ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං බහුනාභිඡන්නො” කියන ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව, උපය, උපාදාන, අධිට්ඨාන, අභිනිවේස, අනුසය. එහි ඇලුණේ යැයි, විශේෂයෙන් ඇලුණේ යැයි සත්වයා යැයි කියනු ලැබේ.
අද විශේෂයෙන් බැලුවේ අනුසය ධර්මයන් නිසා ඇලීම. අනුසය ධර්මයන් නිසා යමෙක් ඇලෙන්නේ නම්, එම ධර්මයන් ඔසවන අනුසයට ද ඇලෙන්නේ ය. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවයි. සඤ්ඤාව ඔසවන නිසා අවිද්‍යා අනුසයට ඇලෙන්නේ ය. උදාහරණ සහිතව බැලිය යුතුයි. එනම් ලස්සන කාන්තාවක්, රස ආහාරයක් පිළිබඳ සඤ්ඤා, අවිද්‍යා අනුසය මගින් ඔසවනු ලබන්නේ, එහි සතුටු වන්නේ, එසවීම කරන ලද්දා වූ අවිද්‍යා අනුසයට, ඇල්ම ඇති වෙයි.
මාන අනුසය මගින් එහි පැහැදීම ඇති කල්හි, මානානුසයට ඇලෙයි. උදාහරණ වශයෙන්, යමෙක් තමන්ගේ පැත්තට කතා කරන්නේ නම්, ඔහුට ඇලෙන්නේ යම් සේ ද, එසේ සිතිය යුතුයි.
පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි පවසන කල්හි, පටිඝානුසයට ඇලෙයි. එම ධර්මයෝ සියුම් ය. පරිස්සමින් විමසිය යුතුයි. උදාහරණ වශයෙන් drugs ගන්න අය. එහි ආදීනවය අහන්නට අකමැති ය.
දිට්ඨි අනුසය මගින් රූපය සුඛ යැයි පවසන කල්හි, දිට්ඨි අනුසයට ඇලෙයි. උදාහරණ වශයෙන් රටවල් දෙකක ගායිකාවන් දෙදෙනෙක් ගැන විමසන්නේ, දෙදෙනා ම ලස්සන වුවත්, තම රටේ ගායිකාව සුඛ යැයි එම මළ මුත්‍රා ගොඩට පවසයි ද, මෙය එසේ ය. අත්ත සඤ්ඤාව බලපායි. තවත් උදාහරණයක් බලන්නේ, මළ මුත්‍රා කුණු ගොඩක තමන්ගේ මුද්ද වැටෙන්නේ ද, ගඳ නිසා තමා ඈත සිට නහයත් වසාගෙන බලා සිටින්නේ ද, මෙහි යමෙක් එම කුණු ගොඩ අවුස්සා, හොයා දෙන්නේ ද, එම අවුස්සන පුද්ගලයාට ඇලෙන්නේ යම් සේ ද, දිට්ඨි අනුසයට ඇලීම එසේ ය.
කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන කල්හි, කාමරාග අනුසයට ඇලේ. මෙහි නිත්‍යභාවය වැඩියෙන් බලපායි. අල බැදුමක් පෙර කන ලද්දේ, එය හොඳ යැයි කාම සිතුවිලි ඇත්තේ, දැන් එම කෑම කෑවාට, එවැනි රසයක් නැති නමුත්, අල බැදුම හොඳ යැයි තම සිත යම් සේ පවසන්නේ ද, එයට ඇලෙන්නේ ද, එම ක්‍රියාවලියට ඇලෙන්නේ ද, එසේ ම කාමරාග අනුසයට ඇලෙයි. මොහු ලොකු ම මුසාව කරන්නා මෙන් වැටහිණ. මුසාවාද, පරුෂා වාචා වැනි සියලු සංස්කාරයෝ මෙසේ ය.
විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨිය සනාථ කරන කල්හි, විචිකිච්ඡා අනුසයට ඇලෙයි. මෙහි දී උදාහරණ වශයෙන් scientist කෙනෙක් තම දිට්ඨිය සනාථ කිරීමට ගන්නා වූ hypothesis එක ගත හැකි ය. තමාට යමක් නිවැරදි යැයි හැඟුණ අදහස, ඔහුගේ දිට්ඨිය විය. එය අන් අයට ඔප්පු කර පෙන්වීමට යොදා ගන්නා hypothesis එක, සැකය වන්නේ ය. මෙසේ විචිකිච්ඡා අනුසය භාවිතා කර දිට්ඨිය සනාථ කරයි. ඔහුගේ සඤ්ඤාව මිද්ධ සහගත ය. එම රෝගී සඤ්ඤාව භාවිතා කරයි. ථීනමිද්ධය මගින් විචිකිච්ඡා ඇති වෙයි.
තමාට ඇති වූ දිට්ඨිය නැති කිරීමට චිත්ත ඉද්ධිපාද භාවිතා කළ යුතුයි. එය සමඟ විමංසා ඉද්ධිපාද slide 8 වලට සිත යොමු වුණා.
