Date: 19/02/2021 Name: Anusaya

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අංගුත්තර නිකායේ සතක්ක නිපාතයේ අනුසය වග්ගයේ සූත්‍රයක් තියෙනවා, අනුසයපහාන සූත්‍රය කියලා. පිටුව 293.

“මහණෙනි, මේ සප්තානුශයයන්ගේ ප්‍රහාණය සඳහා, සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේ ය යත්.

කාමරාග අනුසයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. පටිඝ අනුසයාගේ.., දිට්ඨි අනුසයයාගේ.., විචිකිච්ඡා අනුසයයාගේ.., මාන අනුසයාගේ.., භවරාග අනුසයාගේ.., අවිජ්ජා අනුසයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්යය වසනු ලැබේ.”

“මහණෙනි, මේ සප්තානුශයයන්ගේ ප්‍රහාණය සඳහා, සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්යය වසනු ලැබේ. මහණෙනි, යම් හෙයකින් භික්ෂුහුගේ කාමරාග අනුසය ප්‍රහාණ වේ නම්, උසුන්මුල් ඇති වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, අන්‍යභාව කෘත වේ නම්, මතු නූපදිනා සැහැවි ඇති වේ නම්, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය ප්‍රහීණ වේ නම්, උසුන් මුල් ඇත්තේ වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, අන්වභාව කෘත වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ නම්, මහණෙනි, අනුසය රහිත මහණ තෘෂ්ණාව සිඳලී ය. සංයෝජන පෙරළී ය. මැනැවින් අරිහත්වය අවබෝධයෙන් දුක්ඛය අවසන් කළේ යැයි, කියනු ලැබේ.”

ඉතින් මෙතන මේ diagram එකක් එනවා. ඒ diagram එකේ ඔය අනුසය හත ම ලකුණු කරලා තියෙනවා.

s_Anusaya_7.jpg

එතකොට ඕගොල්ලෝ දන්නේ නැති ඒවා හැටියට තියෙනවා නම්, ඔය විචිකිච්ඡා අනුසය කියන එක ඒ දොර පොල්ලේ තමයි ලකුණු වෙන්නේ. ඉතින් ඒ අවිද්‍යා අනුසය, ළඟ ම මානානුසය, එතන ම පටිඝානුසය කියන එක තියෙනවා. භවරාගානුසය අර 1-1 රාගය ඉඳන් අර අවිද්‍යාව දක්වා. ඔය තයොධම්ම diagram එකේ තියෙන රේඛාවේ ලකුණු කරලා තියෙනවා.

අවිජ්ජානුසය මගින් සඤ්ඤාව උස්සන බවත්, මාන අනුසය මගින් එහි පැහැදීම වන බවත් අපි දනිමු. එහි ප්‍රතිඵලය වන්නේ, පටිඝානුසය ඇති වීමයි. පෙර ධර්මයෝ පසු ධර්මයන් සමඟ නොගැළපීම ඇත. ඒ නිසා ය. එනමුදු දිට්ඨි අනුසය මගින් රූපය සුඛ යැයි පවසයි. කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛ යැයි පවසයි.

පටිඝානුසය ඇත්තේ, විචිකිච්ඡා අනුසය බැහැර නොවේ. රඳා පවතී. මෙහි යම් නොදැනීමක් ඇති ද, එය ම භවරාගානුසයට තුඩු දෙයි. මෙහි යම් මෝහයක් ඇති ද, මෙවර කැඩුණා වූ බිඳුණා වූ දේ කෙසේ හෝ ඊළඟ භවයේ හෝ පැවැත්විය හැකියයි, භවරාගානුසය පවසයි. කුමක් නිසා ද? භ්‍රමණය නිසා වන අත්තවාද උපාදාන ධර්මයන්ගේ බලපෑම අධික බැවිනි. මෙය 02/06/2017 භවරාගානුසය භාවනාවේ සාකච්ඡා කර ඇත.

මේ භාවනාව “සත්තො ගුහායං” ගාථාවෙන් පටන්ගෙන, “තිට්ඨං නරො” අනුසය වශයෙන් ස්ථීර වූයේ සිටී දක්වා බලා කළ යුතුයි. එනම් අනුසය වශයෙන් ස්ථිර වන්නේ විපල්ලාසයෝයි. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසයි. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසයි. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසයි. අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයෝ ස්ථීර වශයෙන් වරදවා ගනී, යනුවෙන් විමසා කළ යුතු ය.

භාවනාවේ අවසානයට විචිකිච්ඡා අනුසය මගින් කුමක් ස්ථාවර කරයි ද යන්න විමසුවා. සක්කාය දිට්ඨියයි වැටහුණා. “Excellent” යැයි පැවසුවා.

ඉතින් අපි දන්නවා මේ විචිකිච්ඡා අනුසය අර දොර පොල්ල උඩ තියෙනවා අත්තා, ඊළඟට පරාමාස පල්ලෙහායින් විචිකිච්ඡා. පරාමාසයයි විචිකිච්ඡාවයි අතර විචිකිච්ඡා අනුසය. කුමක් නිසා ද? h1 >= h2. පටිඝානුසය කෙසේ පැවසුවත්, විඤ්ඤාණ ධාරාව ගලන්නේ, පෙර පැවතියා වූ සක්කාය දිට්ඨිය තවමත් නොසෙල් වී පවතිනවා යැයි පවසයි.

ඒක තමයි මං කරපු භාවනාව.