ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අංගුත්තර නිකායේ, එකා දසක නිපාතයේ, අනුස්සති වග්ගයේ ප්‍රථම මහානාම සූත්‍රය.
ඒකේ මහානාම තථාගතයන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීනී, නොයෙක් විහරණවලින් යුක්තව වාසය කරන්නා වූ ඒ අප, කිනම් විහරණයකින් යුතුව වාසය කට යුතු වන්නේ ද?” කියලා. තථාගතයන් වහන්සේ පවසනවා.
“මහානාමය, ශ්‍රද්ධා ඇත්තේ වනාහි සම්පාදනය කරන්නේ ය.” සම්පාදනය කියන්නේ succeeds. ආරාධකො කියලා පාලි භාෂාවෙන් කියනවා. “ශ්‍රද්ධා නැත්තේ සම්පාදනය නොකෙරේ. පටන් ගන්නා ලද විරිය ඇත්තේ, ආරද්ධ විරියො, සම්පාදනය කරන්නේ වෙයි. කුසීත වූයේ සම්පාදනය නොකෙරේ. එළඹ සිටි සිහිය ඇත්තේ, උපට්ඨිත සති, සම්පාදනය කරන්නේ වෙයි. මුළා වූ සිහිය ඇත්තේ, සම්පාදනය නොකෙරේ. එකඟ වූ සිත් ඇත්තේ, සමාහිතො, සම්පාදනය කරන්නේ වෙයි. එකඟ වූ සිත් නැත්තේ, සම්පාදකයා නොවෙයි. ප්‍රඥා ඇත්තේ, සම්පාදකයා වෙයි. ප්‍රඥා නැත්තේ, සම්පාදකයා නොවෙයි. මහානාමය, ඔබ මේ පංචධර්මයන් හි පිහිටා, ෂඩ් ධර්මයන් මත්තෙහි වඩන්නේ ය.” කියලා කියනවා.
ඉතින් මේක පාලි භාෂාවෙන් මේ කෑල්ල කියනවා නම්, “ශ්‍රද්ධා ඛො, මහානාම, ආරාධකො හොති, නො අස්සද්ධො, ආරද්ධවිරියො ආරාධකො හොති, නො කුසීතො, උපට්ඨිතස්සති ආරාධකො හොති, නො මුට්‌ඨස්‌සති, සමාහිතො ආරාධකො හොති, නො අසමාහිතො, පඤ්ඤවා ආරාධකො හොති, නො දුප්පඤ්ඤො.”
“මහානාමය, මෙහි ඔබ තථාගතයන් සිහි කරන්නේ ය. ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.”
“මහානාමය, යම් කලෙක්හි ආර්ය ශ්‍රාවක තෙම තථාගතයන් සිහි කෙරේ ද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිතක් නොවෙයි. එකල්හි ඔහුට ඍජුව ගියා වූ සිතක් ම වෙයි. මහානාමය, තථාගතයන් අරභයා ඍජුව ගියා වූ ම සිත් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ අර්ථය නිසා සතුට ලබයි. ධර්මය නිසා සතුට ලබයි. ධර්මයෙන් යුක්ත වූ ප්‍රමෝදය ලබයි. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වෙයි. පස්සද්ධකායො සැහැල්ලු කය ඇත්තේ සැපය සුඛ විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි සමාධියති. මහානාමය, මේ ආර්ය ශ්‍රාවක තෙම විෂම බවට පැමිණියා වූ ප්‍රජාවෙහි සම බවට පැමිණියේ වාසය කෙරෙයි. දුක් සහිත වූ ප්‍රජාවෙහි නිදුක් වූයේ වාසය කරයි. ධර්මස්‍රොතයට පැමිණියේ බුද්‍ධානුස්මෘතිය වඩා යැයි කියනු ලැබේ.”
