ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ යම් ඡන්දයෙක්, යම් රාගයෙක්, යම් නන්දියෙක්, යම් තෘෂ්ණාවෙක්, යම් තෘෂ්ණා දිට්ඨි උපයයන් දැඩි කොට ගන්නා, අකුසල් චිත්තයට අධිට්ඨාන, අභිනිවේස හෝ අනුසය කෙනෙක් වෙත් ද, එහි ඇලුණේ, වෙසෙසින් ඇලුණේ වේ ද එහෙයින් සත්වයා යැයි කියනු ලැබේ.
එතකොට මෙතන තිට්ඨං නරො කියනකොට ඒ අනුසය වශයෙන් ස්ථීර වන්නේ විපල්ලාසයෝ. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසයි. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසයි. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දිගු කර සුඛ යැයි පවසයි. විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨිය ස්ථිර කරයි. අවිද්‍යා අනුසය විසින් විපල්ලාසයන් ස්ථීර වශයෙන් ම වරදවා ගනී.
අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වෙයි. මෙයින් පටිඝානුසය ඇති වෙයි. අපි ජාතියේ සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වෙයි. අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ දොමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇති වෙයි. මෙසේ තුන් කාරණයෙන් ම පටිඝානුසය සහිතව අසම්පජානකාරීත්වය සුඛ යැයි පවසයි. මෙම තුන් ධර්මයන් එනම් මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, දොමනස්ස යන ධර්මයන් සම්මා සංකප්පය නැති නිසා, ඇති වන බව දන්නේ දක්නේ සම්පජානකාරීත්වය සැම විට පැවතිය යුතුයි.
“ආතාපි සම්පජානො සතිමා,” රූප ස්පර්ශ නොවීමට විරිය. ඉහත අයුරින් ආදීනවය දැක සම්පජානකාරී වන්නේ, එය සතියට කා වදින්නේ, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතු ය. මෙසේ මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ආයතන 2 භාවනාවට පැමිණෙන්නේ, නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
එතකොට ඒකෙ අපි දන්නවා ඒ මණ්ඩලාධිපති බුදුපියා දුන්න පථය. සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් හිරිය, හිරියෙන් ඕතප්පයයි සම්පජානකාරීත්වයයි එතනින් විරිය, විරියෙන් ඡන්දය. එතකොට ඒකේ අපි A කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට ඒ පථය අපි දන්නවා. ඒ path A සම්මා දිට්ඨිය නිසා ය. මේ විරිය වශයෙන් දක්වන්නේ 1 වෙනි විරියයි. අත්හැරීම නෙක්ඛම්මය කුමක් සඳහා ද? අභිජ්ඣාව නැති කිරීමට ය. මේක මේ path A මුළුල්ලේ ම පැවතිය යුතු ය. ඊට පස්සේ අපි දන්නවා path B නිපක ඉඳන් දෝමනස්සයට තියෙන්නේ. Path B ප්‍රඥාව නිසා ය. අභිජ්ඣා ඇති නම් දොම්නස ඇති වේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් මෙය දැන බුද්ධිමත් විය.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්