ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්. සුත්ත නිපාතයේ පිටුව 228. “යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආරම්භ පච්චයා. ආරම්භානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවොති.” 747 ගාථාව. යම්කිසි දුක්ඛයක් උපදනේ නම්, ඒ හැම දුක් ආරම්භ ප්‍රත්‍යයෙන් වේ. ආරම්භ ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් ඒ දුක්ඛයාගේ සම්භවයෙක් නැත.
“එතං ආදීනවං ඤත්වා, දුක්ඛං ආරම්භ පච්චයා. සබ්බාරම්භං පටිනිස්සජ්ජ, අනාරම්භවිමුත්තිනො.” 748 ගාථාව. ආරම්භ ප්‍රත්‍යයෙන් උපදනා තෙල දුක, ආදීනව යැයි දැන, හැම ආරම්භයන් හැර පියා, අනාරම්භයේ විමුක්ති වූ.
“උච්ඡින්නභවතණ්හස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො. වික්ඛීණො ජාති සංසාරා, නත්ථි තස්ස පුනබ්භවොති.” 749 ගාථාව. සිඳින ලද භව තෘෂ්ණා ඇති සන්සුන් සිත් ඇති ඒ මහණ හට, ඉපදීම නමැති සසර තරණය ඇත්තේ නැවත ඉපදීමක් නැත.
එතකොට අපි අභිනිවේස සටහනේ ආරම්භ. ඒ කියන්නේ plan කියන එක අපි ලකුණු කරලා තියෙනවා. අපි දන්නවා සුභ, සුඛ, අත්තා, එතැනින් plan එකට ආවා. එතැනින් අත්තවාද උපාදානය, එතකොට 2 වෙනි ගාථාවේ.
“එතං ආදීනවං ඤත්වා, දුක්ඛං ආරම්භ පච්චයා. සබ්බාරම්භං පටිනිස්සජ්ජ, අනාරම්භවිමුත්තිනො,” සබ්බාරම්භං පටිනිස්සජ්ජ යන්නට සිත යොමු වුණා.
ආරම්භයන් හැරපීම කෙසේ සිදු වන්නේ ද? මෙය කාය මෘදුත්වය කාය මුදුතා මගින් සිදු වෙනවා. ඒක ඔය කුසල ධම්ම 2 වෙනි කොටස 4 වෙනි පිටුවේ, කාය මෘදුත්වය පෙන්වා දීලා තියෙනවා. නැවතත් සිහි කළොත්, අපි දන්නවා රතු පාට arrows තුනක් තියෙනවා, සුඛ වේදනාවේ මරණය සහිත සඤ්ඤාව, එතැනින්, මනොසඤ්‌චෙතනා ආහාරය. වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනා ආහාරයට arrow එකක් තියෙනවා, පරාමාසකායගන්ථය ඉඳන් මනොසඤ්‌චෙතනාවට අත්තා කියලා ලකුණු කරපු රේඛාවක් තියෙනවා.
ඉතින් ඒකේ සඳහන් වෙනවා, මේ වටහා ගැනීම රතු පාටින් දක්වා ඇති රේඛා තුන විමසිය යුතුයි. පරාමාසයේ සිට චේතනාව දක්වා ලකුණු කර ඇති රේඛාව, පෙර සීලබ්බත උපාදානයේ ප්‍රතිඵලයක් බව සලකන්න. මෙම තුන් ධර්මයන් නිසාවත් අලුත් සංස්කාර කළ නොහැකි බව චේතනාව මගින් ම, දැනගනී. එය අනෙක් ධර්මයන් ඇසුරෙන් අලුත් පැවැත්මක් නොසාදන්නේ නම්, එම චේතනාව ම කාය මෘදුත්වය බවට පත් වන්නේ ය.
