ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
25/06/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. පළවෙනි වාක්‍යය සිහි කළා. මහණෙනි, මේ සඤ්ඤා සතක් භාවිතා කරන ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරන ලද්දේ මහත් ඵල ඇත්තා හු, මහානිශංස ඇත්තා හු, නිවනට බැස ගත්තා හු, නිවන අවසන් කොට ඇත්තා හු වෙති.
“ඒ සත කවරේ ද? අසුභ සඤ්ඤා, මරණ සඤ්ඤා, ආහාරෙ පටික්කූලතා සඤ්ඤා, සබ්බලොකෙ අනභිරත සඤ්ඤා, අනිච්ච සඤ්ඤා, අනිච්චෙ දුක්ඛ සඤ්ඤා, දුක්ඛෙ අනත්ත සඤ්ඤා.”
අද බැලුවේ අනිච්චෙ දුක්ඛ සඤ්ඤාව. “මහණෙනි, අනිච්චෙ දුක්ඛ සඤ්ඤාව භාවිතා කරන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ, මහත් ඵල ඇත්තේ මහානිශංසා ඇත්තේ, නිවනට බැස ගත්තේ, නිවන අවසන් කොට ඇත්තේ වේ. මෙසේ යමක් වදාරණ ලද්දේ ද, කුමක් සඳහා එය වදාරණ ලද්දේ ද යත්. මහණෙනි, අනිච්චෙ දුක්ඛ සඤ්ඤාව පුරුදු කරන ලද්දා වූ, බහුල වශයෙන් වඩන ලද්දා වූ භික්ෂුවගේ අලසකමෙහි, කොසජ්ජයේ, නිර්වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුසල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යාවේක්ෂ නොකිරීමෙහි, දැඩි වූ භය සඤ්ඤාව එළඹ සිටියේ වෙයි. ඔසවන ලද කඩුව ඇති වධකයකු කෙරේ යම් සේ ද එමෙනි.”
පාලි භාෂාවෙන් පෙන්නනවා, “සචෙ භික්ඛවෙ භික්ඛුනො අනිච්චෙ දුක්ඛ සඤ්ඤා පරිචිතෙන චෙතසා බහුලං විහරතො, ආලසෙය්‍ය, අලසකම lethargy කියන එක, කොසජ්ජෙ indolence කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා, රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් කොසජ්ජය ඇති වෙනවා කියලා අපි දන්නවා. විස්සට්ඨියෙ වුහුටු බැව්හි නිර්වාණ ධර්මයෙන් ඈත් කිරීමෙන් slackness කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. පමාදො ප්‍රමාදයෙහි negligence, අනනුයොගො කුසල ධර්මයන්ගේ නොයෙදීමෙහි lack of effort, අපච්ච වෙක්‌ඛණාය ප්‍රත්‍යාවේක්ෂ නොකිරීමෙන් unreflectiveness, තිබ්බා භය සඤ්ඤා දැඩි වූ භය සඤ්ඤාව පච්චුපට්ඨිතා හොති එළඹ සිටියේ. සෙය්‍යථාපි, භික්ඛවෙ, උක්ඛිත්තාසිකෙ වධකෙ.”
“මහණෙනි, ඉදින් අනිච්චෙ දුක්ඛ සඤ්ඤාවෙන් පුරුදු කරන ලද්දා වූ, සිතින් බහුල කොට වෙසෙන මහණුන්ගේ අලස බැව්හි, කොසජ්ජයෙහි, නිර්වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුසල් ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යාවේක්ෂ නොකිරීමෙන්, දැඩි වූ භය සඤ්ඤාව, ඔසවන ලද කඩුව ඇති වධකයෙක් කෙරෙහි මෙන් එළඹ නොසිටියා වෙයි ද, මහණෙනි ඒ මහණුන් විසින් මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤා නොවඩන ලද, මට පෙරට වැඩි විශේෂයක් නැත. මා විසින් භාවනා ඵලය නොලබන ලදැයි යන තෙළ කරුණ දත යුතු ය. මෙසේ මේ කරුණෙහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වේ. සම්පජානො හොති.”
