ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අංගුත්තර නිකායේ සතක්ක නිපාතයේ, මහායඤ්ඤ වග්ගයේ දුතිය සඤ්ඤා සූත්‍රය, කියලා සූත්‍රයක් තියෙනවා.
“මහණෙනි, මේ සඤ්ඤා හතක් භාවිතා කරන ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරන ලද්දේ මහත් ඵල ඇත්තා හු, මහානිශංසා ඇත්තා හු, නිවනට බැස ගත්තා හු, නිවන අවසන් කොට ඇත්තා හු වෙති.”
“සත්තිමා, භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති, මහානිශංසා, අමතොගධා, ඒ කියන්නේ footing in the deathless කියන එක, අමතපරියොසානා. Deathless as their final end, ඒ සත කවරේ ද? අසුභ සඤ්ඤා, මරණ සඤ්ඤා, ආහාරෙ පටික්කූලතා සඤ්ඤා, සබ්බලොකෙ අනභිරත සඤ්ඤා, අනිච්ච සඤ්ඤා, අනිච්චෙ දුක්ඛ සඤ්ඤා, දුක්ඛෙ අනත්ත සඤ්ඤා.”
මේ සඤ්ඤා සතක් භාවිතා කරන ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරන ලද්දේ මහත් ඵල ඇත්තා හු මහානිශංසා ඇත්තා හු නිවනට බැස ගත්තා හු නිවන අවසන් කොට ඇත්තා හු වෙති.
මෙහි අනිච්ච සඤ්ඤාව අපි විමසලා බලමු. අපි සම්පූර්ණ සූත්‍රය සාකච්ඡා කරලා තියෙනවා, හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මෙම සූත්‍රයේ අනිච්ච සඤ්ඤාව ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, අනිච්ච සඤ්ඤාව පුරුදු කිරීමෙන්, එය බහුල කොට සිතින් ගෙන වාසය කරන්නේ භික්ෂුවගේ ලාභ සත්කාර කීර්ති ආදියේ සිත නොඇලේ. හැකිළෙයි, එයින් අහක් වෙයි. ඇතුළට නොඇදෙයි. උපෙක්ඛාව හෝ පිළිකුල් බව පිහිටයි.”
පාලි භාෂාවෙන් පෙන්නනවා, “අනිච්ච සඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලාභසක්‌කාරසිලොකෙ චිත්තං පතිලීයති,” ඒ කියන්නේ වකුටු වෙනවා, සිත නොඇලෙනවා, shrinking away කියලා කියනවා. පතිකුටති, හැකිළෙනවා, bends away, turns back. පතිවත්තති, අහක් වෙනවා, pulls back, rolls away. න සම්‌පසාරියති, දිග නොහැරේ, ඇතුළට නොඇදේ, not drawn in. “උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්‌ඨාති” පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම් සේ කුකුල් පිහාටුවක් හෝ, නහර වැලෙක් හෝ, ගින්නෙහි බහා ලන ලද්දේ, වකුටු වේ ද, හැකිළේ ද, අහක් වේ ද, දිග නොහැරේ ද, එමෙන් ම, මහණෙනි, ඉදින් භික්ෂුව අනිත්‍ය සඤ්ඤාව පුරුදු කිරීමෙන්, සිතින් බහුල කොට වාසය කිරීමෙන්, ලාභ සත්කාර කීර්ති ආදියෙහි සිත නොඇලෙයි. හැකිළෙයි, අහක් වෙයි, ඇතුළට නොඇදේ. උපෙක්ඛාව හෝ පිළිකුල් බව හෝ සිටී.”
