ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
09/04/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. “යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ඉඤ්ජිතපච්චයා. ඉඤ්ජිතානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො. එතමාදීනවං ඤත්වා, දුක්ඛං ඉඤ්ජිතපච්චයා. තස්මා හි එජං වොස්සජ්ජ, සඞ්‌ඛාරෙ උපරුන්ධිය. අනෙජො අනුපාදානො, සතො භික්ඛු පරිබ්බජෙති.”
චක්ඛු සම්‌ඵස්‌සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ, නොදුක්ඛමසුඛ වූ හෝ යම් විඳුමෙක් උපදී නම්, එය මම යැයි නොහඟනේ ය. එහි මම ඇතැයි නොහඟනේ ය. එයින් මම ඇතැයි නොහඟනේ ය. එය මට අයත් යැයි නොහඟනේ ය. යන ධර්ම කාරණයට සිත යොමු වුණා. මෙය 20/04/2019 නිබ්බාන භාවනාවත් සමඟ සම්බන්ධ කර බැලුවා. එහි අගයන් 3ක් සාකච්ඡා කරනවා.
ඒ කියන්නේ, 1. නාමරූප ඇති තැන සුභ අගයෝ. රවුම් one, 2. පරාමාස ඇති තැන සුඛ අගයෝ. පස් වෙනි රවුම. මමංකාර අත්තා, 3. රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ. අහංකාර අත්තා.
පථයන් තුනක් හරහා නැවත සනාථ කිරීම ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය පරාමාස triangle එක මගින් කරන බව වැටහුණා, කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා.
එතකොට මෙතන, diagram එකක් එනවා. ඒක අපි ඇඳගෙන තියෙනවා විඤ්ඤාණ, භය අගති, සෝක, වේදනා. ඒක තමයි පළවෙනි එක වෙන්නේ. “වෙදනං අත්තතො සමනුපස්සති,” වශයෙන් අපි ලකුණු කරගෙන තියෙනවා. ඔතන ඉන්නේ මාන අගය. විඤ්ඤාණය හරහා පැමිණෙනවා.
ඊළඟට ඕගොල්ලො දන්නවා, “වෙදනාවන්තං වා අත්තානං,” කියන එක චේතනා, භය අගති රේඛාවට වැටෙනවා කියලා. ඊළඟට ඕගොල්ලො දන්නවා, ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාස, සෝක, වේදනා කියලා පථයක්. ඒක අපි “අත්තනි වා වෙදනං,” කියලා ගන්නවා. ඒකෙ එන්නේ සුඛ අගය.
ඊළඟට, පරාමාස, ඉදංසච්ච, භය අගති, සෝක වේදනා. ඒක “වෙදනාය වා අත්තානං,” කියලා ගන්නවා. ඒකෙ එන්නේ සුභ අගය. එතකොට මේ පාරවල් තුන, අපි වෙන් වෙන්ව බැලුවොත්,
පළවෙනියෙන් ම විඤ්ඤාණ, භය අගති, සෝක, වේදනා. “වෙදනං අත්තතො සමනුපස්සති.” ඉහත සඳහන් සුභ, සුඛ, මාන අගයන් තුන, ඉදංසච්ච, ජීවිත ඉන්ද්‍රිය, පරාමාස යන ත්‍රිකෝණයෙහි, පථ තුනකින් සනාථ කරනවිට, අස්මිමානය හටගැනීම, හතර වෙනි රවුම හතර වෙනි පියවරේදි 4.4 ඒකෙදි, සිදු වෙනවා. විඤ්ඤාණයේ සිට ගලන අගය, මානය වශයෙන් අපි සලකුණු කරගෙන ඇත්තේ, එයට අස්මිති මානය අඩංගු බව සිහි කළ යුතුයි. ඉතින් මෙතන අපිට පේනවා, මෙයට පෙර, ඔය වට 5, 6, 8 ඒවා සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා අස්මිති මානය වට දොළහ වශයෙන් ගත යුතු ය.
ඊළඟට දෙවෙනියට අපිට පේනවා ජීවිත ඉන්ද්‍රිය, පරාමාස, සෝක, වේදනා. “අත්තනි වා වෙදනං” කියන එක. ඉතින් මේක තමයි අර from කියලා කියන්නේ. නටන මනුස්සයා එයට ගැළපෙන සිංදුව සොයනවා යන්නේ, සිංදුවෙන් from, තමා ඇතැයි සිතයි. එසේ ම ජීවිත ඉන්ද්‍රියෙන් සුඛ අගය ගලන්නේ, එම සුඛයෙන්, එතනත් අර from කියන එක ගන්න ඕනෑ. තමා ඇතැයි සිතයි. මෙහි දී ජීවිත ඉන්ද්‍රිය නටන්නා ලෙස ගත යුතුයි.
