Date: 20/08/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්. සුත්ත නිපාතයේ පිටුව 228. “යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං සඞ්‌ඛාර පච්චයා, සඞ්‌ඛාරානං නිරොධෙන - නත්ථි දුක්ඛස්ස සම්භවොති.” 734 ගාථාව. යම්කිසි දුකක් උපදනේ නම්, ඒ හැම දුක් සංස්කාර ප්‍රත්‍යයෙන් වේ. සංස්කාරයන්ගේ නිරෝධ හේතුයෙන් දුක්ඛයාගේ සම්භවයක් නැත.

“එතං ආදීනවං ඤත්වා, දුක්ඛං සඞ්‌ඛාර පච්චයා. සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා, එවං දුක්ඛක්ඛයො හොති, එතං ඤත්වා යථාතථං.” 735 ගාථාව. සංස්කාර ප්‍රත්‍යයෙන් දුක වෙයි යන තෙල ආදීනව දැන, සර්ව සංස්කාරයන්ගේ සමථයෙන් ද, සඤ්ඤාදීන්ගේ උපරෝධනයෙන් ද, මෙය තත් වූ පරිද්දෙන් දැන, මෙසේ දුක් ක්ෂය වීම වේ.

“සම්මද්දසා වෙදගුනො, සම්‌මදඤ්‌ඤාය පණ්ඩිතා. අභිභුය්‍ය මාරසංයෝගං, නාගච්ඡන්ති පුනබ්භවන්ති.” 736 ගාථාව. වේදයට පත් නිවැරදිව දකින පණ්ඩිතයෝ, මනා කොට දැන මාර සංයෝගය මැඩ, පුනර්භවයට නොඑත්.

ඔය වෙදගුනො කියලා කියන්නේ, Masters of Knowledge කියන එකයි. ඕක තියෙනවා ඔය සුත්ත නිපාතයේ පිටුව 152. මේ සභිය කියන සූත්‍රයේ. බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා ම, බුදුහාමුදුරුවෝ පෙන්නනවා, මේ හැම වේ ද ශාස්ත්‍ර පිරිසිඳ දැන, සියලු වේදනාවන්ගේ වීත රාග වූයේ, ඒ හැම වේදනාවන් ඉක්මවා සිටී ද, ඒ පුද්ගලයා වෙදගු කියලා කියනවා.

ඒ වගේ ම පණ්ඩිතා කියන එක පෙන්නනවා, ප්‍රඥා ඇතියේ, පුණ්‍ය පාප ධර්මයන් ඉක්ම ගිය පුද්ගලයා තමයි ඒ පණ්ඩිතා කියලා කියන්නේ.

එතකොට මේ ආයතන 3 පිටුව 3 දී, අපි නිත්‍ය සඤ්ඤාවේ ඉපදීම විමසලා තියෙනවා. ඒකේ දන්නවා අර 3 වෙනි කෝටුව තියෙනවා, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට, අර සංස්කාරවලින් 3 වෙනි කෝටුවට උදව් උපකාර කරනවා කියලා අපි දන්නවා.

ඒ වගේ ම පිටුව 4 දි, අපි පටිඝානුසය මගින් ඇති කරන ලද සඤ්ඤාව ම රූපය එසවීමට ආධාර වී යැයි කියලා ඉගෙන ගත්තා. පටිඝානුසයෙන් තොරව සඤ්ඤා යැයි දෙයක් නැත. ඉතින් මෙතෙන්දි 09/07/2021 නිබ්බාන භාවනාව සමඟ සම්බන්ධ වුණා. අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වෙයි. මෙයින් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. අපි ජාති සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වන්නේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ දෝමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇත්තේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.

තණ්හාවෙන් ජරා, දුක්ඛ, දොමනස්ස යන තුන් අගයන් එකතු කරන්නේ ය, යන්න, අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤාව බව අපි දනිමු. එසේ නම් නැවතිය යුත්තේ ද, එම සඤ්ඤාව වේ. මෙය අවබෝධ කරගන්නේ, “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤානං උපරෝධනා.” යන්න වැටහේ. නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Ayatana3/s_Ayatana3-03.jpg


[image:https://anaalaya.blob.core.windows.net/bookimages/s_Ayatana3/s_Ayatana3-04.jpg