ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සළායතන සංයුත්තයේ, ආසිවිස වර්ගයේ තියෙනවා, දුක්ඛ ධම්ම සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, මහණ යම් කලක, සියලුම දුක් දහම් හි සමුදයත් අස්තංගමයත්, තතු සේ දනී ද, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි ආසාවෙක් ඒ කියන්නේ කාමච්ඡන්දෝ, කාමයන්හි සතුටු වීමෙක්, කාම සෙනෙහො, ඒක ප්‍රේමය මෙන් හිතන්න පුළුවන්. කාමයන්හි මුසපත් වීමෙක් කාම මුච්ඡා, ඒක කාමරාග අනුසය රේඛාවේ ඒක කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන්. කාමයන්හි දැවිල්ලෙක් කාම පරිලාහ වේ නම්, එය නොපවත්නේ ද, මෙතන පෙන්වන්නේ, “සො නානුසෙති,” කියලා පාලි භාෂාවෙන්. ඒ කියන්නේ, do not lie latent කියන එකයි. එපරිද්දෙන් ඔහු විසින් කාමයො දක්නා ලද්දාහු වෙති. අභිජ්ඣා, දොමනස්ස යන ලාමක අකුසල් දහම් හු, යම් පරිද්දකින් හැසිරෙන්නා වූ වෙසෙන්නා හු අනුව වැගිරෙත් නම්, එපරිද්දෙන් හැසිරීමත් විසීමත්, එතන පෙන්නනවා “චාරො ච විහාරො ච” කියලා. ඔහු විසින් අවබෝධ කරන ලද්දේ වෙයි.” ඉතින් මේක පාලි භාෂාවෙන් බොහොම ලස්සනයි, ඒකේ පෙන්නනවා.
“යතො ඛො භික්ඛවෙ භික්ඛු සබ්‌බෙ සං යෙ ච දුක්ඛධම්මානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච යථාභූතං පජානාති. තථා ඛො පනස්ස කාමා දිට්ඨා හොන්ති. යථාස්ස කාමෙ පස්සතො යො කාමෙසු කාමච්ඡන්දෝ කාමස්නේහො කාමමුච්ඡා කාම පරිළාහො සො නානුසෙති. තථා ඛො පනස්ස චාරො ච විහාරො ච අනුබුද්ධො හොති. යථා චරන්‌තං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා නානුස්සවන්ති.”
ඉතින් තථාගතයන් වහන්සේ මේ සූත්‍රය තවදුරටත් විස්තර කරනවා. ඒකේ කොටස් තමයි අපි මේ පෙන්නන්නේ. ඒ පළවෙනියට ඒ සමුදය අස්තංගමය, සමාධිභාවනා සූත්‍රය මෙන් බලන්න. ඒකේ පෙන්නනවා රූපය මෙසේ ය. රූපයේ හටගැනීම මෙසේ ය. රූපයේ අස්තංගමය මෙසේ ය. වේදනාව, සඤ්ඤාව, සංස්කාරය, විඤ්ඤාණය මෙසේ ය. විඤ්ඤාණයාගේ හටගැනීම මෙසේ ය. විඤ්ඤාණයාගේ අස්තංගමය මෙසේ යැයි. මහණෙනි මෙසේ මහණ සියලුම දුක් දහම්හි සමුදයත් අස්තංගමයත් තතු සේ දනී. මෙසේ ප්‍රඥා විමුක්තිය ඇති කරගත යුතුයි.
ඊළඟට, තථාගතයන් වහන්සේ පෙන්නනවා. “කතඤ්ච භික්ඛවෙ භික්ඛුනො කාමා දිට්ඨාහොන්ති” කියලා. ඔහුට කාමයන්හි ආසාවෙක් කාමච්ඡන්දයක්, කාමයන්ගෙන් සතුටු වීමක් කාම කාමස්නේහො, කාමයන්හි මුසපත් වීමෙක් කාමමුච්ඡා, කාමයන්හි දැවිල්ලෙක් කාම පරිලාහ වේ නම්, එය නොපවතී ද, මෙය සඳහා පෝතලිය සූත්‍රයේ හතර වෙනි කාරණය, අඟුරු වල මෙන් සිතන්න ය කියන එක පෙන්නනවා. මම මේ අඟුරු වලට වැටෙන්නේ නම් එය හේතු කොටගෙන මරණයට හෝ මරණය පමණ දුකකට හෝ පැමිණෙමියි දන්නා ලද්දේ ම වේ.