තුන් වෙනුවට අපිට පේනවා, පරාමාස, ඉදංසච්ච, පරිදේව, භය අගති, සෝක, වේදනා කියන පාර. ඒක තමයි අර in හැටියට ගන්න තියෙන පාර. මෙහි දී පරාමාසයේ සිට ඉදංසච්චය දක්වා සුභ අගය ගලන්නේ ය. මෙහි තීව්‍රතාවය ඉහත 1. “වෙදනං අත්තතො සමනුපස්සති” සහ 2. “අත්තනි වා වෙදනං” මගින් පෝෂණය වී ඇත්තේ ය. මෙහි දී පච්ඡා පුරෙ සඤ්ඤාව විනාස වන බව දත යුතුයි. එතකොට, මෙතන “රූපස්මිං වා අත්තානං,” රූපය තුළ හෝ මා ඇතැයි දකියි යන්න සමඟ සසඳා බලන්නේ, මෙහි දී රූපය තුළ, in, කුමක් ඇත්තේ ද විමසන්නේ, එහි දුක ඇති බව දන්නේ, දක්නේ දුක තුළ ම බැසගෙන ඇත්තේ එහි ම වාසය කරයි. මෙසේ දුක ම මතු වෙයි. මෙය මනා කොට අවබෝධ කරගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.
ඉතින් මෙතන අපි diagram එකක් දෙනවා.
එතන තියෙන්නේ, පරාමාසය ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට, ඒ රේඛාවේ ලකුණු වෙනවා. අපි හිතමු A කියලා නිත්‍ය සඤ්ඤාව. එතකොට ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඇතුළේ අපි ලියාගන්නවා සුභයි කියලා. ඒක පෙර සුභය. එතකොට ඔතනින් අපි දන්නවා, මේ මෝහ අගතියට යනවා, ඉදංසච්චයේ ඉඳන්, අපි එතන නිත්‍යයි කියලා තියෙනවා. එතන ම අපි ලකුණු කරලා තියෙනවා, පෙර. පාලි භාෂාවෙන් කියනවා නම් පුරෙ කියන එක. සුභයට A නිත්‍ය එකතු කිරීම. මින් අනතුරුව පසු, පච්ඡා, කියන එක. “යථා පුරෙ තථා පච්ඡා,” යන සඤ්ඤාව වනසයි. එතකොට ඒ මෝහ අගතියට යෑම කියන තැන අපි ලියාගන්නවා, සුඛ යන අර්ථය මෝහය දක්වා පැමිණේ, කියලා.
ඊළඟට, කාමරාග අනුසය රේඛාව, මෝහ අගතිය ඉඳන් පරාමාසකායගන්ථයට. මෝහය දක්වා පැමිණි සුඛ යන අර්ථය එහි උග්‍ර වන්නේ, තීව්‍ර වන්නේ, සංස්කාරයන් මගින් උදව් කරන්නේ, ඒ කියන්නේ support කරනවා, යථා පච්ඡා තථා පුරෙ, පසු යම් සේ නම් පෙරත්, පෙර කියලා කියන්නේ ඉහත A නිත්‍ය සඤ්ඤාව එසේ ය යන සඤ්ඤාව වනසයි. මෙය මළාට පසු මෝහය විසින්, line 6, වලින් වන ක්‍රියාවලිය ලෙස බැලිය යුතුයි. මෙය වටහා ගැනීමට, උදව් උපකාර වන්නේ, “රූපස්මිං වා අත්තා නං” යැයි ගැනීමේදි වේදනාව මිය ගිය නිසා, 5.4, රූපය සොයයි. “වෙදනාය වා අත්තානං” විමසන්නේ, විඤ්ඤාණය මැරෙන නිසා, පරාමාසයේ ඇති වරදවා වටහා ගත් සුඛ වේදනාව සොයයි. සත්‍ය වශයෙන් ම ඇත්තේ දුක ය.
මෙසේ, අපිට කියන්න පුළුවන් කාරණා දෙකක්, අපි කියමු A. කියලා පළවෙනි කාරණාව, විඤ්ඤාණ මරණය සමඟ සුඛ වේදනාව සෙවීමත්. ඊළඟට අපි කියමු B කියලා දෙවෙනි කාරණාව, වේදනා මරණය සමඟ රූප සෙවීමත් වටහා ගැනීම උදව් උපකාර වේ.
මෙහි A, “විඤ්ඤාණ පච්චයා නාමරූපං,” ලෙස ද, B වේදනාවෙන් ඇති වෙන ගිද්ධිලෝභය, “වේදනා පච්චයා තණ්හා” යනුවෙන් ඇතුළත් බව දත යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.