Date: 16/07/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

09/07/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා.

“මහණෙනි, අනිච්චෙ දුක්ඛ සඤ්ඤාව පුරුදු කරන ලද්දා වූ බහුල වශයෙන් වඩන ලද්දා වූ භික්ෂුවගේ, අලසකමේ, කොසජ්ජයේ, නිර්වාණ ධර්මයෙන් ඈත් කිරීමේ, ප්‍රමාදයේ, කුසල ධර්මයන්ගේ නොයෙදීමේ, ප්‍රත්‍යාවේක්ෂ නොකිරීමේ, දැඩි වූ භය සඤ්ඤාව එළඹ සිටියේ වේ. ඔසවන ලද කඩුව ඇති වධකයකු කෙරේ යම් සේ ද, එමෙනි,” යන වාක්‍යයට සිත යොමු කළා. ඉහත සඳහන් කරුණු උදාහරණ සහිතව සිහි කළා.

පළවෙනි එක ආලසෙය්‍ය. අලසකමෙහි, lethargy. අපි වට අට කැරකැව්වේ මහා කප්ප ගණනාවකට ඉස්සෙල්ලා. එතකොට වට අටෙන් පස්සේ, ථීනමිද්ධය තියෙනවා. මෙය අතීතයේ වූ දෙයක් ලෙස ගත්තා.

දෙවෙනියට කොසජ්ජය. Indolence රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් කොසජ්ජය ඇති වෙන බව අපි දන්නවා, අපි ජාතියේ සිට ජරාව දක්වා යන විට, විඤ්ඤාණයේ සිට චේතනාව දක්වා යන බව අපි දනිමු. 5.5 අත්තා යන්න සෑදෙන්නේ, මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ, චේතනාව දක්වා පැමිණෙන්නේ ආයතන ලැබීම සමඟ ජරා, ව්‍යාධිය ඇති වේ. මෙම ක්‍රියාවලිය අතීත සංස්කාරයක් ලෙස බැලුවා. උදාහරණයක් වශයෙන් තරුණ පිරිමි ළමයෙක්, ගැහැණු ළමයෙක් මගේ යැයි ගන්නේ, ජරාව යැයි නොදකින්නේ, කොසජ්ජය ඇති වෙයි.

තුන් වෙනියට විස්සට්ඨියෙ. වුහුටු බැව්හි නිර්වාණ ධර්මයෙන් ඈත් කිරීමෙන් slackness පිරිමි ළමයා විසින්, ගැහැණු ළමයෙක් මගේ යැයි ගන්නා ලද්දේ නිර්වාණ ධර්මයෙන් ඈත් කිරීම වර්තමානයේ සිදු වෙයි.

හතර වෙනුවට පමාදය. ප්‍රමාදයෙහි, negligence. මිච්ඡා දිට්ඨිය නිත්‍යභාවය ලෙස කල්පනා කළ යුතුයි. සාඨෙය්‍ය අත්තභාවය ලෙස කල්පනා කළ යුතුයි. ප්‍රමාදය දුක්ඛභාවය ලෙස කල්පනා කළ යුතුයි. නිත්‍යභාවය සහ අත්තභාවය නිසා දුක්ඛභාවය ඇති වී ඇත, යනුවෙන් අපි advanced program එකේදි සාකච්ඡා කරලා තියෙනවා. අතීතයෙහි ප්‍රමාද වූ බව සත්‍යයකි. එනමුදු වර්තමානයේ තවදුරටත් ප්‍රමාද විය යුතු ද?

පස් වෙනුව අනනුයොගො. කුසල ධර්මයන්ගේ නොයෙදීමෙහි, lack of effort. අතීතයේ යමක් තමා කරගෙන අකුසල ධර්මයන්හි යෙදුණා ද, අනාගතයේ දීත් එසේ නොවිය යුතු ය. කුසල ධර්මයන්ගේ යෙදීම, වර්තමාන, අනාගත දෙකාලයටම සාධාරණය.

හය වෙනුව අපච්ච වෙක්‌ඛණාය. ප්‍රත්‍යාවේක්ෂ නොකිරීමෙන් unreflectiveness. අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤාව ඉහත අයුරින්, වටහා ගන්නේ, මිද්ධ සහගත සඤ්ඤාව එමගින් ඉවත් කරන්නේ, අලස වුවහොත් මෙම දුක්ඛය ම ඇති වෙන බව දැන, වර්තමාන, අනාගත දෙකාලයටම සාධාරණ ලෙස සලකා, ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය.

තිබ්බා භය සඤ්ඤා පච්චුපට්ඨිතා හොති. මෙසේ දැඩි වූ භය සඤ්ඤාව එළඹ සිටින්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි, එතකොට ඒක තමයි භාවනාව.

මේ භාවනාව කරන්නේ මනස ප්‍රභාස්වර වෙනවා, එලිය විහිදෙනවා. කුමක් නිසා එසේ එලිය විහිදේ ද? යන්න බුදුපියාගෙන් විමසන්නේ, “මෙම කරුණු හය චිත්තයට සාධාරණ” බව බුදුපියා පැවසුවා.

ඒක තමයි කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_VattupamaDiagrams/S_VattupamaDiagrams-13.jpg