ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්.
“රූපෙහි භික්ඛවෙ ආරුප්පා, සන්තතරාති, අයමෙකානුපස්සනා, ආරුප්පෙහි නිරොධො, සන්තතරොති, අයං දුතියානුපස්සනා.” රූප භව කෙරෙන් අරූප භවයෝ ශාන්තතර වෙති, යන මේ එක් අනුපස්සනා යෙක. අරූප භව කෙරෙන්, නිරෝධය ශාන්තතර වේ ය, යන මේ දෙවන අනුපස්සනා ය.
“යෙ ච රූපූපගා සත්තා, යෙ ච අරූපට්ඨායිනො, නිරොධං අප්පජානන්තා, ආගන්තාරො පුනබ්භවං.” 757 ගාථාව. රූප භවයට ගිය සත්වයෝ යම් කෙනෙක් වෙත් ද, යම් අරූප වාසී සත්වයෝ වෙත් ද, නිරෝධය නොදන්නා වූ පුනර්භවයට එන සුලු වෙත්.
“යෙ ච රූපෙ පරිඤ්ඤාය, අරූපෙසු අසණ්ඨිතා, නිරොධෙ යෙ විමුච්‌චන්‌ති, තො ජන මච්චු හායිනොති.” 758 ගාථාව. යම් කෙනෙක්, රූපයන් විශිෂ්ට ඥානයෙන් දැන, අරූපයෙහි නොපිහිටි යම් කෙනෙක් නිරෝධයෙහිදි මිදුණාහු ද, ඒ ජනයෝ මරණය අත්හැර යන්නේ ය.
මෙතන මේ සන්තතර කියලා කියන්නේ වඩා ශාන්ත වූ, more calm කියන එක. අප්පජානන්තා කියලා කියන්නේ, not knowing කියන එක. පජානාති කියන එකේ අනිත් පැත්ත. අසණ්ඨිතා කියලා කියන්නේ, න “ධන” සණ්ඨිත, ඒ කියන්නේ මනා සේ නොපිහිටි. මච්චු කියලා කියන්නේ මරණය.
එතකොට අපි දන්නවා, අපි අර නිත්‍ය සංකල්පය ඉදංසච්චයේ වැදිලා, බිඳිලා ගියා ම එතන අපි diagram එකක් සාකච්ඡා කළා, ඒකේ පථ තුනක්. එතකොට ඒකේ පළවෙනි වෙනි පථය, ඉදංසච්චාභිනිවෙස පරාමාස නිසා line 7 වීම ඇත. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින්, පරාමාස පරිදේව භය අගති. එය මගින් භය අගති වේදනා නාමරූප පරාමාස වීම පළමුව සිදු වෙයි. රූපය මෙත්තාවෙන් යුතුව ඉක්මවා, මෙත්තා සූත්‍රයේ භාවිතාවෙන් අරූප ධ්‍යානය දක්වා ගමන් කළ හැකි ය. එතකොට, මෙතැනදි පළවෙනි වෙනි ගාථාව රූපෙහි භික්ඛවෙ, ආරුප්පා සන්තතරාති යන්න මෙහි සිදු වෙනවා.
දෙවෙනි වෙනි පථය. අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ, රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා නාමරූප පරාමාස පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවැතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩ නංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. මෙය නොකිරීම විරාගය ලෙස ගත යුතුයි. ඉහත මෙත්තාව ඇත්තේ, විරාගයට අඩිතාලම දමා ඇත්තේ අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවීමට වග බලා ගත යුතු ය.
අරූප ධ්‍යාන නොපවතින බව දැන, එම චිත්ත සංස්කාරයෝ නැවත ගොඩ නැගීමට ඇති උත්සාහය අත් හැරිය යුතු ය. මෙය නොකළහොත් නැවත පුනර්භවය ඇති වන්නේ ය. මෙහි දී අරූප ධ්‍යාන චිත්ත සංස්කාරවලට අනතිමානී වීම වැදගත් ය. මෙහි දී දෙවෙනි ගාථා අර්ථය යෙදේ. “යෙ ච රූපූපගා සත්තා, යෙ ච අරූපට්ඨායිනො. නිරොධං අප්පජානන්තා, ආගන්තාරො පුනබ්භවං.”
ඊළඟට තුන් වෙනි පථය, භය අගති සෝක වේදනා රූප. මෙය දෙවෙනි පථයට අනතුරුව සිදු වේ. කාම ආශ්‍රවයට පැමිණීම, අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව යන දෙකෙන් ම සිදු වන අතර, මෙම මොහොතේ දී දිට්ඨි ආශ්‍රවය වැදගත් වේ. මෙය නොකිරීම නිරෝධය ලෙස ගත යුතු ය. මෙත්තා අප්‍රමාණය ඇත්තේ, ප්‍රඥා විමුක්තිය නොසැල් වී පවතින්නේ නිවන් දැකිය හැකි ය.
ප්‍රඥා විමුක්තිය ඇත්තේ, සඤ්ඤා අනිත්‍ය බව දන්නේ රූප කරා යෑමක් හෝ අරූප කරා යෑමක් හෝ නොවන්නේ, නිවන ශාන්ත බව දන්නේ දුකින් මිදේ. මෙහි දී තුන් වෙනි ගාථාව යෙදේ. “යෙ ච රූපෙ පරිඤ්ඤාය, අරූපෙසු අසණ්ඨිතා. නිරොධෙ යෙ විමුච්‌චන්‌ති, තො ජන මච්චු හායිනොති.”
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්