ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
25/06/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. පළවෙනි වාක්‍යය සිහි කළා. මහණෙනි, මේ සඤ්ඤා සතක් භාවිතා කරන ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරන ලද්දේ, මහත් ඵල ඇත්තා හු, මහානිශංස ඇත්තා හු, නිවනට බැස ගත්තා හු, නිවන අවසන් කොට ඇත්තා හු වෙති.
“සත්තිමා, භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිශංසා අමතොගධා, අමතපරියොසානා. ඒ සත කවරේ ද? අසුභ සඤ්ඤා, මරණ සඤ්ඤා, ආහාරෙ පටික්කූලතා සඤ්ඤා, සබ්බලොකෙ අනභිරත සඤ්ඤා, අනිච්ච සඤ්ඤා, අනිච්චෙ දුක්ඛ සඤ්ඤා, දුක්ඛෙ අනත්ත සඤ්ඤා.”
අද බැලුවේ දුක්ඛෙ අනත්ත සඤ්ඤාව. මහණෙනි, දුක්ඛෙ අනත්ත සඤ්ඤාව භාවිතා කරන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ, මහත් ඵල ඇත්තේ මහානිශංස ඇත්තේ, නිවනට බැස ගත්තේ, නිවන අවසන් කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේ ද, කුමක් සඳහා එය වදාරණ ලද්දේ ද යත්. දුක්ඛෙ අනත්ත සඤ්ඤාව පුරුදු කරන ලද සිතින් බහුල කොටගෙන වසන්නා වූ භික්ෂුවට මේ විඤ්ඤාණය සහිත කයේ ද, බාහිර සියලු නිමිති කෙරෙහි ද, පහව ගිය අහිංකාර, මමිංකාර මාන ඇති, ඉක්ම වූ විධා ඇති, ශාන්ත වූ මොනවට මිදුණු සිත වෙයි.
මෙතන විධා කියන්නේ, discrimination ඒ කියන්නේ, මම උසස්, මම පහත්, මම සමානයි කියලා. ගන්න එක. “දුක්ඛෙ අනත්ත සඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ භික්ඛුනො චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බ නිමිත්තෙසු අහිංකාර, මමිංකාර මානාප ගතං, මානසං හොති විධා සමතික්‌කන්‌තං සන්‌තං සුවිමුත්තං.”
“මහණෙනි, ඉදින් දුක්ඛයේ අනාත්ම සඤ්ඤාවෙන් පුරුදු කරන ලද සිතින් බහුල වශයෙන් වසන මහණ හට මේ විඤ්ඤාණය සහිත කයේ ද බාහිර හැම නිමිති කෙරෙහි ද, අහිංකාර, මමිංකාර මාන පහ වූ, ඉක්ම වූ විධා ඇති ශාන්ත වූ මොනවට මිදුණු සිත නොවේ නම්, මහණෙනි භික්ෂුව විසින් මේ කාරණය දත යුතු ය. මා විසින් දුක්ඛයේ අනත්ත සඤ්ඤාව පුරුදු නොකරන ලදී. මගේ පෙරට වඩා විශේෂයක් ද නැත. මා විසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
මහණෙනි, ඉතින් දුක්ඛෙහි අනාත්ම සඤ්ඤාවෙන් පුරුදු කරන ලද සිතින් බහුල කොට වෙසෙන මහණ හට මේ විඤ්ඤාණය සහිත කයෙහි ද බාහිර සියලු නිමිති කෙරෙහි ද අහිංකාර, මමිංකාර මාන පහ වූ, විධා සමතික්‍රමණය, විධා ඉක්ම වූ, කළ ශාන්ත වූ සුවිමුක්ත වූ චිත්තය වේ නම්, මහණෙනි, මා විසින් දුක්ඛයේ අනාත්ම සඤ්ඤාව මොනවට වඩන ලදී. මට පෙරට වඩා විශේෂයක් ඇත. මා විසින් භාවනා ඵලය ලබන ලදැයි යන තෙළ කරුණ මහණ විසින් දත යුතු ය. මෙසේ මේ කරුණෙහි ලා සම්‍යක් ප්‍රඥා ඇති වෙයි. සම්පජානො හොති කියන එක.
මහණෙනි දුක්ඛයේ අනත්ත සඤ්ඤාව භාවිතා කරන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ, මහත් ඵල ඇත්තේ මහානිශංස ඇත්තේ නිවනට බැස ගත්තේ, නිවන අවසන් කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේ ද එය මේ සඳහා වදාරණ ලදී.”
එතකොට හැම සඤ්ඤාවක් ම රෝගී බව අපි දන්නවා. ආනෙඤ්ජ සප්පාය slide 3 වල අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ආනෙඤ්ජ සප්පාය slide 4 වලට සිත යොමු විය. භවය ද, භෝගය ද, වෝකාරය ද, අහංකාරයට පදට්ඨානය වෙනවා. ඉතින් අපි දන්නවා භවය වේදනාවට යටින් ලකුණු කරලා තියෙනවා. භෝගය කබලිංකාර ආහාරයට යටින්. මනොසඤ්‌චෙතනා ආහාරයට යටින් වෝකාරය. ඉහත කරුණු තුන මගින් අහංකාරය ඇති වෙනවා. එවිට ධම්මෙසු උපගමනලක්ඛණා අත්ත සඤ්ඤා. තස්ස අහංකාරො පදට්ඨානං. අත්ත සඤ්ඤාව ධර්ම විෂයයෙහි සඤ්ඤා සහ චේතනා දැඩිව ගැනීම ලක්ෂණ කොට ඇත්තේ ය. ඊට අහංකාරය පදට්ඨානයයි. එතකොට අහංකාරයෙන් අත්ත සඤ්ඤාව ඇති වෙනවා.
මෙහි දී 25/06/2021 නිබ්බාන භාවනාවේ, සඳහන් කරුණු සිහි කර, අනිච්ච සඤ්ඤාව වඩන්නේ, සඤ්ඤාවේ අස්තංගමය බලන්නේ, කුමක් නිසා ආකිඤ්චඤ්ඤ සඤ්ඤා අභිනන්දනා නොකරන්නේ යැයි විමසන්නේ, එය රෝගී නිසා, ව්‍යාධි ගුණ ඇති නිසා නාභිනන්දති යැයි ගත යුතු යැයි වැටහෙන්නේ, නාමරූප ඇති තැනදි පතිලීයති, වකුටු වෙයි. සිත නොඇලෙයි යන්න වන බව වැටහිණ. බුදුපියා එය නිවැරදි බව පැවසුවා. මෙහි දී දකුණු නළල vibrate වන බව දැනුණා. සඤ්ඤාව ගිලිහී යන බැවිනි. “විධා සමතික්‌කන්‌තං” ඉක්ම වූ විධා යන්න සිහි කරන්නේ ශාන්ත වූ මොනවට මිදුණු සිත ඇති විය. මේ සඳහා මම උසස්, මම පහත්, මම සමානයි යන්න, රෝගී සඤ්ඤාව නිසා මගේ යැයි නොගත යුතු ය. යන්න මනා කොට පැවතිය යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්