Date: 06/08/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සුත්ත නිපාතයේ, ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්.

“යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ඵස්ස පච්චයාති. අයමෙකානුපස්සනා, ඵස්සස්ස ත්වෙව අසෙස විරාග නිරොධො, නත්ථි දුක්ඛස්ස සම්භවොති, අයං දුතියානුපස්සනා.” යම්කිසි දුකෙක් උපදනේ නම්, ඒ හැම දුක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වෙයි යන මේ අනුපස්සනා එක. ස්පර්ශයාගේ ම අශේෂ විරාග නිරෝධය හේතුවෙන් දුක්ඛයාගේ සම්භවයක් නැත, යන මේ දෙවන අනුපස්සනා ය.

“තෙසං ඵස්සපරෙතානං, භවසොතානුසාරිනං, කුම්මග්ග පටිපන්නානං, ආරා සංයොජනක්ඛයො.” ස්පර්ශයෙන් මැඩී ගිය භවසොතස අනුව යන සුලු කුමගට පිළිපන් ඔවුනට සංයෝජනක්‍ෂය දුර වේ.

“යෙ ච ඵස්සං පරිඤ්ඤාය, අඤ්ඤායුපසමෙ රතා. තෙ චෙ ඵස්සාභිසමයා, නිච්ඡාතා පරිනිබ්බුතාති.” යම්කිසි කෙනෙක්, ස්පර්ශය පරිඤ්ඤා විසින් පිරිසිඳ දැන, කෙලෙස් සංසිඳුවීමෙහි ඇලුණාහු, ස්පර්ශාභිසමය හේතුයෙන් ඔහු ඒකාන්තයෙන් තෘෂ්ණා නැත්තේ පිරිනිවියේ ය. ඔය ස්පර්ශාභිසමය කියන එක ඵස්ස “ධන” අභිසමය කියන එකයි. එතකොට ඒ අභිසමය කියලා කියන්නේ breaking through කියන එකයි. එතකොට, ස්පර්ශාභිසමය කියන්නේ breaking through contact කියන එක.

එතකොට 30/07/2021 නිබ්බාන භාවනාව කරන්නේ, මෝහ පාරේ ගමන් කර, කෙනෙකුට මෝහ සල්ලයෙන් කැරකවීම සිහි කරන්න පුළුවන්. සංස්කාරයන් ඉස්මතු කරගන්නේ, ජාති සිට ජරා වන විට විඤ්ඤාණයේ සිට චේතනාව වීම සිහි කරන්නේ, කුමකට මෙසේ විඤ්ඤාණ සිට චේතනාව දක්වා ගමන් කරන්නේ ද යන්න විමසන්නේ, එය භවසොතස නිසා යැයි වැටහුණා. මෙය මනා කොට අවබෝධ කරගන්නේ නම්, ස්පර්ශාභිසමය වැටහෙයි.

repair භාවනාවේ අපි lightning sign එකේදි සෝකය ළඟ දී, දිට්ඨි දෙක සමාන නැති බවත්, සංකල්ප දෙක සමාන නැති බවත්, සංස්කාර දෙක සමාන නැති බවත්, දැනගනී. 4.3, වේදනා ජරා, 4.6, වේදනාවේ ව්‍යාධිය, 5.4, වේදනාව මළා, දෝමනස්ස ඇති වී ඇත. මෙහි දී පතිකුටති හැකිළෙයි, bends away, පසුබෑමක් විය යුතු නමුත්, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයෙන් දැන, ඒක සාකච්ඡා කරලා තියෙනවා, 05/08/2015 සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන භාවනාවෙදි. එතකොට සංස්කාර පච්චයෙන් විඤ්ඤාණයෙන් දැන, රූපය කරා දිට්ඨි අනුසය පාරේ, ගමන් කරනවිට, ස්පර්ශය ළඟ දී, පතිවත්තති අහක් වෙයි, pulls back, rolls away යන්න සිදු විය යුතු නමුත්, ඒ එසේ නොවන්නේ, කුමක් නිසා ද යන්න විමසුවා.

සඤ්ඤාව සුඛ යන ආදියෙන් මත් වීම නිසා යැයි වැටහුණා. එසේ වන්නේ ඵස්සපරෙතානං ස්පර්ශයෙන් මැඩී ගිය ස්වභාවය ඇති වෙයි. උදාහරණ වශයෙන් කන්‍යා කාන්තාවක් වැඩිහිටියන් එපා යැයි පවසා තිබුණත්, තරුණ පුරුෂයෙක් හා කාම ක්‍රියාවලියන් කරන්නේ, කාන්තාභාවය භවසොතස, දරුවන් බිහි කිරීම, ආදියේ කැමැත්ත යනාදියෙන් මත් වීම නිසා ස්පර්ශයෙන් මැඩී ගිය ස්වභාවය ඇති වෙයි.

අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වෙයි, යන්න මනා කොට අවබෝධ කරගන්නේ, න සම්‌පසාරියති. දිග නොහැරේ. Not drawn in ඇතුළට නොඇදේ යන්න සිදු වෙයි. මෙසේ ස්පර්ශාභිසමය breaking through contact යන්න වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Repair_bhavana/Repair_bhavana-02.jpg