“මහණෙනි ඉදින් අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤාවෙන් පුරුදු කරන ලද්දා වූ, සිතින් බහුල කොට වෙසෙන මහණුන්ගේ අලස බැව්හි, කොසජ්ජයෙහි, නිර්වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුසල් ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යාවේක්ෂ නොකිරීමෙන්, දැඩි වූ භය සඤ්ඤාව, ඔසවන ලද කඩුව ඇති වධකයෙකු කෙරෙහි මෙන් එළඹ සිටියා වෙයි ද, මහණෙනි ඒ මහණුන් විසින් මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤාව වඩන ලද මට පෙරට වැඩි විශේෂයක් ඇත. මා විසින් භාවනා ඵලය ලබන ලදැයි යන තෙළ කරුණ දත යුතු ය. මෙසේ මේ කරුණෙහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි. සම්පජානො හොති. මහණෙනි අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤාව භාවිතා කරන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ, මහත් ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවනට බැස ගත්තේ, නිවන අවසන් කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේ ද, එය මේ සඳහා වදාරණ ලදී.”
ඉතින් මෙතෙන්දි 11/06/2021 ධර්ම කාරණා සමඟ සම්බන්ධ වුණා. පළවෙනියෙන් ම අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වෙයි. මෙයින් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. දෙවනුව අපි ජාති සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වන්නේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. තුන් වෙනුව අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ දෝමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇත්තේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.
පළවෙනි කාරණය බැලුවොත්, ඉතින් අපි advanced 2 දුක්ඛ table භාවනාවෙදි අපි ජාතියේ සිට ජරාව දක්වා යන විට, විඤ්ඤාණයේ සිට චේතනාව දක්වා යන බව අපි දන්නවා. මෙහි විඤ්ඤාණ සිට චේතනාව දක්වා යෑම පළමුව සිදු වෙනවා. එතකොට අපි දන්නවා මේ නිත්‍ය සඤ්ඤාව පසු දිසාවට ගිහිල්ලා, අර 5.5 කියන තැන අත්තා සෑදෙනවා කියලා. 5.5 අත්තා යන්න සෑදෙන්නේ මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ, චේතනාව දක්වා පැමිණෙන්නේ ආයතන ලැබීම සමඟ ජරා, ව්‍යාධිය ඇති වෙනවා. මෙය 14/08/2015 ජාති පච්චයා ජරා මරණ භාවනාවේ සාකච්ඡා කරලා තියෙනවා.
ඊළඟට දෙවෙනි කාරණයේ, ජාතියේ ඉඳන් අපි අභිජ්ඣා වුණොත් දුකයි. ජාතියේ සිට කබලිංකාර ආහාර පාරේ ගොස් දුක ඇති කර ගනී.
තුන් වෙනුව, ජාතියේ ඉඳන් ව්‍යාපාද වුණොත් දෝමනස්සය. ජාති සිට අනාගත භවය දැඩි කොට ගැනීම, ස්පර්ශ ආහාර පාර දිගේ ගොස්, දෝමනස්සය ඇති වෙයි.
මෙම තුන් ධර්මයන් මගින් දුක ඇති වන්නේ, නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ, ජරා, දුක්ඛ, දෝමනස්ස, සමඟ ඇති වන්නේ, “තණ්හාවෙන් එම දුක් අගයන් ම එකතු කරන්නේ යන්න අනිත්‍යයේ දුක්ඛ සඤ්ඤාව වේ” යැයි, බුදුපියා පැවසුවා. මේ වන විට විඤ්ඤාණ ධාරාව 8.2 දක්වා ගමන් කර අවසානය. අටවන රවුමෙන් පසුව තණ්හාව බව අපි දනිමු.
මෙය වැටහීමෙන් අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤාව මගින්, මිද්ධ සහගත වූ සඤ්ඤා ඉවත් කරනු ලබයි. කුමක් නිසා ද? “තවත් අලස වූවොත්, මෙම දුක්ඛය ම ඇති වෙන බව දන්නා නිසා ය” කියලා බුදුපියා පැවසුවා. මෙසේ කඩුව අමෝරා ගත් වධකයා මෙන් සිතන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්