ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ, ඒ වගේ ම චූල නිද්දේසයෙත් තියෙනවා, චූල නිද්දේසයේ පිටුව 223, “ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතිමා, නත්ථිති නිස්සාය තරස්සු ඔඝං. කාමෙ පහාය විරතො කථාහි, තණ්හක්ඛයං නත්‌තමහාභිපස්‌ස.”
සිහිය ඇති හේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය විසින් දක්නේ, “නත්ථි කිඤ්චි” යි පැවැති ඒ සමවත් ඇසුරු කොට මේ චතුරොඝය තරණය කර, වස්තු කාම ක්ලේශ කාමයන් හැර පියා විචිකිච්ඡාවෙන් වෙන් වූයේ, දිවා රෑ හි තෘෂ්ණා ක්ෂය සංඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
විඤ්ඤාණඤ්චායතන වේදනාව අනිත්‍ය වශයෙන් බැලීමෙන්, ආකිඤ්චඤ්ඤායතනය වන බව අපි දනිමු. යමෙක් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට එළඹියේ, එය ඇසුරු කොට කිසිවක් නැතැයි, කාමයන් ඉක්මවීම සහිතව වාසය කරයි. ඔහුට එහි සැකයක් නැත්ද, එමගින් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීමක් නොවන්නේ, පකප්ප පාර ඔස්සේ යම් වේදනාවක් නැවතත් ඉස්මතු නොවන්නේ, නොඉල්පෙන්නේ, not flowing කියන එක, තණ්හා කල්පනයන් නැති වේ. තණ්හාව දුරලීමට යම් බාධකයක් වූවා ද, එය දෙයාකාර ධර්මයකින් පහ කර සිටින්නේ නම්, නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
කුමන දෙයාකාර ධර්මයක් ද? දහවල මෙන් ම රාත්‍රියේ ය. එනම් පටිච්චසමුප්පන්නය අතීත, අනාගත, වර්තමාන, තුන් කාලයට ම නිවැරදි බව දත යුතු ය.
විමංසා ඉද්ධිපාද slide 8 වල දී, මෙය සාකච්ඡා කළා. ඒකේ diagram එකක් තියෙනවා, වේදනා පරාමාස එතන සුඛ, පරාමාස භය අගති අත්තා. භය අගති ඉඳන් වේදනාවට දිට්ඨි අනුසය. ජාති ඉඳන් වේදනාවට පකප්ප පාර. මෙය දැන ගැනීම සඳහා ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව අනිච්චතො, දුක්ඛතො, රොගතො, ගණ්ඩතො, සීල සූත්‍රය බැලූ ආකාරයට, බැලිය යුතුයි. එහෙම නැත්නම් බලා තිබිය යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්