ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මජ්ඣිම නිකායේ 27 වෙනි සූත්‍රය. චූල හත්ථිපදොපම සූත්‍රය බලන්නයි කියලා රහතන් වහන්සේ පැවසුවා.
ඉතින් ඒක කෙටියෙන් කියනවා නම්, ඒකේ අවසාන හරියේ පෙන්නනවා, හෙතෙම සිත කිලුටු කරන්නා වූ ප්‍රඥාව දුර්වල කරන්නා වූ මේ පංචනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන්ව ම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ම විතක්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි ද බ්‍රාහ්මණය මෙය ද තථාගතයන් වහන්සේගේ පදයයි, ඒ කියන්නේ footprint එක කියන එක කියා ද, තථාගතයන් වහන්සේ විසින් ගටනා ලද ස්ථානයයි කියා ද, තථාගතයන් වහන්සේ විසින් අනින ලද ස්ථානයයි කියා ද, කියනු ලැබේ.
මෙතෙකිනි දු, ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යැයි කියා ද, භාග්‍යවතුන්ගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේ දැ යි කියා ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම යහපත්ව පිළිපන්නේ යැයි කියා ද, තීරණයකට නොපැමිණේ. ඉතින් මේ විදිහට පෙන්නනවා මේ දෙවෙනි, තුන් වෙනි හතර වෙනි ධ්‍යාන, ඒ වගේ ම පුබ්බේනිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය මේවා footprint වශයෙන් ඒ ගටනා ලද ස්ථාන වශයෙන්, අනින ලද ස්ථාන වශයෙන්, බුදුහාමුදුරුවෝ පෙන්නනවා.
ඊළඟට පෙන්නනවා, ඔහු මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කාමය රහිත කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි, මුදු වූ කල්හි, කටයුත්තට යෝග්‍ය වූ කල්හි, හිත ස්ථිර වූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහ කිරීමේ ඥානය ඒ කියන්නේ ආශ්‍රව ක්ෂය කිරීමේ ඥානය ආසවක්ඛය ඥානය පිණිස සිත නංවනවා. ඔහු මේ දුක යැයි තතු සේ දැනගනී. මේ දුක ඉපදීමේ හේතුව යැයි තතු සේ දැනගනී. මේ දුක නැති කිරීම යැයි තතු සේ දැනගනී. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු සේ දැනගනී. මේ ආශ්‍රවයෝ යැයි තතු සේ දැනගනී. මේ ආශ්‍රවයන්ගේ සමුදයයි තතු ලෙස දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නිරෝධයයි තතු ලෙස දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.
බ්‍රාහ්මණය, මෙය ද තථාගතයන් වහන්සේගේ පදයයි, කියන්නේ footprint කියා ද, තථාගතයන් වහන්සේ විසින් ගටනා ලද ස්ථානයයි කියා ද, තථාගතයන් වහන්සේ විසින් අනින ලද ස්ථානයයි කියා ද, කියනු ලැබේ. මෙතෙකිනි දු, ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යැයි කියා ද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේ දැ යි කියා ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම යහපත්ව පිළිපන්නේ යැයි කියා ද තීරණයකට නොපැමිණේ. ඒ කියන්නේ මේ සම්මා සම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මා. සුපටිපන්නෝ භගවතා සාවක සංඝො කියලා තීරණයකට නොපැමිණේ.
ඕකේ පෙන්නනවා පාලි භාෂාවෙන් “අපි ච ඛො නිට්ඨං ගච්ඡති” කියලා. ඉංග්‍රීසියෙන් කියනවා he is in the process of coming to a conclusion. මෙසේ දන්නා වූ ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන් ද මිදේ. භව ආශ්‍රවය කෙරෙන් ද සිත මිදේ. අවිද්‍යා ආශ්‍රව කෙරෙන් ද සිත මිදේ. මිදුණු කල්හි මිදුණේ ය යන ඥානය පහළ වෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසන ලදී. කටයුත්ත කරන ලදී. මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැයි ද දැනගනී.
බ්‍රාහ්මණය, ආර්ය ශ්‍රාවක තෙම මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයි ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේ යැයි කියා ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම යහපත්ව පිළිපන්නේ යැයි කියා ද තීරණයට පැමිණෙයි.
බ්‍රාහ්මණය, හස්තිපදය ඒ කියන්නේ ඇත් අඩිය උපමා කොට ඇති ධර්මය, මෙපමණකින් සම්පූර්ණ වේ යැයි කියලා බුදුහාමුදුරුවෝ වදාළ හ.
ඉතින් මේකේ භාවනාව සඳහා, 29/01/2021 නිබ්බාන භාවනාවෙන් පටන් ගත්තා. ඒකේ “යං කිඤ්චි ධම්‌මමභිජඤ්‌ඤා, අජ්ඣත්තං අථවාපි බහිද්ධා,” පළවෙනි පදය රූපය ලාභ යැයි නොකියයි. භෝග සම්පත්තිය නිසා මාන නොවෙයි. කුලය නිසා මාන නොවෙයි. රූපය ලාභ යැයි නොකියන්නේ ප්‍රථමධ්‍යානයට යා හැකියි. Vammika with roots diagram එකට සිත යොමු වුණා.
ඕගොල්ලො දන්නවා ඒ රාගයෙන් දැවෙන, ද්වේෂයෙන් දැවෙන, මෝහයෙන් දැවෙන, belts 3ක් ලකුණු කරලා තියෙනවා. එනම් ලෝභ දෝෂ මෝහ නොවීම සඳහා, belts කැරකවීම නැවතීම, ලෝභ දෝෂ මෝහ යනු අකුසල් මූලයෝයි. මෙය ඉවත් කිරීමට නම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන 3 න් ධර්මයන් ඉවත් කළ යුතු බව තයොධම්ම සූත්‍රය අනුව දනිමු.
මෙම සක්කාය දිට්ඨිය ඉවත් කිරීමේ ඉහළ ම ප්‍රඥාව, ආසවක්ඛය ඥානයයි. ආශ්‍රව ක්ෂය කිරීම සඳහා, දුක්ඛ table එක භාවිතා කළ යුතු බව ප්‍රඥා ස්කන්ධය advanced 2 program එකේ දී ඉගෙන ගත්තා. වැඩිය යුතු බව අමෝහ භාවනාවෙදි ඉගෙන ගතිමු. එනම් “අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වන්නේ නම් මගේ යැයි ගන්න වටින්නේ ද? මගේ යැයි ගන්න නොවටින්නේ නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ නම් එනම් මැරී ඉපදීම නොවටින්නේ නම්, දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය.”
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්