත්සාහය, මමංකාර ප්‍රහාණය සිහි කළා.
මෙහි දී පකප්පිත පාරට, සුඛිත චිත්ත මුදු පථය, parallel බව දුටුවා. ඕගොල්ලෝ දන්නවා ජාති, වේදනා, මනොසඤ්‌චෙතනා, එතන පකප්පිත පාර, එතන ජාති ඉඳන් වේදනාව දක්වා. එතකොට ඔය සුඛිත චිත්ත කියන එක ලකුණු වෙනවා, ජාතියේ ඉඳන් ජරාව දක්වා තියෙන රේඛාවේ. සුඛිත චිත්තයේ ඉඳන්, මුදු කියන එකට රේඛාවක් ඇන්දොත්, ඒ පකප්පිත පාරයි, මේ සුඛිත චිත්ත මුදු පථයයි parallel.
එනම් තණ්හා කල්පනය ඉඩ දීමක්, තුඩු දීමක්, ඉන්ද්‍රිය සංවර සහිත වූ, ඒ බ්‍රාහ්මණයාට නොවන බවත්, මෙත්තාව සහිත වූ සුඛිත චිත්ත ස්වභාවය ජරා වන රූපය ඉක්මවනු ලබන්නේ, විරිය සමාධියට ඇති හතුරු දෙන්නා වන කුලමච්ඡරිය සහ පලාසය ඉහත 1, 2, යන ධර්ම කරුණුවලින් නැති වී යන්නේ, මගඵල චිත්තය නොපිරිහී පවතී යන්න වැටහුණා.
මෙසේ බුදුපියා අනුමාන භාවනාව බලන්නයි පැවසූයේ ඡන්ද, චිත්ත, විරිය, විමංසා සමාධීන්ගේ, හතුරන් ඉවත් කිරීමට බවත් වැටහුණා. ඉන්ද්‍රිය සංවරයෙන් ඡන්ද සමාධියේ හතුරන් දෙදෙනා නැති වෙන බව අපි දනිමු. තවදුරටත් විමසන්නේ, අපිට අර cone එක පේනවා. ඒ කියන්නේ විරියේ ඉඳන් නිපකො ච කියන තැනට රේඛාවක්, සුවච ඉඳන් නිපකො ච කියන තැනට රේඛාවක්, ඉන්ද්‍රිය සංවරයේ ඉඳන් නිපකො ච කියන තැනට රේඛාවක් ඇන්දොත්, cone එක වගේ පේනවා. ඒක දික් කළහම යන්නේ මෝහයට. එතකොට cone එක මගින් මෝහය නැති වීමත්, එමගින් විමංසා සමාධියේ හතුරො දෙන්නා වන මානය සහ අවිද්‍යාව නැති වීමත් සමඟ, අරි අට මඟේ ම ස්ථාපිතව, stable ව විසිය හැකි බව, හොඳින් වැටහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.