ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
19/02/2021 අනුසය භාවනාව නැවතත් කරගෙන ගියා. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව උස්සන බවත්, මාන අනුසය මගින් එහි පැහැදීම වන බවත් අපි දනිමු. එහි ප්‍රතිඵලය වන්නේ, පටිඝානුසය ඇති වීමයි. පෙර ධර්මයෝ පසු ධර්මයන් සමඟ නොගැළපීම ඇත. ඒ නිසා ය. යනුවෙන් ඉගෙන ගත්තා. මෙම නොගැළපීම කාමරාග අනුසය මගින් නිත්‍යයි එකතු කරන නිසා ය.
මෙය විමංසා ඉද්ධිපාද slide 2 වල සාකච්ඡා කර ඇත. මේ නිසා “පච්ඡා පුරෙ සඤ්ඤාව,” පෙර යම් සේ නම්, පසුත් එසේ ය. පසු යම් සේ නම් පෙරත් එසේ ය, යන්න නොවන්නේ ය.
slide 3 වලට සිත යොමු වුණා. කුසීත බව කොසජ්ජය නැති කිරීමට තුන් ආකාර වූ විරියක් තිබිය යුතුයි. රූප ස්පර්ශ නොවීම සඳහා විරිය. සඤ්ඤාව මගේ නොවීම සඳහා විරිය. සංස්කාර මගේ නොවීම සඳහා විරිය. සම්මා සතිය පැවතිය යුතුයි. ඒකේ අපි දන්නවා 1. කබලිංකාර ආහාරය, 2. අත්ත ඉඳන් නිත්‍ය, 3. ජාතිය ඉඳන් ජරාව.
සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් සංස්කාර ඇති වේ. සංස්කාර මගේ වීම සැකය හරහා සිදු වේ. සංස්කාර කෙසෙල් බඩයකි. සංස්කාරයේ ගත යුත්තක් නැත. අභිනිවේස නොවිය යුතුයි.
ඉතින් මෙතෙන්ට, diagram එකක් එනවා. එතන මනොසඤ්චෙතනාව සංස්කාර එතන ඉඳන් කාම ආශ්‍රවයට යනවා, සැකයෙන්, ඒ සංස්කාර ඉඳන් කාම ආශ්‍රවයට jack එක ගහනවා. කාම ආශ්‍රවයෙන් මනොසඤ්චෙතනාවට arrow එකක් තියෙනවා.
මෙහි දී විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨිය සනාථ කිරීම, ඇතුළත මලය එකතු කිරීම, එනම් වේදනා තණ්හා පවතී යැයි, එකතු කිරීම වන බව වැටහුණා. බුදුපියා “Excellent” යැයි පැවසුවා.
ජරාව බව දන්නේ සම්මා සතිය ඇත. කෙසෙල් බඩය බව දැන අත හරී. අනුමාන භාවනාවේ ඉගෙන ගත් අයුරින් සුඛිත චිත්තය ජරාව ඉක්මවයි, මුදු වෙයි. එතකොට, ඒකේ මතක ඇති, අර සංකප්ප පාර, පකප්පිතා ඒ පාරට parallel ව ජාතියයි ජරාවයි අතර, සුඛිත චිත්තය ලකුණු කරලා තියෙනවා. සුඛිත චිත්තයෙන් ඒ මුදු කියන එකට ඒ parallel රේඛාවක් තියෙනවා.
මෙහි දී order කිරීමට සංස්කාර නැත. සංස්කාර ඉවත් කිරීම slide 3 වල ධර්මයේ දී මනා කොට සිදු වන්නේ නම්, එනම් කාමරාග අනුසය මගින් කරන හානිය දැක ඉවත් කරන්නේ නම් order කිරීමට දෙයක් නැති අතර අනුමාන භාවනාව මනා කොට පවතී.
ඉතින් මෙතෙන්දි සිත ඉතා ම ශාන්ත වෙනවා. මෙසේ අවබෝධ සහිතව විරිය තුන ඒ කියන්නේ, රූප ස්පර්ශ නොවීම සඳහා විරිය. සඤ්ඤාව මගේ නොවීම සඳහා විරිය. සංස්කාර මගේ නොවීම සඳහා විරිය. අපි දන්නවා ඒ කොසජ්ජය නැති කිරීමට භාවිතා කරනවා. ඒක මනා කොට පවතින්නේ, එයින් සම්මා සතියත් සම්මා සමාධියත් ඇති වෙනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඉතින් ඒක තමයි කරපු භාවනාව. ඉතින් මේ භාවනාවේ, ඔය විචිකිච්ඡා අනුසය පහ කිරීමට ගන්නා ලද උත්සාහය වැදගත් වෙනවා. කුමක් නිසා ද? අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව වන්නට ඉඩ නොදෙන්නේ නම්, ප්‍රභාස්වර වූ විරිය ඉද්ධිපාදය සියලු ධර්මතාවයන් හකුළා. ඒ කියන්නේ මිද්ධය ඉවත් කරලා. සුඛය නිසා වන මිද්ධය ඉවත් කරලා. මනා කොට, ඡන්ද, චිත්ත, විමංසා ඉද්ධිපාදයන් පවත්වනවා.
ඒක තමයි කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්