Date: 29/01/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මහා නිද්දේසයේ තුවට්ටක සූත්‍ර නිද්දේසයේ පිටුව 481, ඒකේ තියෙනවා ගාථාවක්. “යං කිඤ්චි ධම්ම මභිඤ්ඤා, අජ්ඣත්තං අථවාපි බහිද්ධා. න තෙන ථාමං කුබ්බෙථ, න හි සා නිබ්බුති සතං වුත්තා.” තමා කෙරෙහි වූ ද, නොහොත් බැහැර වූ ද, යම්කිසි ගුණයක් දන්නේ නම්, ඒ හේතු කොටගෙන මානය නොකරන්නේ ය. ඒ උන්නතිය බුද්ධාදීන් විසින් නිබ්බුති යැයි නොකියන ලද්දී ද එහෙයිනි.

එතකොට යං කිඤ්චි ධම්ම මභිඤ්ඤා අජ්ඣත්තං. අධ්‍යාත්මයෙහි යම්කිසි ධර්මයක් දැන යනු, යම්කිසි කුසල ධර්මයේ හෝ අබ්‍යාකත ධර්මයේ හෝ තමන්ගේ යම්කිසි ගුණයක් දන්නේ ද, තමන්ගේ ගුණ කවරේ ද, උසස් කුලයකින් පැවිදි වීමෙන් මහා භෝග කුලයකින් පැවිදි වීමෙන්, ඉතා උසස් භෝග කුලයකින් පැවිදි වීමෙන්, ගිහි පැවිද්දන් අතර ප්‍රකට වූයේ කීර්ති ඇත්තේ වෙමි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙමි. සූත්‍ර පිටකය දරන්නේ වෙමි. විනය පිටකය දරන්නේ වෙමි. ධර්ම කථිකයෙක් වීමි. වන වාසිකයෙක් වීමි. ප්‍රථමධ්‍යානය ඇත්තෙක් වීමි. දෙවෙනි ධ්‍යානය ඇත්තෙක් වීමි. තුන් වෙනි ධ්‍යානය ඇත්තෙක් වීමි. හතර වෙනි ධ්‍යානය, ආකාසානඤ්චායතන සමාපත්ති ලාභියෙක් වෙමි, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය සමාපත්ති ලාභියෙක් වෙමි. මේවා තමන්ගේ ගුණ යැයි කියත්. තමන්ගේ ගුණයක් යම්කිසි ගුණයක් දැනගන්නේ ය, විශේෂයෙන් දැනගන්නේ ය යනුයි.

අථවාපි බහිද්ධා. නැවත පිටත්හි ගුණ හෝ යනු අවවාද දෙන ගුරුවරයාගේ හෝ පැවිදි කළ ගුරුවරයාගේ හෝ ඒ ගුණයෝ වූවයි යනුයි.

න තෙන ථාමං කුබ්බෙථ. තමන්ගේ ගුණයෙන් හෝ අනුන්ගේ ගුණයෙන් හෝ ථාමය නොකරන්නේ ය. තද බව නොකරන්නේ ය. මානය නොකරන්නේ ය. උන්නතිය නොකරන්නේ ය. උන්නතිය කියන්නේ rising lifting up කියන අර්ථයයි. උඩඟු බව නොකරන්නේ ය. එයින් මානය නූපදවන්නේ ය. එයින් තද වූයේ, දැඩි වූයේ, නැඟූ හිස ඇත්තේ නොවන්නේ ය යි “න තෙන ථාමං කුබ්බෙථ” යනු වේ.

න හි සා නිබ්බුති සතං වුත්තා. සත්පුරුෂයන් විසින් මේ නිවීම යැයි නොකියන ලදී යනු, ශාන්ත වූවන් විසින්, සත්පුරුෂයන් විසින්, බුදුවරයන් විසින්, බුද්ධ ශ්‍රාවකයන් විසින්, පසේ බුදුවරයන් විසින්, මේ නිවීම යැයි නොකියන ලදී. ප්‍රකාශ නොකරන ලදී, දේශනා නොකරන ලදී. නොපනවන ලදී. විවෘත නොකරන ලදී, ප්‍රකට නොකරන ලදී යනුවෙන්.

එතකොට මෙතන මේ අධ්‍යාත්මයේ යම්කිසි ගුණයක් දැන එම ගුණයෝ නිසා මාන නොවේ. ඒ කියන්නේ මේවා ඔක්කෝම මුසා, යං මොස ධම්මං තං සච්චං යං අමොස ධම්මං නිබ්බානං.

අපි දන්නවා මාන පාර. ඉදංසච්චයේ ඉඳන් භය අගතිය දක්වා තියෙන පාර. ඒ වගේ ම අපි දන්නවා අර belt එක කබලිංකාර ආහාර ස්පර්ශ ආහාර වේදනා ගිද්ධිලෝභ කබලිංකාර ආහාරය. ඒකෙ ගිද්ධිලෝභයයි වේදනාවයි අතරට ලාභමච්ඡරිය එනවා. ඒ වගේ ම ජරා වේදනා අසම්පජාන රේඛාවේ, ජරාවයි වේදනාවයි අතර අපි කුලමච්ඡරිය ලකුණු කරනවා. රූප ලාභ යැයි නොකියයි. භෝග සම්පත්තිය නිසා මාන නොවෙයි. කුලය නිසා මාන නොවෙයි.

ඊළඟට ප්‍රථමධ්‍යානය. රූපය ලාභ වශයෙන් ගෙන මාන වීම නොවන්නේ, ප්‍රථමධ්‍යානයට යා හැකි ය. ඊළඟට දෙවෙනි ධ්‍යානය. මේක පුරා භෙද සූත්‍ර 2 slide 6 වල පෙන්නා දීල තියෙනවා.