අනාරම්භවිමුත්තිනො යන්න කෙසේ සිදු වන්නේ ද? මෙය චිත්තපාගුඤ්ඤතාවය මගින් සිදු වෙයි. අත්තවාද උපාදානය ඇති වීම, කුසල ධම්ම 5 වෙනි කොටස 3 වෙනි පිටුවේ π සටහන මගින් පෙන්වා දීලා තියෙනවා. එතකොට ඒකේ අපි දන්නවා, පරාමාස ඉඳන් ජීවිත ඉන්ද්‍රියට i, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය හටගැනීම, අභිජ්ඣා. Ii, ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට. කාමයන්ගේ තියුණු රාග කාමෙසු තිබ්බසාරාගා. මනොසඤ්‌චෙතනාව ඉඳන් විඤ්ඤාණයට iii, කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට ඒ ඇති වෙන පිළිවෙළ i, ii, සහ iii මගින් දක්වා තියෙනවා. අත්තවාද උපාදාන වූයේ තවදුරටත් කැරකවීමට ආස්වාදය පවතී. සංසාරයේ ඉක්මවා නොයන්නේ ය.
ඉතින් ඒකේ diagram එකක් තියෙනවා, ඕගොල්ලෝ දන්නවා, දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි සල්ලයට arrow එක 3යි කියලා ලකුණු කරලා තියෙනවා. එතනින්, සඤ්ඤාව, සඤ්ඤාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට 4, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් අත්තාට 5, කියලා දාල තියෙනවා. අත්තා ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට 6යි කියලා ලකුණු කරලා තියෙනවා.
අවිද්‍යා ආශ්‍රවය ඇති වෙන 6 වෙනි ඊතලය දක්වා, 3 වෙනි ඊතලයේ සිට ලකුණු කර ඇති ධර්ම, ක්‍රියා ආරම්භ කිරීම මානය විසින් කරනු ලබනවා. චේතනා සිට විඤ්ඤාණය දක්වා යම් ගිනි පුපුරක්, spark වීමක්, වන්නේ ද, එය සංසාරය ඉක්මවා නොයෑමට ප්‍රමාණවත් වෙනවා. එය ඉවත් විය යුතුයි. ඒ සඳහා අහංකාරය සහ මමංකාරය ඉවත් විය යුතුයි. පරාමාස වී ඇති නිත්‍ය යන අදහස ඉවත් වී සෝක නොවන්නේ නම් චිත්තපාගුඤ්ඤතාවය ඇති වේ.
උච්ඡින්නභවතණ්හස්ස යන්න කෙසේ සිදු වන්නේ ද? මෙය අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවීම මගින් සිදු වෙයි. ඉහත චිත්තපාගුඤ්ඤතාවය සහිත වූ කාය මෘදුත්වය පවතී නම්, අවිද්‍යා ආශ්‍රවයට ඉඩ නොලැබෙයි. නිර්වාණය සාක්ෂාත් කරයි.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් මේකට තව ටිකක් කියනවා නම්, කායමුදුතාව මගින් චේතනාවෙන් එහා පැත්තට යෑම නැවතිය යුතු වුවත්, කාමරාග අනුසය මගින් එය වෙනස් කරන බව වටහා ගත යුතුයි. එසේ ම චිත්තපාගුඤ්ඤතාවය මගින් අනාරම්භ විමුක්තිය ඇති වුවත්, අත්තා අහං සහ මමං, යන්න නිසා පෙර මෙම භවවල සිටියා යන්න නිසා, එය පරාවර්තනය වී සෝක වීම වැළකිය යුතුයි.
ඒක අපි දන්නවා ඔය පරාමාස, පරිදේව රේඛාව අත්තා හරහා පරාවර්තනය වෙලා සෝකයට එන්නේ. මෙසේ අහිංකාර, මමිංකාර, මාන ඇත්තේ විධා 6 වෙනි ඊතලය දක්වා මානය විසින් මෙහෙය වන්නේ, අවිද්‍යා ආශ්‍රව ඇති වන්නේ නම් නිර්වාණය නොවේ. එය ඉවත් විය යුතුයි. උච්ඡින්නභවතණ්හස්ස වන්නේ, මෙසේ නොවන්නේ නම් ය. එනම් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නොවීම.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්