ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, රාගය, නන්දිය, තණ්හාව, උපය, උපාදාන, චෙතසො අධිට්ඨාන, අභිනිවේස, අනුසය. එහි ඇලුණේ, විශේෂයෙන් ඇලුණේ සත්වයායි කියනු ලැබේ.
19/03/2021 නිබ්බාන භාවනාව මෙන් අනුසය ධර්මයන්ට ඇලීම සිහි කළා. විචිකිච්ඡා අනුසය සිහි කළා. විචිකිච්ඡා අනුසය මගින් සක්කාය දිට්ඨිය සනාථ කරන කල්හි විචිකිච්ඡා අනුසයට ඇලේ. මෙහි දී උදාහරණ වශයෙන්, scientist කෙනෙක් තම දිට්ඨිය සනාථ කිරීමට ගන්නා වූ hypothesis එක ගත හැකි ය. තමාට යමක් නිවැරදි යැයි හැඟුණ අදහස, ඔහුගේ දිට්ඨිය විය. එය අන් අයට ඔප්පු කර පෙන්වීමට යොදා ගන්නා hypothesis එක, සැකය වන්නේ ය. මෙසේ විචිකිච්ඡා අනුසය භාවිතා කර දිට්ඨිය සනාථ කරයි. රෝගී සඤ්ඤාව මිද්ධ සහගත ය. එම රෝගී සඤ්ඤාව භාවිතා කරයි. ථීනමිද්ධය මගින් විචිකිච්ඡා ඇති වෙයි, යනුවෙන් එහි ඉගෙන ගත්තා.
ඉතින් මෙතැනට diagram එකක් එනවා. අපි ඒක දෙනවා.
අපි කළින් බැලුවා diagram එකක් “විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප.” එතන අර පළවෙනි රැල්ල ඒකෙන් 1. අත්තා කියලා එනවා. ඊළඟට “නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය” එතකොට දෙවෙනි රැල්ල අර 2. අත්තා කියලා එනවා. ඒ diagram එකේ ම අපි ලකුණු කරනවා, ථීනමිද්ධය, කුක්කුච්චය, විචිකිච්ඡාව. එතකොට විචිකිච්ඡා අනුසය ඒකේ ලියලා තියෙනවා. විචිකිච්ඡා අනුසය දොර පොල්ලේ ලකුණු කරන බව අපි දනිමු. ඉතින් මේකේ දොර පොල්ල ලකුණු කරලා නෑ. ථීනමිද්ධය මගින් විචිකිච්ඡාව ඇති වන්නේ, ථීනමිද්ධය ඉවත් කළ යුතු ය. එසේ නොවුවහොත් ඉහත 1. සහ 2. අත්තා යා කර මාට්ටු කර සාදා ගත් දිට්ඨිය ම, විචිකිච්ඡා අනුසය මගින් ස්ථිර කරනු ලබයි.
ආලෝක සඤ්ඤාව භාවිතා කර ථීනමිද්ධය ඉවත් කළ යුතු ය. මේ සඳහා විමංසා ඉද්ධිපාදය භාවිතා කළ යුතු ය. ඒ සමඟ විමංසා ඉද්ධිපාද slide 8 වලට සිත යොමු වුණා.
එතන ඕගොල්ලෝ දන්නවා අර 4 සලකුණ ලකුණු කරලා තියෙනවා. දකුණු පැත්තේ ව්‍යාධියට යටින් විරිය සමාධිය කියලා ලියලා තියෙනවා. එතන අපි දන්නවා ඉතා සැඟවුණු ඡන්දය, අතිලීනො ඡන්දො. රූප ස්පර්ශ වීමෙන් කුසීත වන බව දැන, කොසජ්ජය දැන, විරිය භාවිතා කළ යුතු ය. පෙර සඤ්ඤා යම් සේ නම් පසුත් එසේ ය. පසු සඤ්ඤා යම් සේ නම්, පෙරත් එසේ ය. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට යමක් එකතු නොකළ යුතුයි.