“මහණෙනි, ඉදින් අනිත්‍ය සඤ්ඤාව පුරුදු කිරීමෙන්, එය බහුල කොට සිතින් වෙසෙන මහණහුගේ සිත, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හි පවතී ද, නොපිළිකුල් බව හෝ පිහිටා ද මහණෙනි, ඒ මහණ මා විසින් අනිත්‍ය සඤ්ඤාව නොවඩන ලද මට පෙරට වඩා වැඩි අන් වෙසෙසක් පසුව නැත. මා විසින් භාවනා ඵලය නොලබන ලදයි යන තෙළ කරුණ දත යුතුයි. මෙසේ එහිලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.” ඒ කියන්නේ සම්පජානකාරී වෙනවා.
“මහණෙනි, ඉදින් වනාහි භික්ෂුව විසින් අනිත්‍ය සඤ්ඤාව පුරුදු කිරීමෙන් බහුල කොට සිතින් ගෙන වාසය කරන්නේ, ලාභ සත්කාර කීර්ති ආදියෙහි සිත නොඇලෙයි. හැකිළෙයි. අහක් වෙයි. ඇතුළට නොඇදෙයි. උපෙක්ඛාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්ෂුව විසින් මෙසේ දත යුතුයි. මා විසින් අනිත්‍ය සඤ්ඤාව පුරුදු කරන ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මා විසින් භාවනා ඵලයට පැමිණෙන ලදී, යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.” ඒ කියන්නේ සම්පජානකාරී වෙනවා.
“මහණෙනි, අනිත්‍ය සඤ්ඤාව පුරුදු කරන ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ, නිවනට බැස ගන්නා ලද්දේ, නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද ද, එය මේ සඳහා වදාරණ ලදී.”
එතකොට ඔය ලාභසක්‌කාරසිලොකෙ කියන එක, අපි භයභෙරව සටහන්වල 12 වෙනි පිටුවේ සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ දන්නවා ඕගොල්ලො අර area 1 කියලා තියෙනවා, කබලිංකාර ආහාර, ස්පර්ශ, වේදනා, ගිද්ධිලෝභ. ඒක තමයි ක්ෂේත්‍ර 1 කියලා අපි ලකුණු කරන්නේ. එතකොට ලාභ සත්කාර කීර්ති පතන්නා වූ කියන එක, ලාභසක්කාරසිලොකං කියන එක, ඒ ක්ෂේත්‍ර 1 එක ලෙස සැලකිය යුතු ය. මෙහි දී රූපය ලාභ වශයෙන් ගනී.
මෙහි දී 04/06/2021 නිබ්බාන භාවනාවත් සමඟ සම්බන්ධ විය. සඤ්ඤාවේ අනිත්‍යභාවය සමුදයත් අස්තංගමයත් සමාධිභාවනා සූත්‍රය මෙන් බලන්නේ, කිසිවක් මගේ යැයි නොගන්නේ භය අගතිය සිට චේතනාව දක්වා ධර්මයන් ගිලිහී යන්නේ, අස්මිතිය පහ වීමට තුඩු දෙයි. මෙහි යම් ස්ථාවරයක් ඇති ද, ක්ෂේත්‍ර 1 කරා ගමන් කිරීමක් නොවන්නේ, පෙර විසිරී ගියා වූ, කැඩී බිඳී ගියා වූ දහම් නැවත එකතු නොකරයි. නිර්වාණය සාක්ෂාත් කරයි. මෙසේ සම්පජානකාරී වෙයි.
එතකොට ඒක තමයි භාවනාව. ඉතින් මේ භාවනාව කරන්නේ, ඔය සඤ්ඤා හත සිහි කරන්නේ, එහි දී ම උපෙක්ඛා අප්‍රමාණය ඇති වෙනවා. ඊළඟට මේකෙන් අනතුරුව repair කරන්නේ, සෝකය ඇති තැනදි, හැකිළේ යන්න ඇසුණා. ජරාව ළඟ දී, ඉදුව නොයයි. ඇතුළට නොඇදේ යන්න වැටහුණා. එය, නිවැරදි බව බුදුපියා පැවසුවා. උපෙක්ඛාව සහිතව repair කිරීම කියන එක කරන්න පුළුවන් වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්