ඒකේ තුන් වෙනි කාරණයට සිත යොමු වුණා. මෙම දිට්ඨිය, පටිච්චසමුප්පන්නව ඇති වෙනවා. ඇතුළත හැකුළුණු ඡන්දය. අජ්ඣත්තං සංඛිත්‌තො ඡන්දො. තමාගේ සක්කාය දිට්ඨිය නිසා අජ්ඣත්තං. ඉතින් මෙතන පෙන්නුවා, බලන්න ඕනෑ කියලා අර 5 වෙනි slide එකේ තියෙන, 3 සහ 5 කියන එක. ඒ තුන් වෙනි කාරණයට පෙන්නනවා, සුඛය පරාමාසගත වෙනවා. සංස්කාර නිත්‍යයි, කියලා දකුණු පැත්තෙන් පරාමාසගත වෙනවා. පස් වෙනි කාරණයට පෙන්නනවා, අත්තා කියලා. මෙය නොදන්නා නිසා එහි ඇලේ.
යම් සක්කාය දිට්ඨියක් වේ ද, එහි යම් ඇලීමක් වේ ද, එය අස්මිතියට තුඩු දෙයි. එහි යම් ස්ථාවරයක් ඇත්ද, එය ම අස්මිති මාන බවට පත් වේ.
හතර වෙනි කරුණට මනස යොමු වුණා. විමංසා ඉද්ධිපාදය. සම්මා සමාධියෙත් සංස්කාර පවතින්නේ, අස්මිතිය ඇත. මනස පිටත විසිරේ නම්, පිටත විසුරුණු ඡන්දය. බහිද්ධා වික්ඛිත්තො ඡන්දො. නිවන් දොර වසාලයි. ආලෝක සඤ්ඤාව භාවිතා කර සංස්කාර ඉවතලන්නේ, නිවන සාක්ෂාත් කළ හැකි ය. විචිකිච්ඡාවේ සමුදය දැන, නිවනින් පිටත වූ දෙයක් මගේ යැයි නොගනී. 5 වෙනි slide එකේ සියල්ල ගැන සිතිය යුතුයි. ඒක තමයි භාවනාව.
ඉතින් මේ භාවනාවට උදව් උපකාර වෙන්න, තව පෙන්වන්න පුළුවන් ඔය, “දිවා සඤ්ඤා ස්‌වාධිට්‌ඨිතා,” කියලා කීවා ම, දහවල දී දකින ආලෝක සඤ්ඤාව මැනවින් සිතේ තබා ගත යුතුයි. එනම් සිහි කළ හැකි ප්‍රමාණයට සිත්හි තබා ගත යුතුයි.
තව ද ඒකේ පෙන්නනවා දහවල, යම් බඳු නම් රැයත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලත් එසේ ය. එසේ ම වෙසේ. “යථා දිවා තථා රත්‌තිං, යථා රත්‌තිං, තථා දිවා විහරති.” ඒ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ ම පටිච්චසමුප්පන්නව සිදු වන බව දත යුතුයි. ඉතින් එතන අපි පෙන්නුවා 5 වෙනි පිටුවේ, ඒ 3 සහ 5 ගැන සිතන්න ඕනේ. සුඛ වේදනාව සහ චිත්ත සංස්කාර මගින් පටිච්චසමුප්පාද ඇති වන බව.
මෙසේ පටිච්චසමුප්පන්නය දන්නේ, දක්නේ එමගින් ඇති වන ආලෝකය, ආලෝක සඤ්ඤාව වශයෙන් භාවිතා කරයි. මේ ආලෝක සඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී යැයි, යනුවෙන් දත යුතුයි.
ඉතින් ඔය ඒ අංගුත්තර නිකායේ චතුක්ක වග්ගයේ, රොහිතස්ස වග්ග, ඒකේ පෙන්නනවා සමාධිභාවනා කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, “මහණෙනි, වඩන ලද, බහුල කරන ලද කවර සමාධියෙක් ඥාන දර්ශන ප්‍රතිලාභය පිණිස පවත්නේ ද?” කියලා. ඒකෙ පෙන්නනවා, “මහණෙනි, මේ සස්නෙහි මහණ ආලෝක සඤ්ඤාව මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ නොවැලඳුණු සිතින් දිවා සඤ්ඤාව ඉටයි. දහවල් ආලෝක සඤ්ඤාව යම් පරිදි ද රැය එපරිදි ම ය. රැය යම් පරිදි ද දහවලත් එපරිදි ම ය. දිව්‍ය චක්ඛු ඥානයෙන් ආලෝක සහිත සිත වඩයි. මහණෙනි, භාවිතො බහුලීකතො මේ සමාධි භාවනාවෙන් ඥාන දර්ශන ප්‍රතිලාභය පිණිස පවතින්නේ ය” කියලා තථාගතයන් වහන්සේ පවසනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්