ඊළඟට වම් පැත්තේ ඉන්ද්‍රිය අසංවරය, ඒක යටින් ඡන්ද සමාධිය ලකුණු කරලා තියෙනවා. ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්දය. අතිපග්ගහිතො ඡන්දො. එතන උද්ධච්චයෙන් දෝමනස්සය. ඊට පස්සේ මානයෙන් අශ්‍රද්ධාව. රෝගී සඤ්ඤාව නිසා ඇති වන ප්‍රතිඵලයට අභිජ්ඣා නොවීම සඳහා ඡන්ද සමාධිය භාවිතා කර ඉන්ද්‍රිය සංවර කරගත යුතු ය. එතකොට එතන අපි යථා අධො තථා උධං, යථා උධං තථා අධො. පාද තලයෙන් උඩ කෙස් මතුයේ නන් වැදෑරුම් අසූචියෙන් පිරුණු මේ කය ම ප්‍රත්‍යාවේක්ෂ කරයි.
ඊළඟට තුන් වෙනුව, ද්වේෂ අගතියට පහළින් චිත්ත සමාධිය, එතන අජ්ඣත්තං සංඛිත්‌තො ඡන්දො. ඇතුළත හැකුළුණු ඡන්දය. රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් සිදු වූයේ ය. චිත්ත සංස්කාර මගේ නොවීමට චිත්ත සමාධිය භාවිතා කරන්න. එතන යථා දිවා තථා රාත්‍රී, යථා රාත්‍රී තථා දිවා විහරති. දහවල් යම් බඳු නම් රැයත් එසේ ය. රැය යම් බඳු නම් දහවලුත් එසේ වෙසේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේ දී ම පටිච්චසමුප්පන්නව සිදු වන බව දත යුතු ය. ඊළඟට උඩ ඊර්ෂ්‍යාවට පල්ලෙහායින් විමංසා සමාධිය. එතකොට පිටත විසිරුණු ඡන්දය. බහිද්ධා වික්ඛිත්තො ඡන්දො. නිවනින් පිට නිසා බහිද්ධා. සංස්කාරවල අස්මිති මාන ඇත. සම්මා සමාධියේ සංස්කාර ඇත.
චිත්ත සංස්කාර මගේ යැයි නොගැනීමට විමංසා සමාධිය භාවිතා කරන්න. ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති, දිවා සඤ්ඤා සුව දිට්ඨිතා. ආලෝක සඤ්ඤාව මැනවින් ගන්නා ලද්දේ ය. දිවා සඤ්ඤාව මැනවින් තබන ලද්දේ ය. ථීනමිද්ධ නොවීමට ආලෝක සඤ්ඤාව භාවිතා කරන්න. විචිකිච්ඡාවේ සමුදය දැන, නිවනින් පිටත වූ දෙයක් මගේ යැයි නොගනී.
තුන් වෙනි කාරණයට සිත යොමු වුණා. මෙම දිට්ඨිය පටිච්චසමුප්පන්නව ඇති වෙයි. ඇතුළත හැකුළුණු ඡන්දය. තමාගේ සක්කාය දිට්ඨිය නිසා, අජ්ඣත්තං. එතකොට සුඛයි කියලා පරාමාසගත වෙනවා, වම් පැත්තෙන්. සංස්කාර නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. මෙය මනා කොට විමසා හතර වෙනි කාරණයේදි විමංසාව මනා කොට පවත්වන්නේ නම්, නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
තව ද 1. සහ 2. අත්තා මගින් මාට්ටු කර සාදා ගත් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා අනුසය මගින් ස්ථිර කිරීම් සිහි කරන්නේ, සීලබ්බත පරාමාසය හොඳින් වැටහේ. යම් දහමක් මගින් 2. අත්තා සාදන රැල්ල, වමේ සිට දකුණට ගමන් කරන්නේ, එය 1. අත්තා සාදන රැල්ලට මුසු වන්නේ, සීලබ්බත උපාදානය ක්‍රියාත්මක වෙයි. පදුට්ඨමනසඞ්කප්පය, දකුණු දිසාවේ සිට පරාමාසගත වීම මෙහි දී සිදු වන්නේ ය. මෙය elastic පටියක් දෙපැත්තට ඇදී තිබී එකතු වීම මෙන් සීලබ්බත පරාමාස වන්නේ ය. එනම් නිත්‍ය සංකල්පය එකතු විණ. දැන් දොර පොල්ල හොඳින් වැටහේ.
ඒක තමයි මං කරපු භාවනාව.