ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ, ද්වයතානුපස්සනා සූත්‍රයේ, හත් වෙනි ගාථාව.
“යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං වේදනා පච්චයාති, අයමෙකානුපස්සනා, වේදනා නං ත්වෙව අසෙස විරාග නිරොධො, නත්ථි දුක්ඛස්ස සම්භවොති, අයං දුතියානුපස්සනා”
යම්කිසි දුක්ඛයක් උපදනේ නම්, ඒ හැම දුක් වේදනා ප්‍රත්‍යයෙන් වන්නේ ය, යන මේ එක් අනුපස්සනායෙක. වේදනාවන්ගේ ම අශේෂ විරාග නිරෝධ හේතුවෙන්, දුක්ඛයාගේ සම්භවයක් නැතැයි යන මේ දෙවන අනුපස්සනා යි.
“සුඛං වා යදි වා දුක්ඛං, අදුක්ඛමසුඛං සහ, අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, යං කිඤ්චි අත්ථි වෙදිතං.” සුඛ වූ හෝ දුක වූ හෝ අදුක්ඛමසුඛ වූ හෝ අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි, යම්කිසි වේදයිතයෙක් ඇත්නම්.
“එවං දුක්ඛන්ති ඤත්වාන, මොසධම්මං පලොකිතං. ඵුස්ස ඵුස්ස වයං පස්සං, එවං තත්ථි විජානාති. වෙදනානං ඛයා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතොති.” නස්නා සැහැවි ඇති, බිඳෙන සුලු මේ හැම වේදයිතයෙක් ම දුක් කාරණා යැයි දැන, ස්පර්ශ කෙරෙමින් වය දක්නේ, මෙසේ ඒ වේදයිතය දුකයි දන්නේ ද, ඒ මහණ වේදනාවන්ගේ ක්ෂයයෙන් තෘෂ්ණා නැත්තේ පිරිනිවුණේ වේ යැයි.
එතකොට ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවෙදි සුඛ, දුක, හෝ අදුක්ඛමසුඛ වූ හැම වේදනාවක් ම දුකෙහි ඇතුළත් බව අපි ඉගෙන ගතිමු. අපි සුඛයි කියලා කිව්වොත් විපරිණාම දුක්ඛතා, දුකයි කියලා කිව්වොත් දුක්ඛ දුක්ඛතාවය. සුඛයකුත් දුක්ඛයකුත් නැති වේදනාව කියලා කීවොත් සංස්කාර දුක්ඛතාවය. කොපමණ ස්පර්ශ කළත්, එය එසේ ය. ඵුස්ස ඵුස්ස යන්න වැටහේ. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඵුස්ස ඵුස්ස කියන එක, having touched and touched them කියලා. සිංහලෙන් මේක දාලා තියෙන්නේ ස්පර්ශ කෙරෙමින් කියන එක විතරයි. කෙසේ ද?
09/07/2021 නිබ්බාන භාවනාවේ ධර්ම කාරණා සමඟ සම්බන්ධ විය. අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වෙයි. මෙයින් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. අපි ජාති සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වන්නේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ දෝමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇත්තේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. තණ්හාව මගින් එකතු කරන තුන් අගයෝ, එනම් වේදනා, සඤ්ඤා, නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය යන තුන් අගයෝ දුක ය.
ස්පර්ශ නිසා වේදනාව විය. වේදනාව නිසා තණ්හාව විය. තණ්හාව නිසා දුක විය. මෙසේ සමුදය දන්නේ, දක්නේ, එය පළවෙනි දැකීම ලෙස ද, ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවේදි හැම වේදනාව ම දුකේ ඇතුළත් බව වටහා ගැනීම, දෙවෙනි දැකීම ලෙස ද විමසන්නේ, ඵුස්ස ඵුස්ස යන්න වැටහේ. ඉතින් මෙතන මේ හැම වේදනාව ම කියන එක හරියට අර mathematics වල for all කියන අර්ථය.
වයං ඵස්සං, වය දකිමින්, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වන බව දැන, මෙය අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව නොවීම මගින් වන බව දැකීම, “එවං තත්ථි විජානාති, වෙදනානං ඛයා භික්ඛු.” මෙසේ ඒ වේදයිතය ද දුකයි දන්නේ ද, ඒ මහණ වේදනාවන්ගේ ක්ෂයයෙන් පිරිනිවුණේ යැයි යන්න වටහා ගත යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.