ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
30/04/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් වුණ, යම් වූ වායෝ ධාතුවක් වේ ද, එහි චලනය ඇත්තේ, එහි විසුරුණා වූ පැතිරුණා වූ, යමක ඇලෙන ස්වභාවය යොදා ගනිමින් එකතු කිරීම, ගෙන යෑම, යන ධර්මතාවය ප්‍රගුණ කරයි යන ධර්මතාවයට මනස යොමු වුණා.
සඤ්ඤාව අනිත්‍ය බව මෙනෙහි කරන්නේ, යථා පච්චා තථා පුරෙ, පසු යම් සේ නම් පෙරත් එසේ ය, යන ධර්ම කොටස මනා කොට මෙනෙහි කරන්නේ, ඔතෙන්දි මතකයි අපි, diagram එකක් දුන්නා,
පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය සඤ්ඤාව, එතකොට ඉදංසච්චයේ සුභ, පෙර සුභය. එතකොට ඒ සුභයට නිත්‍ය එක්කහු කරලා අපි සුඛයි කියලා ගත්තා. ඒ සුඛ යන අර්ථය මෝහය දක්වා පැමිණියා. ඊට පස්සේ, ඒ මෝහයේ ඉඳන් පරාමාසය දක්වා ඒ රේඛාවේ අපි ලියාගත්තා, ඒ මෝහය දක්වා පැමිණි ඒ සුඛ යන අර්ථය එහි උග්‍ර වන්නේ, තීව්‍ර වන්නේ, සංස්කාරයන් මගින් උදව් කරන්නේ, යථා පච්චා තථා පුරෙ, පසු යම් සේ නම් පෙරත් එසේ ය. යන සඤ්ඤාව වනසනවා කියලා. එතකොට මෙය මළාට පසු මෝහය විසින් line 6 වලින් වන ක්‍රියාවලිය ලෙස බැලිය යුතුයි කියලා කල්පනා කළා.
එතකොට මේක හරියට බැලුවොත්, විඤ්ඤාණය disjoint වීම කියන එක සිදු වෙනවා. මෙය සඳහා පරාමාස සහ ඉදංසච්චාභිනිවෙස කඳු දෙක යා කළ නොහැකි බව, ඇලීම ඉවත් කිරීමෙන් පසුව දැන ගත යුතුයි. මෙය සිදු වන්නේ, පරාමාසකායගන්ථය සහ ඉදංසච්චාභිනිවෙසකායගන්ථය යන දෙකේ ම සුභ යන මෝඩ මතය පමණක් ඇත්තේ, ඇලීමට දෙයක් නැති බව සඤ්ඤාවේ අනිත්‍ය බව සමඟ අවබෝධ වී තිබිය යුතුයි. මෙය විඤ්ඤාණස්මිං වා අත්තානං යන ධර්මතාවය සමඟ තවදුරටත්, විමසලා බලමු.
දැන් අපි දන්නවා ඒ විඤ්ඤාණස්මිං වා අත්තානං කියන එක 25/04/2019 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කළා. ඒකේ පොඩි, diagram එකක් දුන්නා.
ඒ ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨිය. ජීවිත ඉන්ද්‍රිය ඉඳන් arrow එකක් එනවා පරාමාසකායගන්ථයට. පරාමාසකායගන්ථයේ ඉඳන් පරිදේවයට arrow එකක් එනවා. පරිදේවයේ ඉඳන් ඉදංසච්චයට arrow එකක් එනවා.
එතකොට, පරිදේව ඉඳන් ජීවිත ඉන්ද්‍රියට රතු පාටින් රේඛාවක් ලකුණු කළා, විඤ්ඤාණස්මිං වා අත්තානං කියලා ගන්නේ. ඒ රතු පාට රේඛාවේ නිරූපණය කරන ධර්මය.
එතකොට නිත්‍ය සඤ්ඤාව, පරාමාසකායගන්ථය ඉඳන් ඉදංසච්චයට යනවා. ඉදංසච්චයේ ඉඳන් පරාමාසකායගන්ථයට අත්තා චිත්තය කියලා ලකුණු කරලා තියෙනවා.
එතකොට ඔය 24/12/2015 අත්තානු දිට්ඨි 4 භාවනාවෙදි, නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය මගින් සුභ යන දිට්ඨි විපල්ලාසය නිසා ඇති වූ ධර්මයන් නිත්‍ය වශයෙන්, පරාමාසයේ සිට ඉදංසච්චයට ඇතුල් වන බව අපි ඉගෙන ගත්තා. සුභ යන දිට්ඨි විපල්ලාසය නිසා ඇති වූ ධර්මයෝ කවරහු ද?
අත්තා යන ධර්මයන් ය. මෙහි අත්ත සඤ්ඤා, අත්ත චිත්ත, අත්ත දිට්ඨි, අඩංගු වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. සඤ්ඤාවේ අනිත්‍යභාවය දකින්නේ, නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය ඉවත් වෙනවා. ඉන් අනතුරුව, සුභ යන පුහු මතය ඉවත් වන්නේ, අත්ත සඤ්ඤා, අත්ත චිත්ත, අත්තා දිට්ඨි ඉවත් වෙනවා. කඳු දෙක යා කළ නොහැකි බව උතුම් ප්‍රඥාවෙන් දැනගන්නවා. නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්