Date: 24/09/2021 Name: Repair bhavana 2

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

Lightning sign for repairing, කය repair කරන diagram එකක් අපි කළින් දුන්නා. එතකොට මේ භාවනාවත් සම්පූර්ණයෙන් diagram එකක් එක්ක ම type කරලා දෙනවා. කය repair කරන පථය රතු රේඛාවලින් දැක්වෙනවා.

ඒ කළින් දීපු diagram එකට එකතු කරලා තියෙනවා “විඤ්ඤාණ පච්චයෙන් නාමරූප” යන රැල්ල, දකුණේ සිට වමට. ඒක මගින් පළවන අත්තා. ඊළඟට “නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය” යන රැල්ල, වමේ සිට දකුණට. ඒක මගින් දෙක අත්තා, යන කාරණා. තව කාරණා ලකුණු කරලා තියෙනවා, පතිලීයති, පතිකුටති, පතිවත්තති කියලා.

පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසනවා. සංස්කාර පරිදේව වන්නේ නම්, කෙසේ සඤ්ඤාව සුඛ වන්නේ ද? අසනීප සෑදී ඇත. ආකිඤ්චඤ්ඤායතන වැනි තලයන්ගෙන් මැරී වැටී ඇත්තේ ය. සඤ්ඤාව සුඛ යන්න මුසාවකි. සුභයට නිත්‍ය එකතු කර සුඛ යැයි කීවේ ය. “යථා පුරෙ තථා පච්ඡා,” යන සඤ්ඤාව නසන ලද්දේ ය. කුමක් නිසා ද?

පෙර සුභ පසුව සුඛ යැයි කීම නිසා ය. පෙර මෙන් ම පසු නොවේ. මෙහි විඤ්ඤාණස්ථිතියක් නොවිය යුතුයි. මෝහය දක්වා පැමිණ, මෝහය දක්වා පැමිණි සුඛ යන අර්ථය, එහි උග්‍ර වන්නේ තීව්‍ර වන්නේ, සංස්කාරයන් මගින් උදව් කරන්නේ, මෝහය ම වැඩි වේ.

“යථා පච්ඡා තථා පුරෙ,” පසු කියන්නේ වැඩි වූ මෝහය යම් සේ නම්, පෙරත්. එතකොට ඒ diagram එකේ ලකුණු කරලා තියෙනවා, නිත්‍ය කියලා සඤ්ඤාවක්. A කියලා. එසේ ය යන සඤ්ඤාව වනසයි. කාමරාග අනුසය හරහා සඤ්ඤාව සුඛ යැයි පවසනවා. මෝහ ගලේ වැදී කුඩු වී පැමිණ ඇති නිසා, නාමරූප ලකුණු කර ඇති තැන දී, පතිලීයති shrinking away, වකුටු වේ, සිත නොඇලේ යන්න සිදු විය යුතු නමුත්, එසේ නොවේ. චේතනා කර අත්තා කරගන්නේ, අත්තානු දිට්ඨියේ බලපෑම නිසා ය.

“විඤ්ඤාණ පච්චයෙන් නාමරූප” යන රැල්ල, විශාල නිසා, එම ධාරාවට අසු වී, සුඛය තමා අත්තා කරගෙන සෝකයට පත් වූයේ ය. මෙහි දී දිට්ඨි දෙක සමාන නැති බවත්, සංකල්ප දෙක සමාන නැති බවත්, සංස්කාර දෙක සමාන නැති බවත් දැනගනී. 4.3 වේදනා ජරා, 4.6 වේදනාවේ ව්‍යාධිය ඇති වී ඇත. තව ඉදිරියට ගියහොත්, 5.3 සඤ්ඤාවේ ජරා, 5.4 සුඛ වේදනාවේ මරණය, දෝමනස්ස ඇති වේ. මේ නිසා පතිකුටති, හැකිළේ. Bends away. පසුබෑමක් විය යුතු නමුත්, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයෙන් දැන, රූපය කරා දිට්ඨි අනුසය පාරේ ගමන් කර රූපයට සුඛ යැයි පවසයි.

