Date: 02/04/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

“සත්තො ගුහායං, බහුනාභිඡන්නො,” ගාථාවෙන් පටන් ගත්තා. ඒකේ පෙන්නනවා නේ, රූපයේ ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව, උපය, උපාදාන, චෙතසො, අධිට්ඨාන, අභිනිවේස, අනුසය. එහි ඇලුණේ යැයි, එහි විශේෂයෙන් ඇලුණේ යැයි සත්වයා යැයි කියනු ලැබේ. 19/03/2021 නිබ්බාන භාවනාව මෙන්, ඉදිරියට ගෙන ගියා. අනුසය ධර්මයන් නිසා ඇලීම.

අනුසය ධර්මයන් නිසා යමෙක් ඇලෙන්නේ නම්, එම ධර්මයන් ඔසවන අනුසයට ද ඇලෙන්නේ ය. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවයි. සඤ්ඤාව ඔසවන නිසා අවිද්‍යා අනුසයට ඇලෙන්නේ ය. උදාහරණ සහිතව බැලිය යුතුයි. එනම් ලස්සන කාන්තාවක්, රස ආහාරයක් පිළිබඳ සඤ්ඤා, අවිද්‍යා අනුසය මගින් ඔසවනු ලබන්නේ, එහි සතුටු වන්නේ, එසවීම කරන ලද්දා වූ අවිද්‍යා අනුසයට ඇල්ම ඇති වෙයි. මෙසේ විචිකිච්ඡා අනුසය දක්වා බලාගෙන ආවා.

විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨිය සනාථ කරනවා. එම භාවනාවෙදි ඉගෙන ගත්තා, සුඛය පරාමාසගත වෙනවා. සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. ඊට පස්සේ අත්තා කියලා ගන්නවා. මෙය නොදන්නා නිසා එහි ඇලෙනවා. යම් සක්කාය දිට්ඨියක් වේ ද, එහි යම් ඇලීමක් වේ ද, එය අස්මිතියට තුඩු දෙයි. එහි යම් ස්ථාවරයක් ඇත්ද, එය ම අස්මිති මාන බවට පත් වෙයි.

චචක්ක සූත්‍ර diagram වල, slide 2 වල අවසානයට ලියා ඇති කාරණා තුනට සිත යොමු වුණා. මගේ වෙමි, “එතං මම” අභ්‍යන්තර ඇස, රූප, චක්ඛු විඤ්ඤාණ, ඵස්ස, වේදනා, තණ්හා. උදාහරණයක් වශයෙන් පැළය මගේ, සක්කාය දිට්ඨිය. ඊළඟට මම වෙමි, “එසො හමස්මි.” විඤ්ඤාණය පිහිට වීම, පැළය හිටවා ඇලීම. අස්මිතිය. තමා වෙමි, “ඒ සො මේ අත්තා.” අත්ත සඤ්ඤාව විඤ්ඤාණයේ පිහිටු වීමෙන් පසුව ඇති වෙයි.

පැළය ලොකු වන්නේ, පවතින්නේ, අස්මිති මාන. මෙසේ අස්මිති මාන වන්නේ, මෙසේ පැළය ලොකු වී පවතින්නේ, විඤ්ඤාණ ධාරාව ගලන්නේ නම්, විපුල වන්නේ නම් ය. එනම් h1 >= h2. Slide 3 වල මෙය විපුල වීම, ගැලීම, දෙයාකාරයකින් සිදු වන බව, belt 1 සහ belt 2 මගින් පෙන්වා දීලා තියෙනවා. Belt 1 කියලා කියන්නේ, කබලිංකාර ආහාර ස්පර්ශ වේදනා ගිද්ධිලෝභ belt එක. Belt 2 එකට එනවා, අර නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වීම. නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො ගාථාව අනුව. එතන විඤ්ඤාණයක් සැකසුණා නම්, ඒකෙන් නාමරූප ඇති වෙලා. ඒ belt එක කැරකවීම. මෙය පටිච්චසමුප්පන්නය නොදන්නා නිසා ය.

මෙම ධර්මතාවයෝ නතර කිරීම, slide 4 වල පෙන්වා දී ඇත. එතන පෙන්නනවා ශ්‍රද්ධාව ඇති වීමට නම්, ප්‍රඥාව තිබිය යුතුයි. ප්‍රඥාව ඇති වීමට නම්, සමාධිය තිබිය යුතුයි. සමාධිය ඇති වීමට නම්, සතිය තිබිය යුතුයි. සතිය ඇති වීමට නම්, විරිය තිබිය යුතුයි. විරිය ඇති වීමට නම්, පාපයට බිය ඕතප්ප තිබිය යුතුයි. බිය ඇති වීමට නම් පාපයට ලැජ්ජාව හිරි තිබිය යුතුයි.

එතකොට එතන පෙන්නනවා, රූප ස්පර්ශ නොවීම සඳහා විරිය. ස්පර්ශයන් මගින් වේදනා ඇති වන්නේ නම්, වේදනාවට බිය විය යුතුයි. ඉහත ක්‍රියාවලිය මගින් කුක්කුච්චය දක්වා ආවා නම්, ලැජ්ජා විය යුතුයි. හිරිය තිබිය යුතුයි.

එනම් විඤ්ඤාණයක් නොසෑදීම, එහි වරදවා නොගැනීම, ඒ කියන්නේ පරාමාසය. එතකොට පරාමාසයේ පසු එක එතන කුක්කුච්චය. හිරි සහ ශ්‍රද්ධා, recursively ඇති වීම. පුනපුනා ඇති වීම. ශ්‍රද්ධාවෙන් හිරිය. හිරියෙන් ශ්‍රද්ධාව. එකිනෙකා මගින් support කිරීම මගින්, ඉහත අපි ගත්තා, අර ශ්‍රද්ධාව ඇති වීමට ප්‍රඥාව තිබිය යුතුයි. ඔය විදිහට හිරිය දක්වා කාරණා ටික අපි බැලුවා. බිය ඇති වීමට නම් පාපයට ලැජ්ජාව, හිරිය තිබිය යුතුයි කියලා. ඒ දක්වා අපි බැලුවා.

මෙසේ විඤ්ඤාණ කෙළවර සිට වම් පැත්තට ගමන් කිරීමත්, රූප කෙළවර සිට දකුණු පැත්තට ගමන් කිරීමත්, නැවතිය යුතුයි. මේ සඳහා අවිද්‍යා අනුසය මගින් ඉස්සවීම නොකළ යුතුයි. අවසාන slide එකේ ඒ කියන්නේ slide 6 වල, පටිච්චසමුප්පන්නය නොවීම මගින්, මෙය සිදු වෙන බව අවබෝධ කරගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Chachakka_diagrams/s_Chachakka_diagrams-02.jpg


s_Chachakka_diagrams/s_Chachakka_diagrams-03.jpg


s_Chachakka_diagrams/s_Chachakka_diagrams-04.jpg


s_Chachakka_diagrams/s_Chachakka_diagrams-06.jpg