Date: 22/01/2021 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සුත්ත නිපාතයේ, 920 වෙනි ගාථාව, ඒ වගේ ම මහා නිද්දේසයේ පිටුව 473, ඒකේ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා, “ධර්මය දැක ලොවේ කිසිදු දෙයක් උපාදාන වශයෙන් නොගෙන කෙසේ නිර්වාණය වෙයි ද?” කියලා. තථාගතයන් වහන්සේ ගාථාවක් පැවසුවා.

“මූලං පපඤ්ච සඞ්‌ඛාය, මන්තා අස්මිති සබ්‌බමුපරුන්‌ධෙ. යා කාචි තණ්හා අජ්ඣත්තං, තාසං විනයා සදා සතො සික්ඛෙ.” පපඤ්ච මූලය, මම වෙමි යන අස්මිතිය, ප්‍රඥාවෙන් විමසා සියල්ල වළකන්නේය. අධ්‍යාත්මයෙහි යම්කිසි තෘෂ්ණා කෙනෙක් වෙත් ද, ඔවුන්ගේ ප්‍රහාණය සඳහා හැම කල්හි ම සිහි ඇතිව හික්මෙන්නේ ය.

එතකොට මේ “පපඤ්ච” කියලා කීවා ම, අපි දන්නවා තණ්හා පපඤ්ච, දිට්ඨි පපඤ්ච වශයෙන් දෙයාකාර වෙනවා කියලා. තණ්හා පපඤ්චයෝ කවරහු ද? ජරා වේදනා අසම්පජාන රේඛාවේ යම් භ්‍රමණයක් වේ ද මෙයයි. දිට්ඨි පපඤ්චයෝ කවරහු ද? අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යම් දිවීමක් වේ ද එයයි. “පපඤ්ච මූලය” වන්නේ, “මම වෙමි” යන අස්මිතියයි.

“සඤ්ඤා නිදානානි පපඤ්ච සඞ්‌ඛා” යනුවෙන් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මූලය කියන්නේ root. Root is in the sense of foundation. දැන් ගසක foundation එක මුල්. නිදාන කීවා ම. It is source. ගස සෑදීමට වතුර, පොහොර. පපඤ්චයන්ගේ මූලය, root එක, අස්මිතිය. දිට්ඨි පපඤ්චය සිහි කරන්නේ, 08/01/2021 නිබ්බාන භාවනාව සමඟ සම්බන්ධ වුණා. එතකොට, ඒකේ ඕගොල්ලො දන්නවා, diagram එකක් තියෙනවා, ඒ පරිදේවයෙන් පරාමාසය විඤ්ඤාණ ආහාරය, එතකොට එතනින් අපි, මෝහ අගතියට යනවා.

s_Pakappita.jpg

එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රව රාග සල්ල ජාතිය, අර සංකල්ප පාර, 50% පාර, පකප්පිතා කියලා අපි ජාතියේ ඉඳන් වේදනාවට ලකුණු කරලා තියෙනවා. එතකොට යම් පරිදේව වීමක් සිදු වූවා ද, එමගින් අභිජ්ඣා අගය සනාථ කිරීම වන අතර, එමගින් මෝහය සනාථ කිරීමත්, ජාතිය දක්වා ගමන් කිරීමත් වන බව සාකච්ඡා කළා.

මෙහි යම් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීමක් ඇති ද, එමගින් ජරා වේදනා අසම්පජාන රේඛාව clockwise කැරකැවී තණ්හා පපඤ්චය සෑදෙයි. මෙහි මූලය වූයේ අස්මිතියයි. මෙය ප්‍රඥාවෙන් විමසා දැන, වැළකිය යුතුයි.

ඊළඟ ගාථාවේ පදය. “යා කාචි තණ්හා අජ්ඣත්තං, තාසං විනයා සදා සතො සික්ඛෙ.” තණ්හා අජ්ඣත්තං, අධ්‍යාත්මය යැයි සිතට කියයි. ඇතුළත උපදින තෘෂ්ණාව තණ්හා අජ්ඣත්තං.

සතො. යනු සතර කරුණකින් සිහි ඇතියේ. කායේ කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ. ඒ වගේ ම වේදනා, චිත්ත, ධම්මෙහි ධම්මානුපස්සනා, සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ. එතකොට, ඒ කාරණා හතරෙන් සිහි ඇතියේ.

සික්ඛෙ. ශික්ෂාවන් තුනයි. අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා.

තාසං විනයා සදා සතො සික්ඛෙ. ඒ තෘෂ්ණාවන්ගේ විනය පිණිස, ප්‍රහාණය පිණිස, දුරලීම පිණිස, නූපදීම පිණිස, අධිශීලයෙහි ද හික්මෙන්නේ ය. අධිචිත්තයේ ද හික්මෙන්නේ ය, අධිප්‍රඥාවේ ද හික්මෙන්නේ ය. මේ ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජනය කරමින් හික්මෙන්නේ ය. දනිමින් හික්මෙන්නේ ය. දක්මින් හික්මෙන්නේ ය. ප්‍රත්‍යවේක්ෂා කරමින් හික්මෙන්නේ ය. සිත පිහිටුවීමෙන් හික්මෙන්නේ ය. අධ්‍යාත්මයේ යම්කිසි තෘෂ්ණා කෙනෙක් වෙත් ද ඔවුන්ගේ ප්‍රහාණය සඳහා හැම කල්හි ම සිහි ඇතිව ම හික්මෙන්නේ ය.

මෙහි දී අධිශීල ශික්ෂාව මුදුන් කොට, ආචාර ගෝචරත්වයෙන් යුතුව පාණාතිපාත වැනි අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නේ, වැළකෙන්නේ පරිදේවයේ සිට එන්නා වූ ගැම්ම නැති වී යන අතර මෙහි සිටීමට උදව් උපකාර කරන්නා වූ, අධිචිත්ත ශික්ෂාව, ධ්‍යානයන් භාවිතා කරන්නේ, එමගින් වේදනා චේතනා පාර කැපී යන්නේ ය. අධිප්‍රඥා ශික්ෂාව ඇත්තේ, මගඵල චිත්තයන් නංවන්නේ, චේතනා පරාමාස පාර කැපී යන්නේ ය. මෙයින් ඇති වන්නා වූ විරිය මගින් ඥාන පථයේ හික්මීම. ඥාන පථාය සික්ඛෙ, සිදු වෙනවා. නිවන සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.