මෙම ගමනේදි ස්පර්ශය ළඟ දී “පතිවත්තති.” අහක් වෙයි. Pulls back, rolls away යන්න සිදු විය යුතු නමුත් එය එසේ නොවෙයි. සඤ්ඤාව සුඛ යන ආදියෙන් මත් වී ඇත්තේ ය, එසේ වන්නේ, “ඵස්සපරෙතානං,” ස්පර්ශයෙන් මැඩ ගිය ස්වභාවය ඇති වෙයි. මෙහි දී, “තෙසං ඵස්සපරෙතානං, භවසොතානුසාරිනං. කුම්මග්ග පටිපන්නානං, ආරා සංයොජනක්ඛයා.” යන ගාථාව සිහි කළ යුතුයි.

ස්පර්ශයෙන් මැඩී ගිය, භවසොතස අනුව යන සුලු, කුමගට පිළිපන් ඔවුනට සංයෝජනක්‍ෂය දුර වේ. මෙසේ කුමගට පිළිපන් ඔහු රූපයට සුඛ යැයි පවසයි. රූපයක සුඛයක් කොයින් ද, සුභයක්වත් නැතිකොට? විඤ්ඤාණය නොමඟ යවන ලදී. ඉතින් මෙතනට එනවා, කලින් අපි පෙන්නුවා අර විඤ්ඤාණයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට, පදුට්ඨමනසඞ්කප්ප අගයෝ කියලා. විහිංසා සඤ්ඤාව ලකුණු කරපු රේඛාවේ අනිත් පැත්තට ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට, නිත්‍ය දිට්ඨි.

එක පිරිසිදු විඤ්ඤාණය, අහෝ ජීවිත ඉන්ද්‍රිය. මෙහි දී ජීවිත ඉන්ද්‍රියේ ඇති අසරණ ස්වභාවය මෙනෙහි කළ යුතුයි. සංස්කාර පරිදේව වන්නේ නම් නිත්‍ය දිට්ඨි, පදුට්ඨමනසඞ්කප්ප අගයෝ මගින් ජීවිත ඉන්ද්‍රියේ පැවැත්මක් නැත. පරාමාසකායගන්ථය තුළ දුක ඇත. සෝකය තුළ මිසදිටු බව ඇත. ජරාව දුක ය.

අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වෙයි. මෙයින් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. පෙර මෝහය, ද්වේෂ සහිතව ජීවත් වීම, ආකාසානඤ්චායතන සඤ්ඤාව මගේ යැයි ගැනීම, පාණාතිපාතය. හතර වෙනි ධ්‍යානය මරාගෙන පස් වෙනි ධ්‍යානයට යෑම, යන්න සිහි වේ.

අපි ජාතියේ සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වන්නේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.

අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ, දෝමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇත්තේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.

තණ්හාවෙන් ජරා, දුක්ඛ, දොමනස්ස යන තුන් අගයන් එකතු කරන්නේ ය. දුක එකතු කරන්නේ, දුක ම ඇති වෙයි. මෙසේ වටහා ගන්නේ නම්, ජරාව ළඟ දී “න සම්‌පසාරියති.” දිග නොහැරේ, not drawn in, ඇතුළට නොඇදේ යන්න සිදු විය යුතුයි. එනමුදු “භවසොතස,” stream of existence ඇත්තේ, ජරා, ගිද්ධිලෝභ, රූප යන්න සිදු වෙයි. මෙසේ මනා වැටහීම් ඇත්තේ, ඉද්ධි බල පවතී. පිරිසිදු විඤ්ඤාණය, රූපය ජරා වී ඇත. එය repair කරන්නයි අණ කර පවසයි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Repair_bhavana2/Repair_bhavana2-02.jpg


Repair_bhavana2/Repair_bhavana2-03.jpg


Repair_bhavana2/Repair_bhavana2-04.jpg


Repair_bhavana2/Repair_bhavana2-05.jpg