ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං බහුනාභිඡන්නො” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව දක්වා සිහි කළා. ඉතින් ඔතනදි අපිට පේනවා ඒ ඡන්දය, ඒ රාගය, ඊට පස්සේ නන්දිය, ඒ ජාතියේ ඉඳන් වේදනාව දක්වා, අපි දන්නවා ඒ පකප්ප පාර, ඊට පස්සේ නාමරූප කියන තැනට තණ්හාව කියන එක එනවා. ඉතින් මෙහි දී පකප්ප පාර විද්‍යාමාන වන්නේ, 16/04/2021 නිබ්බාන භාවනාව සමඟ සම්බන්ධ වුණා. විඤ්ඤාණ ධාරාව 4.2 දි මැරෙන්නේ, 4.4 දි නැවත මිය ගිය වේදනාව උපදවන්නේ, “විඤ්ඤාණ පච්චයා නාමරූපං” වශයෙන් 03/11/2017 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කරලා තියෙනවා.
ඒ භාවනාවෙදි අපි අර bell shaped curve එක ඉගෙන ගත්තා. පළවෙනියෙන් ම, “සංස්කාර පච්චයා විඤ්ඤාණං.” ඒක 1. “විඤ්ඤාණ පච්චයා නාමරූපං” කියලා ඒ bell shaped curve එකේ උඩට එනවා. ඒ රවුම 2. ඊට පස්සේ, 3 පහළ 4.2, එතනත් “විඤ්ඤාණ පච්චයා නාමරූපං,” ආපහු ඒ bell shaped curve එකේ ඊළඟ curve එකේ 4.4 ඒ peak එක හැටියට එනවා, “විඤ්ඤාණ පච්චයා නාමරූපං” කියලා. මෙය භය අගති වේදනා පථය ඔස්සේ වන බව පෙන්නා දී ඇත. මෙසේ විඤ්ඤාණය විසින් අහවල් වේදනා, අහවල් සඤ්ඤා යැයි දිට්ඨි අනුසය, කාමරාග අනුසය හරහා සනිටුහන් කරන්නේ එජාව මගින්, එනම් තණ්හාව නිසා වන චලනය මගින් එම විසිරී ගිය අගයන් එකතු කරනු ලබයි. මේ අගයන් තුනක් තණ්හාව නිසා වූ චලනය සහිතව එකතු කරනු ලබයි. කුමන අගයන් තුනක් ද?
1. වේදනා අගය. 2. අවිද්‍යා අනුසය මගින් ඔසවන නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය. 3. කාමරාග අනුසය මගින් එන සඤ්ඤා අගයෝ, යන තුන් අගයෝ ය.
මෙසේ එකතු කර චේතනා උපදවයි. මෙසේ “විඤ්ඤාණ පච්චයා නාමරූපං” සහ “වේදනා පච්චයා තණ්හා” යන පටිච්චසමුප්පාද පුරුක් දෙක එකිනෙකා පෝෂණය කරන ආකාරය වැටහේ. ඉතින් මෙතනදි අපිට පේනවා, 4.4 දි අස්මිති මාන අගය නිසා, මැරුණු විඤ්ඤාණය නැවත වේදනාවන් උපදවන බවත් වැටහෙනවා. මෙය “වෙදනං අත්තතො සමනුපස්සති” ලෙස ඉගෙන ගත්තා. ඊළඟට, තවත් කාරණාවක් පේනවා, “රූපවන්තං වා අත්තානං” යන්නෙහි බලපෑම සහිතව, මිය යන වේදනාව නිසා “රූපං අත්තතො සමනුපස්සති” යැයි ගන්නේ, එහි ගිද්ධිලෝභ අඩංගු වන්නේ ය.
ඉතින් ඔතන, මිය යන වේදනාව සඳහන් වෙන්නේ, “රූපස්මිං වා අත්තානං” කියන ධර්මතාවය තුළයි. එනමුදු Identity එකක් නැති මනුස්සයෙක් රූපයක් නොගතහොත්, “රූපං අත්තතො සමනුපස්සති” වන්නේ ද යන්න සිහි කළ යුතුයි.
ඊළඟට පේනවා, “පච්ඡා පුරෙ සඤ්ඤාව” වනසා සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, අංශු මාත්‍ර වූ සුභයක් අල්ලාගෙන නේ ද යැයි විමසන්නේ, මෙසේ අස්මිතිය නිසා, පරාමාසගත වූ දුක පුනපුනා ඇති වන්නේ, අංශු මාත්‍ර වූ සුභයක් අල්ලාගෙන නේ ද යැයි දන්නේ, දක්නේ, කූඤ්ඤය පවා හොඳින් දැනේ. මෙයින් ම නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
උදාහරණ වශයෙන්, සම්බෝලයක පොල්, දෙහි, ලුණු ආදිය ඇත්තේ, සම්බෝලය කන විට, දෙහි රසයක් ඇති ද, එය නිසා ඉතුරු කොටස් හොඳ යැයි අස්මිති මානයෙන් පනවා දෙන්නාක් මෙන් අංශු මාත්‍ර වූ සුභය, ඒ කියන්නේ දෙහි මගින් දුක ම උපදවා දෙන්නේ ය.
ඒක තමයි මම කරපු භාවනාව.