Date: 03/09/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්. සුත්ත නිපාතයේ පිටුව 228. “යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආහාර පච්චයා. ආහාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවොති.” 750 ගාථාව. යම්කිසි දුක්ඛයක් සම්භූත වේ නම්, ඒ හැම ආහාර ප්‍රත්‍යයෙන් වේ. ආහාරයන්ගේ නිරෝධයෙන් ඒ දුක්ඛයාගේ සම්භවයෙක් නැත.

“එතං ආදීනවං ඤත්වා, දුක්ඛං ආහාර පච්චයා. සබ්බාහාරං පරිඤ්ඤාය, සබ්බාහාරමනිස්සිතො.” 751 ගාථාව. ආහාර ප්‍රත්‍යයෙන් දුක්ඛය වේ යන තෙල කරුණ, ආදීනවය දැන, හැම ආහාරය ම පිරිසිඳ දැන සර්ව ආහාර තෘෂ්ණාව විසින් ඇසුරු නොකළේ වෙයි.

“ආරොග්‍යං සම්‌මදඤ්‌ඤාය, ආසවානං පරික්ඛයා. සඞ්‌ඛාය සෙවි ධම්මට්ඨො, සඞ්ඛං නොපෙති වෙදගුති.” 752 ගාථාව. ආරෝග්‍ය මනා කොට දැන, ආශ්‍රවයන් ක්ෂය වීමෙන්, ප්‍රත්‍යාවේක්ෂ කොට ධර්මයේ පිහිටි, වෙදදත් තැනැත්තේ, දෙවියා ය, මනුෂ්‍යයා යැයි ගණනට නොවැටේ.

“සබ්බාහාරං පරිඤ්ඤාය,” හැම ආහාරය පිරිසිඳ දැන, යන ධර්ම කාරණාවට සිත යොමු කළා. කබලිංකාර ආහාර පාරේ ගමන් කර ඡන්දයෙන් අගතියට යන අතර එහි ප්‍රතිඵලය වන්නේ ජාති, දුක්ඛ, උපායාස. ස්පර්ශ ආහාර පාරේ ගමන් කර ද්වේෂයෙන් අගතියට යන අතර එහි ප්‍රතිඵලය වන්නේ ජරා, දෝමනස්ස, පියෙහි විප්පයොගය. මනොසඤ්‌චෙතනා ආහාර පාරේ ගමන් කර භයෙන් අගතියට යන අතර එහි ප්‍රතිඵලය වන්නේ ව්‍යාධිය, සෝකය, අප්පියෙහි සම්පයොගය. විඤ්ඤාණ ආහාර පාරේ ගමන් කර මෝහයෙන් අගතියට යන අතර එහි ප්‍රතිඵලය වන්නේ මරණය, පරිදේවය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. මෙසේ පිරිසිඳ දැනගනී.

“සබ්බාහාරමනිස්සිතො සර්ව ආහාර තෘෂ්ණාව විසින් ඇසුරු නොකළේ වෙයි,” යන ධර්ම කාරණාවට සිත යොමු කළා. මෙහි දී මෝහ ගලේ වැදී කුඩු වී, අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන තණ්හා සංස්කාරය සිහි කළා. තණ්හාව ඉවත් කිරීමට සංස්කාර ඉවත් කළ යුතු ය. ඉතින් මෙතන diagram එකක් එනවා.

Health.jpg

අර මෝහ ගලේ වැදිලා, කාමරාග අනුසය රේඛාව දිගේ, අපි දන්නවා, එතන ඒ සඤ්ඤාවෙන් ඉඳන් තණ්හාව. එතන අපි ලකුණු කරනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන තණ්හා සංස්කාරය.

එතකොට. ඊළඟට වේදනාවේ ඉඳන් තණ්හාවට arrow එකක් දාලා, අපි ඒකේ ලකුණු කරගන්නවා, තණ්හාවෙන් ජරා, දුක්ඛ, දෝමනස්ස යන තුන් අගයන් එකතු කරන්නේ ය යන්න “අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤාව.” එතකොට “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා,” සිහි විය. මෙය භාවිතා කර තණ්හාව ඉවත් කිරීම.

“ආරොග්‍යං සම්‌මදඤ්‌ඤාය,” ආරෝග්‍ය මනා කොට දැන, යන ධර්ම කාරණාවලට සිත යොමු කළා. චේතනා නොකිරීම, අත්තා කර නොගැනීම මගින් නිරෝගී වන බව දැන මෙයයි සඞ්‌ඛාය. ප්‍රත්‍යාවේක්ෂ කොට කියන්නේ using with reflection, ආශ්‍රවයන් ක්ෂය කිරීම.

“සෙවිධම්මට්ඨො,” ධර්මයේ පිහිටි, විඤ්ඤාණස්ථිතිය නැතිව එනම් විඤ්ඤාණය රූපයේ එළඹ නොසිට, වේදනාවේ එළඹ නොසිට, සඤ්ඤාවේ එළඹ නොසිට, සංස්කාරයන්ගේ එළඹ නොසිට ධර්මයේ පිහිටා, අගති ගමන් නොයන්නේ, වෙද දත් තැනැත්තේ දෙවියායි මනුස්සයායි ගණනට නොවැටෙයි.

ඉතින් මෙතන අර චේතනා නොකිරීම, එතන කියපු එකේ, ප්‍රත්‍යාවේක්ෂ කොට ආශ්‍රවයන් ක්ෂය කිරීම, ආශ්‍රවයන් ක්ෂය කරන කෙනාට මෙසේ පෙනෙන්නේ ය. මෙසේ පෙනෙන කෙනා ආශ්‍රවයන් ක්ෂය කරන්නේ ය.

ඒක තමයි මං කරපු භාවනාව.