ඊළඟට පෙන්නනවා මේ ධර්මය සිහි කරනවා ය, සංඝයා සිහි කරනවා ය, තමන්ගේ සීලයන් සිහි කරනවා යැයි තමන්ගේ ත්‍යාගය සිහි කරන්නේ, දේවතාවන් අනුස්මරණය, ඒ දේවතාවෝ මෙයින් චුතව එහි උපන්නා වූ නම් මට ද එබඳු ශ්‍රද්ධාවෙක්, සීලයෙක්, ශ්‍රැතයෙක් ඒ කියන්නේ learning, ත්‍යාගයෙක්, ප්‍රඥායෙක් විද්‍යාමානයෙන් දේවතාවන් අනුස්මරණය කරන්නාහු ය.
එතකොට ඔය අංගුත්තර නිකායේ එකා දසක නිපාතයේ, නිස්සිය වග්ගයේ, කිමත්ථිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්නනවා, සමාධිය, යථා භූත ඥාන දර්ශනය අර්ථ කොට, යථා භූත ඥාන දර්ශනය අනුසස් කොට ඇත. යථා භූත ඥාන දර්ශනය, නිර්වේදය නිබ්බිදාව, අර්ථ කොට, purpose එක ඒකයි. නිර්වේදය අනුසස් කොට benefit එක, ඇත. නිර්වේදය, විරාගය අර්ථ කොට විරාගය අනුසස් කොට ඇත. විරාගය, විමුක්ති ඥාන දර්ශනය අර්ථ කොට විමුක්ති ඥාන දර්ශනය අනුසස් කොට ඇත.
ඉතින් මෙතෙන්දි 28/05/2021 නිබ්බාන භාවනාවේ පථ තුන සිහි වුණා. ඕගොල්ලො දන්නවා අර නිත්‍ය සංකල්පය විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චගත වෙලා බිඳිලා ගියා නම් කියලා බැලුවා.
එතකොට ඒ පළවෙනි පථය. ඉදංසච්චාභිනිවෙස පරාමාස නිසා line 7 වීම ඇත. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින්, පරාමාස, එතනින් පරිදේව එතනින් භය අගති. එය මගින් භය අගති වේදනා නාමරූප පරාමාස වීම පළමුව සිදු වෙයි.
එතකොට මෙතෙන්දි, ඉදංසච්චාභිනිවෙසයේ සිට පරාමාසය දක්වා යමක් ඇතුල් නොවිය යුතු ය. මෙයට අඩිතාලම මෙත්තාවෙන් වැටෙන්නේ නම් අතීත වූ රූපයන් ඉක්මවා, ජලය ඇවිස්සීම නොකරන්නේ, නිබ්බිදාව පිණිස උදව් උපකාර වන්නේ ය.
ඊළඟට 2 වෙනි පථය. අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ, රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා, එතනින් නාමරූප එතනින් පරාමාස එතනින් පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවැතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩ නංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. මෙය නොකිරීම විරාගය ලෙස ගත යුතුයි. ඉහත මෙත්තාව ඇත්තේ, විරාගයට අඩිතාලම දමා ඇත්තේ අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවීමට වග බලා ගත යුතු ය. මෙහි දී මෝහ සල්ලය මගින් කරකැවීමක් නොකරන්නේ, සංස්කාර අල්ලාගෙන විඤ්ඤාණය නොසිටින්නේ, යථා පච්ච තථා පුරෙ සඤ්ඤාව නොනසන්නේ, මෙසේ ඇති වූ විරාගය, විමුක්ති ඥාන දර්ශනය අර්ථ කොට විමුක්ති ඥාන දර්ශනය අනුසස් කොට ඇති වෙයි.
මෙසේ සඤ්ඤා ඉවතලන්නේ තෙවන පථයට තුඩු දුන් දිට්ඨි ආශ්‍රවයට ඉඩක් නොලැබෙයි. නිර්වාණය සාක්ෂාත් කරයි. කුමක් නිසා ද? “ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ගැඹුරු වූ බැවිනි” යැයි, බුදුපියා පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්