Date: 21/05/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සංයුත්ත නිකායේ ඛන්ධ සංයුත්තයේ, ඛජ්ජනීය සූත්‍රය මෙනෙහි කළා. තථාගතයන් වහන්සේ පවසනවා,

අපි අතීත භවයන් සිහි කරනවා නම්, පංචඋපාදානස්කන්ධය ම තමයි සිහි කරන්නේ. රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර විස්තර කොට, ඉන් අනතුරුව විඤ්ඤාණය ගැන කියනවා. “මහණෙනි, කවර කරුණකින් විඤ්ඤාණය කියන්නේ ද යත්, මහණෙනි, විජාණනය කිරීමෙන් එයින් විඤ්ඤාණ යැයි කියනු ලැබේ. කවර කරුණකින් විජාණන කෙරේ ද යත්? ඇඹුල ද විජාණන කෙරෙයි, තිත්ත ද විජාණන කෙරෙයි, කටු රස ද විජාණන කෙරෙයි, මදුර රස ද විජාණන කෙරෙයි, කර රස ද විජාණන කෙරෙයි, නොකර රස ද, විජාණන කෙරෙයි, ලුණු රස ද විජාණන කෙරෙයි, නොලුණු රස ද විජාණන කෙරෙයි, මහණෙනි, මෙසේ විජාණන කෙරේ. එයින් විඤ්ඤාණය යැයි කියනු ලැබේ. එතකොට විජාණන කියන්නේ, cognizance කියන එකයි.

“මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක මෙසේ නුවණින් සලකා බලයි. මම වූ කලී දැන් රූපය විසින් කනු ලබමි, යම් සේ දැන් පච්චුප්පන්න රූපය විසින් කනු ලබම් ද, එසෙයින් ම ඉකුත් කල්හි දු රූපය විසින් කනු ලැබිමි. මම අනාගත රූපය විසින් පතම් නම්, යම් පරිදි දැන් පච්චුප්පන්න රූපය විසින් කනු ලබම් ද, එපරිදි මම අනාගත කාලයෙහි දු රූපය විසින් කනු ලබමි. හේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කොට, අතීත රූපයේ නිරපේක්ෂ වේ.” “අනපෙක්ඛො” කියලා කියනවා. Indifferent කියන එක. “අනාගත රූපය නොපතයි. නාභිනන්දති. පච්චුප්පන්න රූපය පිළිබඳව නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, පිළිපන්නේ වේ.”

“මම වර්තමානයේ වේදනාව විසින් කනු ලබමි. යම් පරිදි දැන් පච්චුප්පන්න වේදනාව විසින් කනු ලබම් ද, අතීත කාලයෙහි දු එපරිදි ම වේදනාව විසින් කනු ලැබීමි. මම වනාහි අනාගත වේදනාව පතම් නම්, යම් පරිදි දැන් පච්චුප්පන්න වේදනාව විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගත කාලයෙහි දු වේදනාව විසින් කනු ලබමි. හේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කොට, අතීත වේදනාව පිළිබඳව නිරපේක්ෂ වේ. අනාගත වේදනාව නොපතයි. පච්චුප්පන්න වේදනාව පිළිබඳ කොට නිර්වේදය, කියන්නේ revulsion කියන එකයි. ඒ කියන්නේ ආලය නොකිරීම පිණිස, විරාගය fading away කියන එක පිණිස, නිරෝධය ඒ කියන්නේ cessation පිණිස, පිළිපන්නේ වේ.”

ඉතින් මෙතන මේ ආලය නොකිරීම කෙනෙකුට, ආදරය ලෙස ගත හැකි ය. මෙත්තාව සහ කරුණාව අතර ආදරය. මෙසේ රූපය ඉක්මවයි කියන එක තියෙනවා.

සඤ්ඤාව, සංස්කාර, විඤ්ඤාණ විසින් කනු ලබමි. අතීත විඤ්ඤාණය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත විඤ්ඤාණය නොපතයි. පච්චුප්පන්න විඤ්ඤාණය පිළිබඳ කොට නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, පිළිපන්නේ වේ.

ඉතින් අපි 14/05/2021 නිබ්බාන භාවනාවේදි diagram එකක් දුන්නා. නිත්‍ය සංකල්පය බිඳීම ඉදංසච්චාභිනිවෙස වීමෙන් පසුව සිදු වන්නේ නම්, වේදනාව දක්වා යන පාරකුත්, ජාති දක්වා යන පාරකුත් අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒකේ පථය 1 හැටියට අපි ගත්තා, ඉදංසච්චාභිනිවෙස පරාමාස නිසා line 7 වීම ඇත. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින් පරාමාස පරිදේව භය අගති. එය මගින් භය අගති වේදනා නාමරූප පරාමාස වීම පළමුව සිදු වේ.

s_BrokenNiccaSankalpa1.jpg

ඊළඟට 2 වෙනි පථයේ අපි පෙන්නුවා, අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව වන්නේ රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා නාමරූප පරාමාස පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩ නංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. මෙය නොකිරීම විරාගය ලෙස ගත යුතුයි.

3 වෙනි පථය භය අගති සෝකය වේදනාව එතනින් රූප. මෙය 2 වෙනි පථයට අනතුරුව සිදු වේ. කාම ආශ්‍රවයට පැමිණීම, අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව යන දෙකෙන් ම සිදු වන අතර මෙම මොහොතේ දී, දිට්ඨි ආශ්‍රවය වැදගත් වේ. මෙය නොකිරීම නිරෝධය ලෙස ගත යුතුයි.

පෙර ඒ කියන්නේ 30/04/2021, අපි ඉගෙන ගත්තා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපයත්, වේදනා ප්‍රත්‍යයෙන් වන තණ්හාවත් වටහාගෙන ඇත්තේ, රූපය විසින් කා දමන බවත්, වේදනාව විසින් කා දමන බවත් දන්නේ දක්නේ නාමරූපවලින් උපදවන විඤ්ඤාණය මගින් කා දමන බව දත යුතු ය.

එසේ නම් වේදනාව අභිනන්දනා නොකරන්නේ, විඤ්ඤාණය අභිනන්දනා නොකළ යුතුයි. මෙය දෙයාකාරව දත යුතු ය. එනම් වේදනාව මගින් කා දමන නිසා විඤ්ඤාණය නොඉපදවිය යුතු ය. විඤ්ඤාණය විසින් කා දමන නිසා වේදනාව නොඉපදවිය යුතු ය. මෙසේ සතිමත් විය යුතුයි. “වෙදනං අත්තතො සමනුපස්සති,” පාර විමසිය යුතුයි.

මෙසේ සතිමත් වන්නේ, කරුණු දෙකක අවබෝධය. ඒ කියන්නේ path 2 එකයි, 3 එකයි, එකතු කළ යුතුයි. එනම් අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා යන 2 වෙනි පථයට, දිට්ඨි ආශ්‍රවය නිසා වන 3 වෙනි පථය එකතු නොකිරීමට වග බලා ගත යුතුයි. මෙසේ නිවන් දැකිය හැකි ය.

ඒක තමයි මං කරපු භාවනාව.