ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං බහුනාභිඡන්නො” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ රාගය සිහි කළා. 01/04/2018 රූප රාග භාවනාවෙදි සාකච්ඡා කළ කරුණුවලට සිත යොමු වුණා.
ඒකෙදි අපි දන්නවා, ඒ diagram එකකුත් ඕගොල්ලෝ ඇඳගන්න ඇති. අර 6.2 ඉදංසච්චය ඉඳන් මෝහ අගතියට නිත්‍යයි කියන එක. එතකොට වේදනාව, අපි දන්නවා ඒ සුඛයි කියලා පරාමාසගත වෙනවා. එතෙන්දි අපි පෙන්නුවා, මේ 6.2 නිත්‍යභාවය ප්‍රධාන වෙනවා. 4.4 දි සුඛය පරාමාස විය. 5.5 දි අත්තා විය. හය වෙනි රවුමේ දී අත්තා යැයි ගත් දේ නිසා වූ ලාභය පවතී යැයි සිතයි. මේ නිසා රූප විෂයයෙහි රාගය ඇති වේ.
ලාභය පවතී යැයි සිතයි, යන්නට සිත යොමු වුණා. තේජෝ ධාතුව පවතිනවා යැයි ගනී. එනම් ආයුෂය පවතිනවා යැයි ගනී. සූර්යයා නැති නම් වැඩේ ඉවරයි. විමංසා ඉද්ධිපාද 8 වෙනි පිටුවට මනස යොමු වුණා. ඒ ඡන්ද සමාධිය රෝගී සඤ්ඤාව නිසා ඇති වන ප්‍රතිඵලයට, අභිජ්ඣා නොවීම සඳහා, ඡන්ද සමාධිය භාවිතා කර ඉන්ද්‍රිය සංවර කරගත යුතුයි යන්න සිහි වුණා.
ඉතින් මෙතන අපි දන්නවා, ඒ මනොසඤ්‌චෙතනා ආහාරය ළඟ, පහළ, 2-1 අත්තා කියලා, අපි ලකුණු කරලා තියෙනවා. ඒකෙන් 1-3 මෝහයට යනවා. වම් පැත්තට 1-1 රාගය කියන එකට යනවා. එතකොට මේ ප්‍රතිඵල දෙක ම ගත යුතුයි. අත්තා යැයි ගෙන ඇති වෙන මෙම ප්‍රතිඵල දෙක රාගය සහ මෝහය.
මෙහි රාගය, තේජෝ ධාතුව ලාභ වශයෙන් පවතී යැයි සිතයි. මෙහි මෝහය, ඒ සඳහා වූ සංස්කාර නිත්‍ය යැයි මෝහ සහගත වෙයි. “පච්ඡා පුරෙ සඤ්ඤාව” විනාස විය. පෙර සඤ්ඤා යම් සේ නම් පසුත් එසේ ය. පසු සඤ්ඤා යම් සේ නම් පෙරත් එසේ ය. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට යමක් එකතු නොකළ යුතුයි.
අම්මාගේ බඩට යන්නේ උෂ්ණය ඇත. තේජෝ ධාතුව ඇත. එළියට එන්නේ එම උණුසුම නැත. එය ඇඳුම් ආදියෙන් ඔතාගෙන හෝ heater එකක් දමාගෙන හෝ පවත්වයි. මෙසේ අත්තා කතාව ඉදිරියට ගෙන යයි. මෙසේ ගෙන රෝගී වෙයි. මෙම තුන් ධර්මයන් දකින්නේ, ඒ කියන්නේ 1-1, 1-3, 2-1 කියන ධර්මයන්, රූප ස්පර්ශ නොවීමට විරිය, අත්ත සඤ්ඤා ඉවතලීමට ඡන්දය, අත්තා සාදන චිත්ත සංස්කාර මගේ නොවීමට චිත්ත යන ඉද්ධිපාදයන් යොදා ගන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වීම සිදු වේ. මෙම ධර්මය මනා කොට පිහිටන්නේ, විමංසා ඉද්ධිපාදය ඉදිරියට පැමිණෙයි.
තේජෝ ධාතුව මගින් ආලෝකය. ආලෝක සඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී. දිවා සඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ. “ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති, දිවා සඤ්ඤා ස්‌වාධිට්‌ඨිතා.” ආයුෂය යම් සේ නොපවතින්නේ ද එසේ ම තේජෝ ධාතුව නොපවතින්නේ ය. තේජෝ ධාතුව නොපවතින්නේ ආලෝක සඤ්ඤාව නොපවතී. චිත්ත ඉද්ධිපාද භාවනා කොටසින්, දිවා සඤ්ඤා මනා කොට පිහිටිය යුතු ය. එනම් දහවල යම් බඳු නම් රැයත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය වෙසේ. “යථා දිවා තථා රත්‌තිං, යථා රත්‌තිං තථා දිවා” විහරති.
අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේ දීම පටිච්චසමුප්පන්නව සිදු වන බව දත යුතුයි. ඉතින් ඕගොල්ලො දන්නවා එතන, අර diagram එකට refer කළා. වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙනවා. සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. ඊට පස්සේ අපි ඒක පහළට අත්තා කියලා ගන්නවා. සුඛ වේදනාව සහ චිත්ත සංස්කාර මගින් වන පටිච්චසමුප්පාදය මනා කොට අවබෝධ වී ඇත්තේ, එනම් අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා. වේදනා පච්චයා තණ්හා. ආලෝක සඤ්ඤාව ද, ආලෝක සඤ්ඤාවෙන් දැනගන්නා වූ සංස්කාරයෝ ද නොපවතින බව දෙයාකාරව දැනගනී.
එනම් එක, ආයුෂය නොපවතී. අතීත, වර්තමාන, අනාගත තුන් භවයන්හි ම නොපවතී, යන්න දන්නේ, දක්නේ මේකට දිබ්බචක්ඛුව උදව් උපකාර කරනවා. තේජෝ ධාතුව ආශ්‍රිත ආලෝක සඤ්ඤාව නොපවතී. දෙවනුවට සඤ්ඤාව නිසා ඇති වූ සංස්කාරය, ආයු සංස්කාරය නොපවතී යන්න පටිච්චසමුප්පන්නව දැනගනී.
අර diagram එක නැවතත් මෙතෙන්ට සිහි වෙන්න ඕනෑ. වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙනවා. සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. ඊට පස්සේ අපි ඒක පහළට අත්තා කියලා ගන්නවා.
අත්තා නිසා ඇති වූ යම් ඇල්මක් ඇති ද, එනම් සක්කාය දිට්ඨියට තණ්හා වීමෙන් සිදු වුණා වූ අස්මිතිය පහව යන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්