ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්. සුත්ත නිපාතයේ පිටුව 224. “ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයොති, අයමෙකානුපස්සනා. අයං දුක්ඛ නිරොධො, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති. අයං දුතියානුපස්සනා.” මේ දුක ය, මේ දුක්ඛ සමුදය ය යන මේ එක් අනුපස්සනායක. මේ දුක්ඛ නිරෝධය ය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය, යන මේ දෙවන අනුපස්සනාය.
“යෙ දුක්ඛං න පජානන්ති, අථො දුක්ඛස්ස සම්භවං. යත්ථ ච සබ්බසො දුක්ඛං, අසෙසං උපරුජ්ඣති. තඤ්ච මග්ගං න ජානන්ති, දුක්ඛුපසමගාමිනං.” 727 ගාථාව.
යම් කෙනෙක් දුක්ඛය නොදනිත් ද, ඒ දුක්ඛයාගේ සම්භවය නොදනිත් ද, සර්වප්‍රකාරයෙන් නිරවශේෂ කොට දුක්ඛ නිරෝධය වේ නම් එය ද, දුක්ඛ වූපසමයට, ඒ කියන්නේ දුක් සංසිඳීමට යන මාර්ගය ද නොදනිත් ද,
“චෙතො විමුක්තිහීනා, තෙ අථො පඤ්ඤාවිමුත්තියා. අභබ්බා තෙ අන්තකිරියාය, තෙ චෙ ජාති ජරා උපගා.” 728 ගාථාව. චෙතො විමුක්තියෙන් පිරිහුණු, වැලි ප්‍රඥා විමුක්තියෙනු දු හීන වූ ඔහු දුක් කෙළවර කිරීමට අභව්‍ය වෙති. ඒකාන්තයෙන් ඔහු ජාතියට හා ජරාවට පැමිණීයාහු ය.
“යෙ ච දුක්ඛං පජානන්ති, අථො දුක්ඛස්ස සම්භවං. යත්ථ ච සබ්බසො දුක්ඛං, අසෙසං උපරුජ්ඣති. තඤ්ච මග්ගං පජානන්ති, දුක්ඛුපසමගාමිනං.” 729 ගාථාව. යම් කෙනෙකුන් දුක්ඛය තත් වූ පරිදි දනිත් ද, වැලි ඒ දුක්ඛයාගේ සමුදයත් දනිත් ද, සර්වප්‍රකාරයෙන් අශේෂ කොට දුක්ඛය නිරෝධයට යේ නම් එය ද, දුක්ඛුපසමයට යන ඒ මාර්ගය ද, තත් වූ පරිදි දනී ද,
“චෙතො විමුත්ති සම්පන්නා, අථො පඤ්ඤා විමුත්තියා. භබ්බා මග්ගං අන්තකිරියාය, න තෙ ජාති ජරා උපගාති.” 730 ගාථාව. චෙතො විමුක්තියෙන් සමන්නාගත වූ ද, වැලි ප්‍රඥා විමුක්තියෙන් සමන්නාගත වූ ද, ඔහු දුක්ඛය කෙළවර කරනු සඳහා භව්‍ය වෙති. ඔහු ඒකාන්තයෙන් ජාති, ජරාවට නොයන්නාහු වෙති.
එතකොට 20/08/2021 නිබ්බාන භාවනාවෙදි ඉගෙන ගත්ත කරුණුවලට සිත යොමු වුණා. අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වෙයි. මෙයින් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. අපි ජාතියේ සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වන්නේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ, දෝමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇත්තේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.
තණ්හාවෙන් ජරා, දුක්ඛ, දොමනස්ස යන තුන් අගයන් එකතු කරන්නේ යන්න, අනිත්‍යයේ දුක්ඛ සඤ්ඤාව බව අපි දනිමු. එසේ නම් නැවතිය යුත්තේ ද එම සඤ්ඤාව වෙයි. මෙය අවබෝධ කරගන්නේ, සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා යන්න වැටහේ. නිර්වාණය සාක්ෂාත් කර ගනී, යනුවෙන් ඉගෙන ගත්තා.