ඉතින් දැන් අපිට ඉහත ප්‍රඥා විමුක්තිය තියෙනවා, සමුදය අස්තංගමය බලලා, දැන් මෙත්තාවෙන් යුතුව මේ රූපය ඉක්ම වීම කියන එක කරන්න ඕනෑ.
ඊළඟට තුන් වෙනුව චාරො ච විහාරො ච කියන එක පෙන්නනවා. Mode of conduct and manner කියන එක. මහණෙනි අභිජ්ඣා, දෝමනස්ස යන ලාමක අකුසල් දහම් වූ යම් පරිද්දකින් හැසිරෙන්නා වූ වෙසෙන්නා වූ අනුව වැගිරෙත් නම් එපරිද්දෙන් මහණහු විසින් කෙසේ නම් හැසිරීමත් විසීමත් අවබෝධ කරන ලද්දේ වී ද යත්,
“මහණෙනි යම් සේ පුරුෂයෙක් බොහෝ කටු ඇති වනයකට පිවිසෙන්නේ ද, ඔහු ඉදිරියෙනුදු කටු වන්නේ ය. පිටි පසිනුදු කටු වන්නේ ය. උතුරෙනු දු කටු වන්නේ ය. දකුණෙනු දු කටු වන්නේ ය. යටිනි දු කටු වන්නේ ය. උඩිනු දු කටු වන්නේ ය හෙතෙම කටු නොඇනේවායි සිහි ඇත්තේ ම ඉදිරියට යන්නේ ය. සිහි ඇත්තේ ම පෙරළා එන්නේ ය. මහණෙනි මෙසේ ලොව යමක් ප්‍රිය දෑ නම් මිහිරි දෑ නම් මෙය සස්නෙහි කටු යැයි කියනු ලැබේ. එය කටු යැයි මෙසේ දැන සංවරයත් අසංවරයත් දත යුත්තේ ය.”
දැන් මෙතෙන්දි මෙත්තාවෙන් යුතුව රූපය ඉක්මවලා ඇත්තේ, කටු ඇති වනය මෙන් සිතා, හැසිරීම සිහියෙන් යුතුව කළ යුතුයි. මහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්.
මහණෙනි, මේ සස්නෙහි මහණ ඇසින් රූප දැක, ප්‍රිය ස්වරූප වූ රූපයෙහි ඇලේ. ප්‍රිය ස්වරූප නොවූ රූපයෙහි කිපෙයි. නොඑළඹ සිටි කාය සති ඇත්තේ, මද සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් ඒ චෙතො විමුක්තීන් ප්‍රඥා විමුක්තීන් තතු සේ නොදනී. මේ විදිහට පෙන්නනවා මේ කනින් සද්ද අහලා නහයෙන් ගඳ දැනගෙන, දිවෙන් රස විඳලා, කයින් පහස විඳලා, සිතින් දහම් දැන ප්‍රිය ස්වරූප වූ දහම්හි ඇලෙනවා. ප්‍රිය ස්වරූප නොවූ දහම්හි කිපෙනවා. නොඑළඹ සිටි කාය සති ඇත්තේත් මඳසිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට ඒ ලාමක අකුසල් දහම්හු යම තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චෙතො විමුක්තිත් ප්‍රඥා විමුක්තිත් තතු සේ නොදනී. මහණෙනි, මෙසේ අසංවර වෙයි. ඉතින් මේකත් පාලි භාෂාවෙන් හරි ලස්සනයි. කෙටියෙන් කියනවා නම්.
