Date: 11/06/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

04/06/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. පළවෙනි වාක්‍යය සිහි කළා.

“මහණෙනි, මහණ යම් කලක, සියලු දුක් දහම්හුගේ සමුදයත් අස්තංගමයත්, තතු සේ දනී ද, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි ආසාවෙක් කාමච්ඡන්දය, කාමයන්ගේ සතුටු වීම, කාම සෙනෙහො, කාම මුච්ඡා, කාම පරිලාහ වේ නම්, එය නොපවත්නේ ද, එපරිද්දෙන් ඔහු විසින් කාමයො දක්නා ලද්දාහු වෙති. අභිජ්ඣා, දොමනස්ස යන ලාමක අකුසල් දහම් හු, යම් පරිද්දකින් හැසිරෙන්නා හු වෙසෙන්නා හු අනුව වැගිරෙත් නම්, එපරිද්දෙන් හැසිරීමත් විසීමත් ඔහු විසින් අවබෝධ කරන ලද්දේ වෙයි.”

ඉතින් මෙතෙන්දිම සමාධිය උග්‍ර වෙනවා. මේක පාලි භාෂාවෙන් ම යි සිහි කළේ. ඉතින් ඊළඟට සඤ්ඤාවේ සමුදයත් අස්තංගමයත් සමාධිභාවනා සූත්‍රය මෙන් බැලුවා. 04/06/2021 නිබ්බාන භාවනාවේ අවසානයට සඳහන් කළ, මැරුණා වූ විඤ්ඤාණය නැවත ඒක රාශී නොකළ යුතුයි. මෙය දිට්ඨි ආශ්‍රව මගින් කරන බව දැන, එහි නිරෝධය පිණිස කට යුතු කළ යුතුයි. 3 වෙනි පථය ඉවත් කිරීමට වග බලා ගත යුතු ය. යන වාක්‍යයට සිත යොමු වුණා.

දිට්ඨි ආශ්‍රව කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සඤ්ඤාව වේ. එය සෑදෙන ආකාරය තෙවන ආයතන සටහන්හි තෙවන පිටුවේ පෙන්නා දී ඇත. එහි තුන් වන කෝටුවෙහි අනිත් කෙළවර ඇත්තේ, විඤ්ඤාණය වේ. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වෙයි.

“යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං සඞ්‌ඛාර පච්චයා. සඞ්‌ඛාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො. එතමාදීනවං ඤත්වා, දුක්ඛං සඞ්‌ඛාර පච්චයා. සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤානං උපරෝධනා. එවං දුක්ඛක්ඛයො හොති, එතං ඤත්වා යථා තථං.”

යම්කිසි දුකෙක් උපදී නම්, ඒ හැම දුක් සංස්කාර ප්‍රත්‍යයෙන් වෙයි. සංස්කාරයන්ගේ නිරෝධ හේතුයෙන් දුක්ඛයාගෙ සම්භවයෙක් නැත. සංස්කාර ප්‍රත්‍යයෙන් දුක වෙයි, යන තෙළ ආදීනවය දැන, සර්ව සංස්කාරයන්ගේ සමථයෙන් ද, සඤ්ඤාදීන්ගේ උපරෝධනයෙන් ද, මෙය තත් වූ පරිද්දෙන් දැන, මෙසේ දුක් ක්ෂය වීම වේ.

පටිඝානුසයෙන් තොරව සඤ්ඤා යැයි දෙයක් නැත යැයි, හතර වෙනි පිටුවේ පෙන්වා දී ඇත. අභිජ්ඣාව මගින් දොමනස්සය. එයින් ප්‍රියේහි විප්පයොග වීම ඇති වන්නේ එය මගින් පටිඝානුසය හටගනී. පටිඝානුසය තියෙනවා නම් එතැනින් සඤ්ඤා, චේතනා, දිට්ඨි ආශ්‍රව, මෙය මගේ වේවා යන මිච්ඡා දිට්ඨිය මගින් අභිජ්ඣාව වන අතර අභිජ්ඣාව මගින් පටිඝානුසය වෙයි.

අභිජ්ඣා සහ පටිඝානුසය අතර ඇති වෙනස කුමක් ද? යන්න සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා පැහැදිලි කළ දුන් වාක්‍යයට සිත යොමු විය. “නිර්වාණයට යන කෙනෙකුට, යම්කිසි බාධාවක් වෙනවා නම්, එය ඔහුට අවැඩක් ය. මෙයයි අභිජ්ඣාව.” නිර්වාණයට යන පුද්ගලයාට ඇස කන, නාසය, දිව, ශරීරය, යන ආයතන නිසා ස්පර්ශයක් ඇති වෙනවා නම්, අභිජ්ඣාව මෙයයි. අවැඩ මෙයයි. බාධාව මෙයයි.

අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වෙයි. මෙයින් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.

අපි ජාති සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වන්නේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.

අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ නම් දෝමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇත්තේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.

එසේ නම් තණ්හාව මගින් එකතු කරන තුන් අගයෝ, එනම් වේදනා, සඤ්ඤා, නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය යන තුන් අගයෝ දුක ය.

තණ්හාවෙන් දුක ඇති වෙන බව තථාගතයන් වහන්සේ පැවසීම වැටහේ. මෙසේ වටහා ගන්නේ, තණ්හාවේ නිරෝධය පිණිස කටයුතු කරන්නේ, නිර්වාණය සාක්ෂාත් කර ගනී.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_BrokenNiccaSankalpa1.jpg


s_Ayatana3/s_Ayatana3-03.jpg


s_Ayatana3/s_Ayatana3-04.jpg


s_Ayatana3/s_Ayatana3-05.jpg