S_PurabhedaSutta2_Diagrams/S_PurabhedaSutta2_Diagrams-06.jpg

ඒක අපි දන්නවා අර කාම ආශ්‍රවය පල්ලෙහා රාග සල්ලය එතනින් අපි කබලිංකාර ආහාරයට යනවා. ඒ කියන්නේ සුභයට නිත්‍ය අගය පනවා සුඛ යන අදහස ඇති විය. මෙය පෙර පුරුද්ද නිසා ය. සංස්කාර මගේ යැයි ගෙන ඇත. නිත්‍ය අගය නොපැනවීම සඳහා රාග සල්ලය නොවිය විය යුතුයි. මෙය සඳහා ඡන්ද සමාධිය පැවතිය යුතුයි. රූපය උඩ මෙන් ම යට බැලිය යුතුයි.

ඊළඟට තුන් වෙනි ධ්‍යානය. ඒක පෙන්නනවා පුරා භෙද සූත්‍ර 2 slide 7 වල.

S_PurabhedaSutta2_Diagrams/S_PurabhedaSutta2_Diagrams-07.jpg

එතකොට ඒකේ සුඛයට අත්තායි පැනවීම නොකළ යුතුයි. ඒකේ අපි දන්නවා මේ සුඛය වේදනාවේ ඉඳන් පරාමාසයට ලකුණු වෙනවා. එතැනින් පල්ලෙහා අත්තා කියලා ගන්නවා භය අගතිය දක්වා තියෙන රේඛාව. ඊට පස්සේ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා දිට්ඨි අනුසය පාර පථය A කියලා ලකුණු කරලා තියෙනවා. වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට ධම්මමච්ඡරිය පාර පථය B කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට ඒ diagram එක කාමරාග අනුසය රේඛාව එහෙම පෙන්නා දීලා තියෙනවා. කායික ප්‍රීතිය නිසා ඇති වූ සුඛය මගේ යැයි නොගැනීමෙන්, තුන් වෙනි ධ්‍යානයට යනවා. මෙම සුඛය පරාමාසකායගන්ථයට ඇතුල් වීමෙන් අනතුරුව, අත්තා යැයි පැනවීම සිදු විය. ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ සිට භය අගතිය දක්වා යෑම සලකුණු කර ඇති පාර අත්තා යැයි පැනවීමට උදව් කරයි. එම පථයේ ප්‍රතිඵලය වශයෙන් බිය නිසා පථය A, දිට්ඨි අනුසය සහ පථය B, ඒ ධම්මමච්ඡරිය සිදු වෙනවා. පථ A සහ B හරහා චේතනා වීම වැළැක්වීම මගින් ප්‍රීතිය අත්තා වශයෙන් නොගැනීම සිදු වෙයි.

එතකොට මෙතන පෙර භාවනාවන් එක්ක සම්බන්ධ වෙනවා. කායික ප්‍රීතිය නිසා දිට්ඨි කල්පනය දිට්ඨි කප්ප හෝ තණ්හා කල්පන නොවන්නේ නම්, තුන් වෙනි ධ්‍යානය වෙනවා. එතකොට අපි දන්නවා ඒකේ තණ්හා කල්පනයට අර ස්පර්ශ සඤ්ඤා නාමරූප, වේදනා නාමරූප කියන ඒ diagram එක. දැන් සුඛ සහිත තුන් වෙනි ධ්‍යානයේ සිට ඉන් ඔබ්බට වූ හය වෙනි ධ්‍යානය, ඒ මක්ඛය පහ කරලා මේ අපිට යන්න පුළුවන්කම කියන එක තියෙනවා.

ඊළඟට ඒකෙම slide 8 එකේ පෙන්නනවා, ඒ උපෙක්ඛා භාවනාව කියලා. ඒකෙ පථයන් ලකුණු කරලා තියෙනවා.

S_PurabhedaSutta2_Diagrams/S_PurabhedaSutta2_Diagrams-08.jpg

C කියලා මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ඉදංසච්චයට. ඊළඟට D කියලා path එකක් ඉදංසච්චයේ ඉඳන් භය අගතියට. ඊළඟට F කියන එක තියෙනවා මනොසඤ්‌චෙතනායි, පරාමාසකායගන්ථයයි අතර ලකුණු කරලා. ඊළඟට පථය E කියන එක ලකුණු කරලා තියෙනවා, විඤ්ඤාණ ආහාරයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට.

එතකොට දැන් අපි ඉස්සෙල්ලා slide එකේ පෙන්නනවා ඒ 7 වෙනි slide එකේ, පථය A සහ B ඉවත් කළොත්, කුමක් වන්නේ ද කියන එක සාකච්ඡා කරලා තියෙනවා. එතෙන්දි ප්‍රතිඵල 4ක් බලාපොරොත්තු විය හැකි ය. ඒ Path D කියන එක ඉවත් කරන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා. E කියන පථය ඉවත් කළොත් ප්‍රඥා විමුක්තිය ඇති වෙනවා. ඒ F කියන පථය ඉවත් කළොත් උපෙක්ඛා අප්‍රමාණය ඇති වෙනවා. ඊළඟට පථ C, E සහ F ඉවත් කරන්නේ, නිරෝධසමාපත්තිය ඇති වෙනවා.

මෙම කිසිදු ධ්‍යානයකට හෝ නිරෝධසමාපත්තිය ඇති යැයි කියා හෝ මාන නොවේ. මෙසේ රූප සහිත ලෝක, රූප රහිත ලෝක, නිරොධසමාපත්‌ති කිසිවක් නොඅල්ලන්නේ, මාන නොවන්නේ අස්මිතිය පහ වෙනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා.

ඒක තමයි මං කරපු භාවනාව.