“කතඤ්ච භික්ඛවෙ අසංවරො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ අධිමුච්චති, අප්පියරූපෙ රූපෙ ව්‍යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතො විමුත්තිං ප්‍රඥා විමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.”
ඊළඟට පස් වෙනියට පෙන්නනවා මහණෙනි, කෙසේ නම් සංවර වේ ද යත්. “මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූප දැක ප්‍රිය ස්වරූප වූ රූපයන්හි නොඇලෙයි. ප්‍රිය ස්වරූප නොවූ රූපයෙහි නොකිපෙයි. එළඹ සිටි කාය සතිය ඇත්තේ, නොපමණ සිත් ඇත්තේ ඒ කියන්නේ අප්‍රමාණ චෙතසො ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධවෙත් නම් චෙතො විමුක්ති, ප්‍රඥා විමුක්ති තතු සේ දනී. මේ විදිහට කනින් සද්ද අහලා, නහයෙන් ගඳ, දිවෙන් රස, කයින් පහස, සිතින් දහම් දැන ප්‍රිය වූ දහම්හි නොඇලෙයි. නොප්‍රිය වූ දහම්හි නොකිපෙයි. එළඹ සිටි කාය සතිය ඇත්තේ, නොපමණ සිත් ඇත්තේ වෙසෙයි. ඔහුට ඒ ලාමක අකුසල් දහම් හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි නම්, ඒ චෙතො විමුක්තිය ප්‍රඥා විමුක්තිය තතු සේ දනී. මහණෙනි, මෙසේ සංවර වේ.”
ඉතින් මේ අවස්ථාවේ දී 21/05/2021 නිබ්බාන භාවනාව සමඟ සම්බන්ධ වුණා. ඒකේ ඕගොල්ලො දන්නවා අර නිත්‍ය සංකල්පය ඉදංසච්චගත වෙලා බිඳිලා ගියා නම් අපි diagram එකක් දීල තියෙනවා. එතකොට ඒකේ පථයවල් තුනක් අපි බැලුවා. ඒකේ 1 වෙනි පථය තමයි ඉදංසච්චාභිනිවෙස ඒකෙන් පරාමාසය නිසා line 7 වීම තියෙනවා. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින් පරාමාස පරිදේව එතනින් භය අගති. ඒ භය අගතියෙන් වේදනා නාමරූප පරාමාස වීම පළමුව සිදු වෙනවා.
ඊළඟට 2 වෙනි පථය අවිද්‍යා ආශ්‍රවවලින් කාම ආශ්‍රව වන්නේ, රාග සල්ලය හරහා රූප ස්පර්ශ කරලා, සඤ්ඤා එතනින් නාමරූප එතනින් පරාමාස ඊට පස්සේ පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩ නංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය.
මෙය නොකිරීම විරාගය ලෙස ගත යුතුයි. ඉහත මෙත්තාව ඇත්තේ, විරාගයට අඩිතාලම දමා ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවීමට වග බලා ගත යුතුයි. 3 වෙනුව, 3 වෙනි පථය භය අගති සෝක වේදනා රූප. මෙය 2 වෙනි පථයට අනතුරුව සිදු වේ. කාම ආශ්‍රවයට පැමිණීම, අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව යන දෙකෙන් ම සිදු වන අතර මෙම මොහොතේ දී, දිට්ඨි ආශ්‍රවය වැදගත් වේ. මෙය නොකිරීම නිරෝධය ලෙස ගත යුතුයි. මෙත්තා අප්‍රමාණ ඇත්තේ ප්‍රඥා විමුක්තිය නොසෙල්වී පවතින්නේ, නිවන් දැකිය හැකියි. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේ භාවනාව කරන්නේ හිසේ කිසිම tension එකක් නැතිව ඔළුව විශාල වෙලා පවතිනවා. ආලෝකමත්ව පවතිනවා. අංගන නැති බව තමන්ට දැනෙනවා. එතකොට මෙය රහතන් වහන්සේලාගේ මනස නේ ද? කියලා ඇහුවා. ඔව්, දරුවා කියලා රහතන් වහන්සේ පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්