ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
30/04/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සුභයට තුඩු දුන්නා වූ, ප්‍රිය දෙයක් ඇති යැයි සිතුවා වූ, අප්‍රියේහි සම්පයොග අගයෝ වැනසී ඇත, යන වාක්‍යයට සිත යොමු වුණා.
ඕගොල්ලෝ දන්නවා ඔය අප්‍රියේහි සම්පයොගයට එන්නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයෙන්, අර Z අකුර වගේ මරණයෙන් ව්‍යාධියට, පරිදේවයෙන් සෝකයට, එහෙම යනවා කියන එක දන්නවා.
අප්‍රියේහි සම්පයොගයට අත්තා යන්න බලපායි. අත්තා යන සඤ්ඤාව ඉවත් වන්නේ, අප්‍රියේහි සම්පයොග නොවේ. අත්තා ඉවත් වීම අත්ත පථයේ වටහාගෙන එය නැවතීම මගිනි. එනම් සඤ්ඤාව අනිත්‍යයි අවබෝධ කර ගැනීමෙන්.
එතකොට ඔය අත්තා පථය ඕගොල්ලෝ දන්නවා. එතන පථ තුනක් පෙන්නා දීලා තියෙනවා. එතකොට ඒ අත්තා පථය 3 න් පටන් අරගෙන, ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රවයෙන් පටන් අරගෙන 6 දක්වා, එතැනින් ඒ කියන්නේ දිට්ඨි සල්ලය සඤ්ඤාව, සඤ්ඤාවේ ඉඳන් මනොසඤ්‌චෙතනා ආහාරය ඊට පස්සේ 5 අත්තා කියලා එනවා. අත්තා කියන එකේ පසු සඤ්ඤාව හැටියට 6 අවිද්‍යා ආශ්‍රව.
ඊළඟට, නිත්‍ය පථය, රතු පාට තිත් රේඛා සහිත ඊතලවලින්, ලකුණු කරලා තියෙනවා. එතකොට ඒක විඤ්ඤාණ ආහාරයේ ඉඳන් නිත්‍යයි කියලා ආවා. එතනින් 2, එතනින් දිට්ඨි ආශ්‍රවයට එනවා. ඊට පස්සේ අනිත් පථය. ඉස්සෙල්ලා සඳහන් කරපු පථය දිගේ යනවා.
ඊළඟට නෙවසඤ්ඤානාසඤ්ඤායතන පථය කොළ පාට ඊතලවලින් මේකෙ ලකුණු කරලා තියෙනවා.
එතකොට දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල, සඤ්ඤා, චේතනා යන කොටස හැම පථයකට ම පොදුයි කියලා අපි සලකන්න ඕනෑ.
29/12/2015 නිරොධසමාපත්‌ති භාවනාවෙදි, අපි සාකච්ඡා කරලා තියෙනවා, මේ නිත්‍ය සංකල්පය බිඳීම ඉදංසච්චාභිනිවෙස වීමෙන් පසුව සිදු වන්නේ නම්, වේදනාව දක්වා යන පාරකුත්, ජාති දක්වා යන පාරකුත් සාකච්ඡා කරලා තියෙනවා.
ඒ කියන්නේ ඒක ඉදංසච්චයට ආවාට පස්සේ, අපිට පේනවා පාරවල් දෙකක්. එකක් තමයි ඉදංසච්චාභිනිවෙස ඉඳන් පරාමාස නිසා line 7 වීම ඇත. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින් පරාමාස පරිදේව භය අගති. එය මගින් භය අගති වේදනා නාමරූප පරාමාස වීම පළමුව සිදු වෙනවා. එතකොට ඒ diagram එක අපි දෙනවා. කළින් දීලා තියෙන diagram එකක්.
ඊළඟට අවිද්‍යා ආශ්‍රව, ඒකෙන් කාම ආශ්‍රව වන්නේ, රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා එතනින් නාමරූප එතනින් පරාමාස ඊට පස්සේ පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවැතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය.
එතකොට අපි 30 දා අප්‍රේල් මාසේ 2021 අපි ඉගෙන ගත්තා, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපත්, වේදනා ප්‍රත්‍යයෙන් වන තණ්හාවත් ඒ භාවනාවෙන් වටහාගෙන ඇත්තේ, ඉන් අනතුරුව මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම වටහා ගන්නේ නම්, සඤ්ඤාවේ අනිත්‍ය බව වටහා ගත් අයකුට නිර්වාණය සාක්ෂාත් වන්නේ ය.
ඉතින් ඒක තමයි භාවනාව.
ඉතින් මේකේ තව පොඩ්ඩක් කියනවා නම්, ඔය නිත්‍ය සංකල්පය අස්මිතියෙන් පෝෂණය වී ඇති යැයි සිහි කළ යුතුයි. එසේ නම්, “වෙදනං අත්තතො සමනුපස්සති,” යැයි ගන්නේ මෙවන් වූ අවිද්‍යා සහගතව ඇති වන සංස්කාරයන් මගින් ය, කියලා සිහි කරන්න පුළුවන්.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්