ඒ කියන්නේ, අපි A කියලා කිව්වොත්, මෝහ ගලේ වැදී කුඩු වී අවිද්‍යා ප්‍රත්‍යයෙන් තණ්හාව නමැති සංස්කාරයෝ උපදවයි යන්නත්, B කියලා කීවොත් තණ්හාවෙන් ජරා, දුක්ඛ, දෝමනස්සය යන තුන් අගයන් එකතු කරන්නේ ය යන්නත්, අනිත්‍යයේ දුක්ඛ සඤ්ඤාව යැයි දැන A සහ B දෙක ම නතර කිරීම චෙතො විමුක්තිය ලෙස ගත යුතුයි.
Repair භාවනාවේදි ඉගෙන ගත්ත කරුණකට සිත යොමු විය. මෝහ ගලේ වැදී කුඩු වී පැමිණ, සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, නාමරූප ළඟ දී පතිලීයති විය යුතු වුවත්, එසේ නොවී චේතනා කර අත්තා කරගන්නේ, කුමක් නිසා ද යන්න විමසන්නේ, ඒ අත්තානු දිට්ඨියේ බලපෑම නිසා යන්න වැටහුණා. ඉතින් මෙතෙන්ට අපි diagram එකක් දෙනවා.
අත්තානුදිට්ඨිය ලකුණු කරලා තියෙනවා, විඤ්ඤාණ ආහාරයේ ඉඳන් මෝහ අගතියට.
එතකොට පහළින් සංස්කාරවලින්, කාමරාග අනුසය හරහා ඒ සඤ්ඤාව සුඛයි කියලා එන්නා වූ රේඛාව තියෙනවා. එතකොට තණ්හාව ලකුණු කරලා තියෙනවා අර නාමරූප තියෙන තැන. එතකොට වේදනාවෙන් ඒ තණ්හාවට arrow එකක් තියෙනවා. සඤ්ඤාවෙන් තණ්හාවට arrow එකක් තියෙනවා.
ඒ වගේ ම මේ diagram එකේ ලකුණු කරලා තියෙනවා, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් පහළට arrow එකක් ඇඳලා ඒකට 1. අත්තා කියලා දාලා තියෙනවා. එතන රැල්ලක් ඇඳලා තියෙනවා, ඒක ටිකක් ලොකු වට ඇඳලා තියෙනවා, විඤ්ඤාණය පැත්තෙන් ඒ මනොසඤ්‌චෙතනාව පැත්තට එන. ඒක තමයි “විඤ්ඤාණ පච්චයෙන් නාමරූප” යන රැල්ල, දකුණේ සිට වමට නාමරූප, ජීවිත ඉන්ද්‍රිය රේඛාවට උඩින් එනවා.
ඊළඟට පහළින් එනවා තව රැල්ලක්. ඒක අරකට වඩා කුඩා රැල්ලක්, නාමරූප පැත්තෙන් ඒ විඤ්ඤාණයට යන එක. එතකොට “නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය” යන රැල්ල, වමේ සිට දකුණට නාමරූප ජීවිත ඉන්ද්‍රිය රේඛාවට පහළින් ගමන් කරනවා. ඒකෙන් අත්තා කියලා ලකුණු කරලා තියෙනවා, උඩු අතට පරාමාසකායගන්ථයේ ඉඳලා චේතනාව පැත්තට. ඒක 2. අත්තා ලකුණු කරලා තියෙනවා.
අත්තානු දිට්ඨියේ බලපෑම සහිතව මෙම ධර්මතා දෙක එකතු වන්නේ, පරාමාස සිට චේතනා දක්වා අත්තා යන්න නාමරූප ප්‍රත්‍යයෙන් වන අතර, චේතනා ඉඳන් පරාමාස දක්වා අත්තා යන්න විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් සිදු වෙයි. මෙහි යම් එකමුතුවක් වේ ද, එය වැළැක්වීම ප්‍රඥා විමුක්තියෙන් සිදු වේ. මෙසේ අවබෝධ කරගන්නේ, ඔහු දුක්ඛය කෙළවර කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.