ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
28/05/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ පළවෙනි වාක්‍යය සිහි කළා.
“මහණෙනි, මහණ යම් කලක, සියලුම දුක් දහම්හුගේ සමුදයත් අස්තංගමයත්, තතු සේ දනී ද, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි ආසාවෙක් ඒ කියන්නේ කාමච්ඡන්දය ඊළඟට කාම සෙනෙහො, කාම මුච්ඡා, කාම පරිලාහ වේ නම්, ඒ නොපවත්නේ ද එපරිද්දෙන් ඔහු විසින් කාමයො දක්නා ලද්දාහු වෙති. අභිජ්ඣා, දොමනස්ස යන ලාමක අකුසල් දහම් හු, යම් පරිද්දකින් හැසිරෙන්නා හු වෙසෙන්නා හු අනුව වැගිරෙත් නම්, එපරිද්දෙන් හැසිරීමත් විසීමත් ඔහු විසින් අවබෝධ කරන ලද්දේ වෙයි.”
ඉතින් මෙතෙන්දිම සමාධිය බොහොම විදිහට උග්‍ර වෙනවා. මේක මම පාලි භාෂාවෙන් ම තමයි සිහි කළේ. ඉතින් මෙතෙන්දි දකුණු ඇස ඇරුණා. සමුදය අස්තංගමය සමාධිභාවනා සූත්‍රය මෙන් බලන්න. රූපයේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළිඅරගෙන තබාගෙන ඉන්නවා. “රූපං අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති, තස්ස රූපං අභිනන්දතො, අභිවදතො, අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දි. යා රූපේ නන්දි තදූපදානං” මෙතැන උපාදානය දිට්ඨි උපාදානය. මෙහි දී අපිට යමක් වැටහෙනවා. අපි දන්නවා නන්දිය ගිද්ධිලෝභයයි ජාතියයි අතර ලකුණු වෙන්නේ. එතකොට නන්දියේ සිට ජාතිය එතනින් වේදනාව චේතනාව හරහා දිට්ඨි උපාදානය යන පථය විමසන්න. රූපයේ සිට ජාති දක්වා ගමන් කරනවිට, වේදනාව හරහා දිට්ඨි උපාදානය, චේතනාවේ සිට පහළට ගමන් කරන්නේ, වේදනාව හරහා දක්ෂිණාවර්ත ව භ්‍රමණය වීම පෙනේ.
පෝතලිය සූත්‍රයේ 4.4 වෙනි කාරණය සිහියට නංවන්නේ, ඒ කියන්නේ අපි දන්නවා, වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙනවා. සංස්කාර නිත්‍යයි කියලා දකුණු පැත්තෙන් පරාමාසගත වෙනවා. වේදනාව හරහා දක්ෂිණාවර්ත ව භ්‍රමණය වීම මගින්, යම් දහමක් පරාමාසගත වුණා ද, එය සංස්කාරයන් මගින් සනාථ කරන්නේ නම්, මේ වේදනාවට මම කැරකේ යන්න සිදු වන බව දක්නේ, මෙහි දී වම් ඇසත් ඇරිණ. ඒ කියන්නේ මේ disjoint වීම කියන එක.
මෙම කාරණා දෙක සිදු වන්නේ, දිට්ඨි උපාදානයේ B රේඛාව විමසන්නේ, එය දිගු කරන්නේ, රූපයට යන්නේ, “රූපං අත්තතො සමනුපස්සති” යන්නත් “රූපවන්තං වා අත්තානං” යන්නත් සිදු වන්නේ, එය සම්පූර්ණ වන්නේ, කැඩී බිඳී ගියා වූ විඤ්ඤාණය නැවත සාදා දෙයි. ඉතින් මේ block එක important. ඒ කියන්නේ, මේ රූපය ඉඳන් ජාතියට, චේතනාවේ ඉඳන් භය අගතියට.
මෙය මනා කොට දක්නේ “රූපං අත්තතො සමනුපස්සති” යන්නත් “රූපවන්තං වා අත්තානං” යන block එක නොසෑදිය යුතු බව වැටහේ. උදාහරණ වශයෙන් යමෙකු, කොළඹ නගරය කරා ගෙන ගිය පමණට ඔහු එහි තිබෙන දෙයක් නොගත යුතු ය. මැරුණා වූ විඤ්ඤාණය නැවත ඒක රාශී නොකළ යුතු ය. මෙය දිට්ඨි ආශ්‍රවය මගින් කරන බව දැන එහි නිරෝධය පිණිස කටයුතු කළ යුතු ය. 3 වෙනි පථය ඉවත් කිරීමට වග බලා ගත යුතු ය.
ඉතින් මේ වෙලාවේ ඔය 16/04/2017 නිබ්බාන භාවනාවේ dagger එක සිහි වුණා. “සබ්‌බෙ ධම්මා අනත්තාතී, යදා පඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා.”
අපි දන්නවා ඒ විඤ්ඤාණය තියෙන තැන අපි “පඤ්ඤාය පස්සති” කියලා ලකුණු කරගන්නවා. සඤ්ඤාව තියෙන තැන අනත්තා. පරාමාසය තියෙන තැන දුක. සංස්කාර තියෙන තැන අනත්තා. ජාතිය තියෙන තැන දුක. මෙසේ බුදු දහම දක්නේ, නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
ඒක තමයි මං කරපු භාවනාව.