ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
23/04/2021 නිබ්බාන භාවනාවෙදි ඉගෙන ගත්තා, අගයන් තුනක් තණ්හාව නිසා වූ චලනය, එජා, සහිතව එකතු කරනු ලබයි. ඒකේ පෙන්නුවා. 1. වේදනා අගය. 2. අවිද්‍යා අනුසය මගින් ඔසවන නාමකායේ පටිඝසම්ඵස්ස අගය. 3. කාමරාග අනුසය මගින් එන සඤ්ඤා අගය, යන තුන් අගයන් එකතු කර චේතනා උපදවයි. මෙසේ විඤ්ඤාණ පච්චයා නාමරූපං සහ වේදනා පච්චයා තණ්හා යන පටිච්චසමුප්පාද පුරුක් දෙක එකිනෙකා පෝෂණය කරන ආකාරය වැටහේ යැයි සාකච්ඡා කළා.
තණ්හාව නැති නම් එකතු කළ නොහැක. 10/08/2015 වේදනා පච්චයා තණ්හා භාවනාවෙදි අපි ඉගෙන ගත්තා, Roman i, ii, iii කියලා, i අප්‍රියේහි සම්පයොග, ii සුභ, iii උපායාස යන අගයන් ඉක්මන් වන්නේ, ධාරාව නොගලයි යනුවෙන් සාකච්ඡා කළා. එහි සුභයට තුඩු දුන්නා වූ ප්‍රිය දෙයක් ඇති යැයි සිතුවා වූ, අප්‍රියේහි සම්පයොග අගයෝ වැනසී ඇත. සුභ යන පුහු මතය විනාස වීම නිසා තණ්හා නොවේ, යනුවෙන් සාකච්ඡා කළා.
රූප නන්දි curve එක මෙහි දී විමසා බැලිය යුතුයි. අපි දන්නවා ඒ curve එක 7.1, ඊට පස්සේ 7.7 peak එක, ඊට පස්සේ බැහැලා යනවා 8.2. 8.2 ස්පර්ශය සමඟ align වන බව අපි දුක්ඛ table සාකච්ඡාවේදි දනිමු. මෙහි ස්පර්ශය සමඟ align වීම සමඟ නන්දිය මැරී ගොස් ඇත. සුභ යන පුහු මතය මැරෙන්නේ කෙසේ ද? එය සඤ්ඤාවේ අනිත්‍යභාවය දැකීමෙන් සිදු වේ.
එසේ වන්නේ නම් පච්ඡා පුරෙ සඤ්ඤාව නොසැලී පවතී. මෙහි දී පච්ඡා පුරෙ සඤ්ඤාවේ තුන් වෙනි කාරණයට මනස යොමු වුණා. එනම් යට යම් සේ නම් උඩත් එසේ ය. උඩ යම් සේ නම් යටත් එසේ ම වෙසේ. යථා අධො තථා උධං. යථා උධං තථා අධො. පාද තලයෙන් උඩ කෙස් මතුයේ නන් වැදෑරුම් අසූචියෙන් පිරුණු මේ කය ම ප්රත්යාවේක්ෂ කෙරේ.
යම් පඨවි ධාතුවක් වේ ද, එහි තද ගතිය ඇති අතර, ප්‍රදේශයක් වසා සිටීමේ හැකියාව එය තුළ ඇත. Element of extension කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. එනම් එහි පැතිරීමේ හැකියාව ඇත. යම් ආපෝ ධාතුවක් වේ ද, එහි ගැලීම් ස්වභාවය, වැගිරෙන ස්වභාවය ඇත. එනම් එහි එකතු කිරීම යන ගුණය ඇත. ඇලීමෙන් එකතු කරන බව දත යුතුයි. යම් වායෝ ධාතුවක් වේ ද, එහි චලනය ඇත්තේ, එහි විසුරුණා වූ පැතිරුණා වූ යමක ඇලෙන ස්වභාවය යොදා ගනිමින් එකතු කිරීම, ගෙන යෑම, යන ධර්මතාවය ප්‍රගුණ කරයි. තව ද එයට උෂ්ණය එකතු වන්නේ නම්, ආයුෂය පැවැත්ම ද විනාසය ද යන කරුණු දෙක විද්‍යාමාන වේ.
මෙසේ පච්ඡා පුරෙ සඤ්ඤාව මනා කොට වටහා ගන්නේ, යමක් රවුම 8 step 2, 8.2 දී align වූ පමණට එහි නොබැස ගැනීම, එකතු නොකිරීම, ඉදිරියට ගෙන යෑම වැළකීම, නොඉස්සවීම යන කරුණු හතර මනා කොට සිදු වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්