ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
19/02/2021 අනුසය භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවසානයට සඳහන් වන, 02/06/2017 භවරාග අනුසයේ කරුණුවලට සිත යොමු වුණා.
අත්තා වශයෙන් පෙර පරාමාස වූ ධර්මයෝ අත්තවාද උපාදානයේ බැසගෙන ඇත. රූපය නිසා ඇති වූ ඡන්දයෝ, ගිද්ධිලෝභය තුළ කිඳා බැස ඇත. එසේ වී නමුදු, අත්තවාද උපාදානය මගින් වතුර ගලන්නාක් මෙන්, ජාතියට එන ධර්මයෝ බර පතලය. ඉවසිය නොහැක. මෙසේ වරක අත්තවාද උපාදාන ධර්මයෝ සනාථ කරයි. එනම් පෙර පරාමාස වූ ධර්මයෝ ම, සනාථ කරයි, යන ධර්මතාවයට සිත යොමු වුණා.
ඉතින් මෙතෙන්ට ගිය සතියේ diagram එකේ භවය, භව ආශ්‍රවය ලකුණු කරන diagram එක එනවා.
එතකොට එනම් අත්තභාව පටිලාභය පෝෂණය කරන්නා වූ ධර්මයෝ අත්තවාද උපාදානයේ සිට ගලයි. මේ නිසා අත්තවාද උපාදානය සනාථ කරයි.
උදාහරණයක් වශයෙන්, මගේ income stream එක යැයි අත්තවාද උපාදානය අල්ලාගෙන එය සනාථ කිරීම භවරාග අනුසය විසින් කරනු ලබයි.
ඊළඟට ඉගෙන ගත්තා, තව වරක දැන් රූපය නිසා පවත්නා වූ අලුත් ධර්මයන් අවිද්‍යා අනුසය මගින් චේතනාව දක්වා ගමන් කරවන්නේ, එම ධර්මය නිසා වන අලුත් වේදනා සම්බන්ධව පවතින නිත්‍ය යන සංකල්පයන් මත පදනම්ව, අත්තභාව පටිලාභයත් සනාථ කරනු ලබයි.
අත්තා යන්නේ පසු සඤ්ඤාව භව ආශ්‍රවය බව අපි දනිමු. Diagram එකේ 1-1 රාග සිට අවිද්‍යාව දක්වා වූ රේඛාවේ, භව සහ භව ආශ්‍රව දෙක ම ලකුණු කර ඇත. භව ආශ්‍රවයේ යම් වැඩිදියුණු වීමක් ඇති ද, එය භවයට තුඩු දෙයි. අත්තා යැයි පෙර පරාමාස වූ ධර්මයෝ පරාමාසය තුළ බැසගෙන ඇත්තේ, අත්තවාද උපාදානයේ සිට එම අගයෝ ගලන්නේ, වරදවා වටහා ගැනීම් ඇත්තේ, භව ආශ්‍රවයේ වැඩිදියුණු වීම, නිත්‍ය සංකල්පය සමඟ හටගන්නේ, තෝරා ගැනීමට නොහැකි තරමට අන්ධ වන්නේ, අත්තභාව පටිලාභය සනාථ කරයි. මෙසේ භවරාග අනුසය මනා කොට තේරුම් ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කළ හැකියි.
ඒක තමයි මං කරපු භාවනාව.